The title of the page
7
50
85

Bard Of Blood (2019) S01E07 Sinhala Subtitles|අවසානය තවත් ආරම්භයක්ද?|සිංහල උපසිරැසි සමග|

ඔන්න යාළුවනේ කතාමාලාවේ අවසාන කතාංගයත් අරගෙන ආවා…

පසුගිය කොටසින්,

ඔයාලා දකින්න ඇතිනේ, ජන්නත්ගේ මරණෙන් පස්සෙ ජන්නත්ගේ මල්ලි නුස්රත් වගේම කබීර් ගොඩක් දුකෙන් ඉන්නේ. නුස්රත්ට ශෙෂාඩ්ගෙන් පළිගන්න දැඩි ලෙස උවමනාවෙනවා. ඒ නිසා වීර් එක්ක එකතුවෙලා ශෙෂාඩ්ව හොයාගෙන යනවා. අනිත් පැත්තෙන් කබීර්, ඉෂා දෙන්නත් මුල්ලාව හොයාගෙන යනවා. මොකද මෙහෙයුම ඉවර වුණ ගමන්ම ඇමරිකාවේ සහය ඇතුව විතරයි මෙයාලට රටින් පිටවෙන්න ලැබෙන්නේ.. ඒකට අනිවාරෙන්ම මුල්ලාව පණපිටින් හරි, මරලා හරි ඇමරිකන් කාරයොන්ට භාරදෙන්න ඕනා. කොහොම හරි මුල්ලා ඉඳපු තැනට හදිස්සියේම කබීර් ප්‍රහාරයක් එල්ල කරනවා හැබැයි මුල්ලා පැනගන්නවා.. ඒත් එතනින් නොමැරී ඉතුරු වුණ තලේබාන් කෙනෙක්ගෙන් මුල්ලා ගිය තැන අහගන්නවා.. වීර්, මුල්ලාව හොයාගෙන යනවා. මේ අතරේ මුල්ලා පැනලා යනවා දැකපු ඉෂා මුල්ලාගේ පස්සෙනම යනවා. හැබැයි ඉෂා තලේබාන්ලට කොටුවෙනවා. මුල්ලා ඉෂාව අල්ලගෙන ගිහිල්ලා හිර කරනවා… අන්තිමටම කොහොමහරි නුස්රත් යන අතරමගදි ශෙෂාඩ්ව දකිනවා. ශෙෂාඩ්ට එක දිගටම වෙඩි තිබ්බත් ශෙෂාඩ් පැනගන්නවා. නුස්රත්ලගේ වාහනේ ටයර් එකට වෙඩි වැදිලා වාහනේ පෙරලිලා යනවා… ඔය ටික තමයි පසුගිය කොටසෙදි සිද්ධ වුණේ…

අද අන්තිම කතාංගයේදි මොනවා සිද්ධ වෙයිද ?.. කබීර් සාර්ථකව මෙහෙයුම සම්පූර්ණ කරයිද ? මේ කතාව මෙතනින් ඉවර වේවිද ?… ඔයාලම බලන්නකෝ…

කතාංග 07 ක් පුරාවට අපිත් එක්ක රැඳිලා ඉඳපු ඔයාලට ගොඩක් ස්තූතියි… අපි තවත් උපසිරැසියක් එක්ක හම්බවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්…

ජය වේවා හැමෝටම…..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පසිඳු ජයශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පසිඳු ජයශාන්

April 30, 2019


45
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login