The title of the page

Bazaar (2019) | පරවි තරගය | සිංහල උපසිරැසි සමග |

ඔන්න ගොඩක් දෙනෙක් ඉල්ලල තිබුනු සලරුවකට උපසිරසත් අරන් කට්ටිය හම්බෙන්න ආවේ…මුලින්ම හැමෝම සමාවෙන්න ඔර්ජිනල් පිටපත් නිකුත් වෙලත් උපසිරස අරන් එන්න පරක්කු වුනාට.එහෙනම් වැඩි කතා නැතුව යමු ෆිල්ම් එක පැත්තට..

2019 මේ වසර තුල නිකුත් තවත් සුපිරිම කන්නඩ සලරුවක් තමයි මං මේ විදියට අරන් ආවේ.ඉතින් කන්නඩ චිත්‍රපටයක් වෙනුවෙන් මම සිදු කරන පලමුවන උපසිරස ගැන්වීම තමයි මේක.ඒ වගේම මගේ පස්වන උපසිරස නිර්මාණය..2019 මේ වසරේ පෙබරවාරි පලමුවෙනිදා තමයි මේ සලරුව තිරගත කිරීම ආරම්භ වුනේ.ඒ විදියට අති සාර්ථකව තිරගත වුනු මෙය IMDB දර්ශකය තුල 7.2 ක් ද , 91% google පරිශීලකයන්ගේ කැමැත්තටත් හිමිකම් කීමට සමත්කම් දක්වල තියෙනවා..

මෙහි ප්‍රධාන නලුවා ලෙසින් එක්වන්නේ Dhanveer Gowada විසින්…ප්‍රධාන නිලිය ලෙසින් එක් වන්නේ Aditi Prabhudeva විසින්..මීට අමතරව තෙලිඟු ,දමිල චිත්‍රපට රාශියකදී අපට හමුවන Sharath Lohitashwa ද මේ සඳහා රංගනයෙන් දායක වනවා..

කතාව පැත්ත මං පොඩ්ඩක් කෙටියෙන් කියන්නම්…මෙහි ප්‍රධාන වශයෙන් කතාව ගලා යන්නේ පරවි තරඟාවලියක් තුලින්..අපේ කතා නායකයා කල්කි ටත් ඕනි හොඳම පරවි හසුරවන්නෙක් වෙන්න..මේ පරවියන් පුහුණු කරන නැත්නම් හසුරවන තැනැත්තා හඳුන්වන්නේ Shokhdar කියල..ඉතින් හොඳම Shokhdar කෙනෙක් වෙලා දවසක තමන්ගෙම පරවියෙක් පියාසර කරවල ජය ගන්න එක තමයි මෙයාගේ හීනේ..

ඉතින් මෙහෙම ඉද්දි පාරි කියල ගෑනුල්මයෙක් ව දැකල මෙයාට ආදරයක් ඇති වෙනවා…ඉතින් මෙයා එයාගෙ පස්සෙන් යනව ඒත් මාර කරතැබ්බ වලට තමයි මුහුණ දෙන්නවෙන්නේ…ඒ වාගේම මේ හැමෝගෙම සිහින බොඳ කරන්න බලාගෙන පිරිසකුත් ඉන්නවා..
ඉතින් මේ හැමදේමත් එක්ක කල්කිට පුලුවන් වෙයිද තමන්ගෙ ආදරයත් ජයගෙන…තමන්ගෙ හීනෙ කරා යන්න…?මේ හැමදේටම දැනගන්න ..ආදරය | වෛරය | පලිගැනීම | සියල්ල මැදින් ගලා යන මේ කන්නඩ සලරුවත් අනිවාරෙන්ම අරන් බලන්න කියල හැමෝටම ආරාධනා කරනවා….නැවත උපසිරසකින් හමුවනතුරු ඔබට ජය

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login