Bad Bunny (2025) Sinhala Subtitles
Bad Bunny (2025) Sinhala Subtitles
2.7

Bad Bunny (2025) Sinhala Subtitles | “ බියකරු හාවාගේ මාරක දඩයම ” | සිංහල උපසිරැසි සමඟ

(Bad Bunny (2025) Sinhala Subtitles) (Bad Bunny (2025) Sinhala Subtitle) (Bad Bunny (2025) Sinhala Sub)

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ ආයෙත් සුපිරිම ෆිල්ම් එකක් අරගෙන ආවා. මේක 2025 අලුත්ම ෆිල්ම් එකක්. නම දැක්කම ඔයාලා හිතයි මේක හුරතල් හා පැටියෙක් ගැන කතාවක් කියලා. ඒත් ඇත්තටම මේක ඇතුළේ තියෙන්නේ ලේ හෙල්ලෙන මිනීමැරුම් පෙළක්!

මොකක්ද මේ කතාව?
සාරා කියන්නේ තමන්ගේ හස්බන්ඩ් නැති වුණාට පස්සේ හුදෙකලා වෙලා ඉන්න කෙල්ලෙක්. ඉතින් හිත හදාගන්නත් එක්ක මෙයා තමන්ගේ බල්ලත් එක්ක වනාන්තරයක් අයිනේ තියෙන හරිම නිස්කලංක ගමකට පදිංචියට යනවා. සාරා හිතුවේ එතන හරිම ශේප් එකේ ඉන්න පුළුවන් වෙයි කියලා. ඒත් ඇත්තටම ඒ ගමේ මිනිස්සු ඉන්නේ මාරම බයකින්.

මොකද ඒ වනාන්තරය ඇතුළේ හාවෙක් වගේ වෙස් දාගත්ත, හාවෙක් වගේ දත් තියෙන අද්භූත මිනීමරුවෙක් සැරිසරනවා. මිනිහා මිනී මරන්නේත් හරිම අමුතු විදිහට. සාමකාමීව ඉන්න ආපු සාරාට මේ බිහිසුණු හාවගෙන් බේරෙන්න පුළුවන් වෙයිද? නැත්නම් ඇයත් මේ දඩයමේ තවත් ගොදුරක් වෙයිද? අන්තිම වෙනකම්ම කුතුහලයෙන් බලන්න පුළුවන් කතාවක් මේක.

කවුද මේකේ ඉන්නේ?
Karolina Morrongiello (සාරා විදිහට පට්ට රංගනයක් දෙනවා)

Kris Fried

Chuck Morrongiello

ෆිල්ම් එක ගැන විස්තර
Genre: Horror / Thriller

IMDb: දැනට 6.5 ක වගේ හොඳ රේටින් එකක් තියෙනවා.

Duration: පැයයි විනාඩි 27ක් වගේ පොඩි වෙලාවක් යන්නේ. හැබැයි ඒ විනාඩි ගාණට උපරිම ගැම්මක් තියෙනවා.

Horror ෆිල්ම්ස් බලන්න ආස සෙට් එක අනිවාර්යයෙන්ම බලන්න. උපසිරැසියේ අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් ගගනක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් ගගනක

October 31, 2025


42
Total Subtitles

3 comments

  1. තැන්ක් යූ සහෝ සබ් එකට

  2. මෙලෝ රහක් නැති ෆිල්ම් එකක් අපරාදේ data

  3. Film eka wadak na ban e wunatath kolla sub eka niyamata dila thiyenawa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login