The title of the page
Battery Sinhala Subtitle
Battery Sinhala Subtitle
6

Battery (2022) Sinhala Subtitles | “මාරයාගේ වෙස්ගත් බැටරිය” | සිංහල උපසිරැසි සමඟ

(Battery (2022) Sinhala Subtitles) (Battery (2022) Sinhala Subtitle) (Battery Sinhala Subtitle) (Battery 2022 Sinhala Sub)

ආයුබෝවන් හැමෝටම…

ඔන්න අදත් සුපුරුදු විදියටම තවත් අලුත් චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන ආවා..ඉතින් මේ සිංහල උපසිරැසියනම් මට පෞද්ගලිකව ගොඩක් වැදගත්..මොකද මේ මගේ උපසිරැසි ජීවිතය තුළ උපසිරැසි ගන්වන 50* වෙනි සිංහල උපසිරැසි ගැන්වීම…ගොඩක් වෙලාවට සයිට් එකේ තිරයෙන් පිටිපස්සේ ඉඳන් සයිට් එකත් එක්ක දිගටම වැඩකටයුතු කරගෙන ගියාට උපසිරැසියක් කරන්න ලැබුණු වෙලාව ගොඩක් අඩුයි…ඉතින් ඒ වෙලාවල් ඇතු⁣ලත කොහොමෙන් කොහොම හරි අද මගේ ඔන්න 50* වෙනි උපසිරැසි ගැන්වීම ඔයාලා හමුවට අරගෙන එන්න පුලුවන් වුණා..වි⁣ශේෂයෙන්ම මේ වෙලාව උදව්වක් කරගන්නවා දැනට අපේ වෙබ් අඩවිය පැමිණි අවුරුදු 3ක කාලයත් මගේ උපසිරැසි ජීවිතේ අවුරුදු 3ක කාලයත් ඇතුලේ එකටම හිටිය සිනෙරූ පවුලේ සමිත අයියා,පීටර් අයියා ඇතුලු සහෝදර සහෝදරිය හැමෝටම ගොඩක් ස්තූතිවන්ත වෙන්න….ඒ වගේම මේ කාලය තුළ අපේ වෙබ් අඩවියත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි…මොකද මට මේ කඩයිම පහුකරන්න වගේම ⁣අපේ වෙබ් අඩවියට මේ ගමන එන්න ගොඩක් පිටුවහල් වුණේ ඔයාලගේ දිරිගැන්වීම්…ඒ නිසා හැමෝටම මේ වෙලාවෙදි මම ස්තූතිවන්ත වෙනවා ඒ හැමදේටම..

හරි එහෙනම් අපි තවත් වැඩි කතාවක් නැතුව අද අරගෙන ආව ෆිල්ම් එක පැත්තට හැරෙමු..

මගේ 50* වෙනි උපසිරැසි ගැන්වීම විදියට මම තෝරගත්තේ පහුගිය ජූලි මසේ 29වෙනිදා තිරගතවීම් ආරම්භ කරපු Battery (2022) දමිළ චිත්‍රපටිය..ඉතින් මේ ෆිල්ම් එක ඩිජිටල් රිලීස් වුණේනම් පහුගිය අගෝස්තු 26 වෙනිදා…ෆිල්ම් එක රචනා කරලා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Mani Bharathi විසින්..ඒ වගේම මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත විදියට M. Senguttuvan සමඟින් Ammu Abhirami…ඉතින් M. Senguttuvan නම් සිනමාවට පා තබන්නේම මේ ෆිල්ම් එකෙන්..පලවෙනි ෆිල්ම් එක විදියට Senguttuvan ගෙන් හොඳ රඟපෑමක් ප්‍රෙක්ෂකයට බලාගන්න පුලුවන්…Ammu Abhirami වනම් ගොඩ දෙනෙක් දන්නවනේ…එයා ගොඩක්ම ප්‍රෙක්ෂකයා අතරට ආවේ Ratsasan ෆිල්ම් එකේ අම්මුගේ චරිතයෙන්…ඊට අමතරව Asuran (2019), Theeran Adhigaaram Ondru (2017), Thambi (2019) වගේම මේ පහුගිය දිනයක ඩිජිටල් රිලීස් වුණ අරුන් විජේ ප්‍රධාන චරිතය සිද්ධ කරපු Yaanai (2022) ෆිල්ම් එකටත් Ammu රංඟන⁣යෙන් දායක වුණා..

ප්‍රධාන චරිත ඇරුණම සෙසු චරිත වලට M.S. Bhaskar,Yog Japee,George Maryan වගේම කන්නඩ සිනමාවෙන් Deepak Shetty වගේ ප්‍රසිද්ධ නලුනිලි කැලකුත් සම්බන්ධ වෙනවා..දැනට මේ ෆිල්ම් එකට IMDb දර්ශකයේ 6/10ක අගයක් හිමිවෙලා තියනවා..ඉතින් මේක අයිති වෙන්නේ Crime/Drama/Thriller කියන ශාරණයන් වලට..

Ammu Abhirami සහ M. Senguttuvan

දැන් අපි ෆිල්ම් එකේ කතාව පැත්තට හැරෙමු..

මේ ෆිල්ම් එකේ කතා නායකයා තමයි පුගල්..පුගල් කියන්නේ S.I විභාගය පාස් කරලා F3 ස්ටේෂන් එකට අලුතින් පත්වීමක් අරගෙන එන S.I මහත්තයෙක්…ඉතින් පුගල් සේවයට බඳවාගැනීමේ ලිපියත් අරගෙන මුලින්ම එන්නෙත් අභිරහස් විදියට ඝාතනය කරලා පුලුස්සලා දාපු මළ සිරුරක් ගැන විමර්ශනය කරන අපරාධ ස්ථානයකට…ඒ ඉන්ස්පෙක්ටර් රත්නම්ව මුණගැහිලා ලිපිය භාරදෙන්න..ඉතින් මේ අපරාධය ගැනත් පුගල් තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න හැදුවම ටිකක් නහරකාරයෙක් වුණ ඉන්ස්පෙක්ටර් රත්නම් පුගල් අලුත් S.I කෙනෙක් නිසා පුගල්ට සමච්චල් කරනවා…කොහොමෙන් කොහොම හරි අලුත් පත්වීම ලැබුණු පුගල්ට මුලින්ම කටයුතු කරන්න ලැබෙන්නේ මේ මිනීමැරුම සම්බන්ධව..ඒත් ඉතින් පුගල් මේ සම්බන්ධව මොන දේ හොයාගත්තත් ඉන්ස්පෙක්ටර් රත්නම් කරේ පුගල්ව සමච්චලේට ලක් කරපු එක…කොහොමෙන් කොහොම හරි මේ අභිරහස විසඳගෙන යනකොට හදිස්සියේම ඉන්ස්පෙක්ටර් රත්නම්වත් උඟුරේ බැටරි කෑලි හිර කරලා ගොඩක් වද දීලා අමානුෂික විදියට ඝාතනය වෙනවා…මෙතනින් පස්සේ තමයි මේ අභිරහස තවත් ලොකු අභිරහසක් වෙන්නේ..ඉතින් රත්නම්ගේ මරණයත් එක්ක මේක භාරවෙනවා AC වික්ටර්ට..AC විකටර්ගේ හවුල්කාරය විදියට වැඩ කරන්න පුගල්ටත් අවස්ථාව ලැබෙනවා..මේ අතරේ පුගල්ට තමන්ගේ සහකාරිය විදියට Asha ව මුණ ගැහෙනවා..ඉතින් මේ සේරම මෙහෙම සිද්ධ වෙද්දි අභිරහස තවත් පැටලිලි සහගත කරමින් ඉන්ස්පෙක්ටර් රත්නම්ව ඝාතනය කරපු විදියටම තවත් ප්‍රබන ව්‍යාපාරිකයෙක් වුණු ඩේවිඩ් සන්තෝෂ්වත් අමානුෂික විදියට ඝාතනය වෙනවා…දැන් නොවිසඳුණු ඝාතන නඩු තුනයි..ඉතින් කතාව පටන් ගන්නේ මේ ඝාතන සිද්ධිත් එක්ක..ඇත්තටම කවුද මේවා සිද්ධ කරන්නේ…? ඇයි මෙහෙම අමානුෂික ඝාතන සිද්ධ කරේ..? AC වික්ටර් එක්ක එකතු වෙලා පුගල්ට මේ අභිරහස විසඳන්න පුලුවන් වෙයිද? කියන ප්‍රශ්න සේරම ඔයාලට ෆිල්ම් එක බලලම දැනගන්න ඉතුරු කරලා මම ෆිල්ම් එක ගැන විස්තර කියන එක මෙතනින් නතර කරනවා..

එහෙනම් ඉතින් සිංහල උපසිරැසියත් අරගෙන ෆිල්ම් එක රසවිඳින්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා..ඒ වගේ පහළින් කමෙන්ට් එකක් විදියට ඔයාලගේ අදහසුත් පළකරන්න..එහෙනම් අදට මම සමුගන්නවා..තවත් අලුත් උපසිරැසියකින් හමුවෙමු..හැමෝටම,

බුදු සරණයි…!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

12 comments

  1. නාරා
    Cineru Family Member

    50* වෙනි සබට උණුසුම් සුභපැතුම් අංජුල
    ජයවේවා!! ❤❤🍺🍺🍺

  2. ඉනුෂ සුදන්ගම
    Cineru Family Member

    50 සුභ පැතුම් අංජුල ලොක්කා…💛🥳

  3. Janitha Edirisinghe

    මුලින්ම 50 වනිි කඩයිමට…සුභ පතනවා….ඉස්සරටත්….උපසිරසි කරන්න ශක්තිය ධෛර්යය වගේම කාලයත් ලැබෙවා..කියාලා…ප්‍රර්ථානා කරනවා….ඒ වගේම මගේ ඉල්ලීම ඉටු…කරට…බෝහෝම ස්තුතිය..ජය වේවා…🙏🙏🙏

  4. උදිත ඩිල්ෂාන්
    Cineru Family Member

    50 වෙනි උපසිරැසියට සුබ පැතුම්!

  5. Congtrzzzzzzzzzzzzzzzzzzz

  6. udaya saman
    Cineru Family Member

    50 වෙනි උපසිරියට සුබ පැතුම් මලේ. ටික කාලයක් ගත වුනත් සුපිරිම ෆිල්ම් සෙට් එකක් මේ 50 ඇතුලෙම දීල තියෙනවා

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  8. Suba පැතුම් sub akata and thank u ath sub aka ගැලපෙන්නේ nane aneee video akata

    • Peter Barthelot
      Cineru Family Member

      හරි, දැන් tamilMV, Tamilblastor දෙකටම වෙන වෙන ඇති
      තෑන්ක්ස් කිව්වට

      • Ok brother

      • ස්තූතියි මචන් උපසිරැසිට, පුලුවන්නම් ගුලු ගුලු එකෙයි ඔඩෙල රේල්වෙ ස්ටේශන් එකෙයිත් කරපන්. බුදුසරණයි උබට.

  9. Buddhika laKMal
    Cineru_users

    50වෙනි උපසිරැසියට සුබ පැතුම් මචං.
    බොහෝම ස්තූතියි උපසිරැසියට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login