The title of the page
Babylon (2022) Sinhala Subtitles
Babylon (2022) Sinhala Subtitles
7.4
55
74

Babylon (2022) Sinhala Subtitles | සිනමාවේ පුනරාගමනය | සිංහල උපසිරැසි සමඟ

(Babylon (2022) Sinhala Subtitles) (Babylon (2022) Sinhala Sub)

සුභ දවසක් වේවා හැමෝටම! ඔන්න අදත් 2022 වර්ෂයේ දෙසැම්බර් මාසයේ නිකුත් උන සිනමාපටයක් ඔයාලට අරගෙන ආවා. Damien Chazelle විසින් නිර්මාණය කරන ලද Babylon චිත්‍රපටය සදහා IMDB 7.5/10 අගයක් ලැබිලා තියෙනවා. රංගනයෙන් Margot Robbie,Brad Conrad,Tobey Maguire..ඇතුලු හොලිවුඩයේ ජනප්‍රිය නළු,නිළි රැසකගේ දායකත්වය ලබාදීලා තියෙනවා.

ඉතිං කතාව ගැන ටිකක් බලමු…

ඇමරිකානු චිත්‍රපට කර්මාන්තයේ හදවත “හොලිවුඩ්” හා නිදිමත කාන්තාර නගරයක් වන “ලොස් ඇන්ජලීස්” වල නැගිටීම සමග චිත්‍රපට කර්මාන්තය වෙනුවෙන් දුක් මහන්සි උන, අසීමිත ලෙස කැප කිරීම් කළ මිනිසුන්ගේ කැපවීම “Babylon” සිනමා පටය හරහා ඉතා දක්ෂ ලෙස ඉදිරි පත් කරලීමට එහි නිර්මාණ කරුවන් සමත් වෙලා තියෙනවා.

“Babylon” සිනමාපටය ආරම්භයේදී අපි දකින්නෙ අධික මත්ද්‍රව්‍යය භාවිතය, සමූහ ලිංගික ක්‍රියාකාරකම් සමග නැටුම් ගැයුම් අඩුවක් නැති සාදයන් සමග ගෙවෙන නිහඬ යූගයේ හොලිවුඩ් තරු වලට සිය රැකියාව වෙනුවෙන් වෙනස් වීමට බලකෙරෙන නොවැලැක්විය හැකි සාධකයක් ලෙස කතා නාද සිනමාව පැමිණෙනවා. එතෙක් කලක් ⁣රළු ඝෝෂාකාරී පසුබිම් තුල රූගත කිරීමට පුරුදුව සිටි චිත්‍රපට නිහඬ වටපිටාවක කැමරාවේ ශබ්ධයද නොඇසෙන පරිදි රූගත කිරීමට සිදුවීම නිෂ්පාදනය පැත්තෙන් ඔවුන්ට මුහුණ දීමට සිදුවූ අභියෝගයයි. වඩාත්ම ඛේද වාචකයතට මුහුණ දිමට සිදුවන්නේ රඟපෑම පමණක් හැකියාව කරගත් නළු නිළියන්ටය. ⁣රඟපෑමට අමතරව ඔවුන්ගේ කටහඬ නළුවෙක් නිළියක්වීමට අත්‍යවශ්‍යය සාධකයක් බවට පත්වනවා. එතෙක් දැවැන්ත නම්දරා සිටි නළු නිළියන් එක්වරම ඇදවැටීමට තරම් එය ප්‍රබල වෙනවා. චිත්‍රපටය ආරම්භයේදී දැවැන්ත නළුවෙක් වන “ජැක් කොන්රාඩ්ටත්”, නැගී එන නිළියක් වූ “නෙලී ල’රෝයි” ටත් මේ නිසා අත්වන්නේ එකම ඉරණමකි. සිනමාව අනාගතයට ගෙන යාමට සිහින දුටු “ජැක් කොන්රාඩ්” අවසානයේ එම අනාගතය තුලම අතරමංවීම දෛවෝගත සිදුවීමකි. “නෙලීගේ” ඉරණමට එයට අමතරව හොලිවුඩයේ සදාතනික උරුමයක් වු මත්ද්‍රව්‍යය සහ සූදුවද එක්වනවා. ඔවුන්ගේ ඉරණම එසේ වෙනස්වෙද්දී තවත් පිරිසකට හඬ නිසා නොලැබුනු අවස්ථාවක් ලැබීමද චිත්‍රපටයේදී දකින්න පුලුවන්. ඒ සංගීත සැපයීම සම්බන්ධ ශිල්පීන්ගේ ඉරණම සුබදායී ලෙස වෙනස්වීමෙනි. හොලිවුඩය ක්‍රමයෙන් අශීලාචාර අක්‍රමවත් සාමජයීය පරිසරයක සිට ශිෂ්ට සම්පන්න උසස් සමාජයක් දක්වා විකසනය වන ආකාරයද සියුම් ලෙස චිත්‍රපටය තුල ගොඩනංවා තිබෙනවා.

Babylon (2022) යනු සිනමාව පිළිබඳ උනන්දුවක් දක්වන අයට වරු ගණනක් වුවත් කතාකළ හැකි චිත්‍රපටයක් ලෙස හැඳින්වුවහොත් නිවැරදිය. බ්‍රැඩ් පිට්, මාගෝ රුබී, දියෝගෝ කැල්වා ගේ රංගනයන් ඉතා උසස් තත්වයක තිබෙන අතර ඔවුන්ගෙන් කිසිවකු හෝ රංගනයන් උදෙසා ඇකඩමි සම්මානයට නිර්දේශ නොවීම කණගාටුවකි. Babylon යනු හොලිවුඩය ගොඩනැගීමට සිය ලේ කඳුළු දහඩිය ද අවසානයේ ජීවිතයද කැපකල පිරිසකගේ කතාවයි.ලොව කිසිදාක මිය නොයන සදාතනික ජීවිතයක වාසනාවන්ත හිමිකරුවෙක් නම් ඒ රංගන ශිල්පියෙකි.

ඉතිං සිනමාවට ආදරය කරන සියලු දේනා නැරඹි යුතුම සිනමාපටයක් ලෙස Babylon (2022) සිනමා පටය හදුන්වන්න පුලුවන්.ඉතිං තව දෙයක් කියන්නම ඕනේ චිත්‍රපටය තෝරලා දුන්නෙ අපේ “සමිත” සහෝදරයා එත් එක්කම ලිපියට කරුනු හොයාගන්න Sha Danthanaray සහෝදරයාගේ ලිපි ගොඩාක් උදව් උනා.සිනමා පටය ලොකු අය බලනවානම් වඩාත් හොදයි මොකද ඒ සමහර දර්ශන නිසා.

අයෙත් අලුත් නිර්මාණයකින් ඉක්මනට හමු වෙමු!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලහිරු සහා තුෂාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලහිරු සහා තුෂාර

November 22, 2022


28
Total Subtitles

4 comments

  1. Pathmila Kushantha

    Thanks Bro!

  2. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    චිත්‍රපටයක , ටෙලි සිතුවමක 
    උපරිම රසස්වාදය අප හට ලබා දීම සඳහා
    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

    ” සිනෙරු ” ……………  හදවතින්ම ආදරෙයි ……!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login