The title of the page
Beast 2022 Sinhala Subtitle
Beast 2022 Sinhala Subtitle
5.7
68
82

Beast (2022) Sinhala Subtitle | “වියරු වූ වන මෘගයා” | සිංහල උපසිරැසි සමඟ

(Beast (2022) Sinhala Subtitle) (Beast (2022) Sinhala Sub) (Beast Sinhala Subtitle)

ආයුබෝවන් හැමෝටම,ඉතිං ගොඩ දෙනෙක් ඉල්ලපු සබ් එකක් අරගෙන තමා මම අද මේ සයිට් එකට ගොඩ වෙන්න යන්නෙ…

ඉතිං මේ සබ් එක තමා Beast කියල කියන්නෙ(ටැමිල් එක නෙවෙයි හොදේ 😁),මේ හොලිවුඩයේ නිර්මාණය වුන Beast චිත්‍රපටය,සිංහයෙක් පාදක කරගෙන තමා නිර්මාණය කරල තියෙන්නෙ…ඉතිං මේක 2022 අගෝස්තු 19 සිනමාශාලා සදහා රිලීස් වුනා,එතකොට 2022 සැප්තැම්බර් 8 වෙනිදා මේකට අදාළ වෙබ් කොපි නිකුත් වුනා..හරි එතකොට මේ චිත්‍රපටය දැනට 5.8/10 වගේ අරගෙන තියනව ඒ කියල චිත්‍රපටය එහෙමට නරක නෑ, The Dark Tower,The Suicide Squad වගේ චිත්‍රපටවල රගපාපු,Idris Elba තමා ප්‍රධාන නළුවා වෙන්නෙ…

ඉතිං කතාවට ගියොත්,

කතාව පටන් ගන්නෙ,දකුණු අප්‍රිකාවේ Mopani රක්ෂිතයේ අනවසර දඩයක්කරුවන් වගයක් සිංහ ර‍‍ංචුවක් මරා දමන අවස්ථාවකින්,ඒ රංචුවට මෙයාල වෙඩි තිබ්බත් එකෙක් එතනින් පැනල යනවා.ඊට පහුවදාම අපේ කතානායකයා ඩොක්ටර් නේට් සහ එයාලගෙ දුවල දෙන්නා මේ රක්ෂිතය ලගට සංචාරයක් එනවා ඒ නේට් ගෙ යාළුවෙක් වෙන මාටින් එක්ක ඉන්න බලාගෙන…ඊට පස්සෙ දවසක මෙයාල රක්‍ෂිතයේ සංචාරයක ඉන්නකොට මෙයාල දකිනවා එතන තියන එක Tsonga ජාතීන් ජීවත් වෙන ගම්මානයක මිනිස්සුන්ව සම්පූර්ණයෙන්ම එක සතෙක් මරල දාල  තියනව…ඒ මොන සතාද කියල කියන්න දෙයක් නෑනෙ…ඉතිං එතනින් ඉස්සරහට මෙයාලට නොහිතූ කරදර වලට මූණදෙන්න වෙනවා….

ඔච්චරයි මම කියන්නෙ,ඉතිං කතාව නෝමල් ස්ටෝරියක් තියන නමුත් රසවිදින්න පුලුවන් කතාවක්… සොබාදහමට එරෙහිව අපි ඕනවට වඩා ගියොත්,ස්වභාවධර්මයාත් එහි ස්වභාවය වෙනස් කරල මිනිස් වර්ගයාට ලොකු විපතක් කරන්න පුලුවන් කියන එකට පොඩි උදාහරණයක් මම මේ චිත්‍රපටයෙන් දැක්කා…ඒක චිත්‍රපටයෙන් සෘජුවම පෙන්නන උත්සාහ කළාද දන්නෙ නෑ…මට ඒවගේ දෙයක් හිතුනා…

ඉතිං සබ් එක ඩවුන්ලෝඩ් කරන්න්, කතාව රසවිදින්න,කොමෙන්ට් එකකුත් දාන්න.

තවත් සබකින් ඉක්මනින් හමුවෙමු!

ඔබට ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

12 comments

  1. Thanks bro. Pereda indan balan hitiye sub eka danakan

  2. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  3. Film එක කො 1080 p ඕන

  4. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

  5. Thank subtitles ekata 💯❤️

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
    නියම සිංහලයන්ගේ සිරිතකි ……..!!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Eath mama beluwa kolla mokada
      parakku kiyala..
      Apata ithin oyalage pihita thama…
      (PSA site ekata hoda aluth film enawa)

      Jayen jayama wewa……….!!

  7. Tq මචන් 💟 මේ වගේ අමාරු වෙලාවකත් උබලා සබ් එක දෙන එක ගැන නම් බයිස්කෝප් රසිකයෙක් විදියට අවංකවම සතුටුයි..වරදින්නේ නෑ උබලට..බුදුසරනයි !!! ජේසු පිහිටයි !!! ජය !!!

  8. සිංහල උපසිරසියට ස්තුතියි

  9. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  10. Thanks for the sub!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login