Athiradi (2026) Sinhala Subtitles
Athiradi (2026) Sinhala Subtitles
7.3

Athiradi (2026) Sinhala Subtitles | “ ගිනිගත් සැණකෙළිය ” | සිංහල උපසිරැසි සමඟ

(Athiradi (2026) Sinhala Subtitles) (Athiradi (2026) Sinhala Subtitle) (Athiradi (2026) Sinhala Sub)

ආයුබෝවන් ඔයාලා හැමෝටම ❤️

අද අපි අරගෙන ආවේ කැම්පස් ජීවිතේ පිස්සු වැඩවලට, ආතල් එකට ආදරේ කරන අයට නම් මගහරින්නම බැරි සුපිරි වැඩක්.👊🔥

“Athiradi” කියන්නේ මේ 2026 වසරේ තිරගත වුණු, කැම්පස් එකක් වටා ගෙතුණු අළුත්ම චිත්‍රපටිය. මේක සම්පූර්ණයෙන්ම සිනහව වගේම හැඟීම්බර අවස්ථාත් එකට එකතුවුණු Fun-filled entertainer එකක්.

මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වෙන ‘සෑම්කුට්ටි’ට පණ පොවන්නේ කවුරුත් ආදරේ කරන Basil Joseph. එයාගේ රංගනය ගැන නම් නොකියාම බැහැ, කිසිම කෘතිම ගතියක් නැතුව චරිතයට උපරිම සාධාරණයක් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ Negative shade එකෙන් එන Tovino Thomas. එයාගේ ඒ Mass ගතිය සහ Trivandrum accent එකෙන් දෙන අමුතුම Vibe එක චිත්‍රපටියට වෙනස්ම ගැම්මක් එකතු කරනවා. ඊට අමතරව Vineeth Sreenivasan, Shan Rahman වගේ අයගේ රංගනයනුත් මේකෙදි අපිට බලාගන්න පුළුවන්. ඒ වගේම කතාව පුරාවටම තියෙන Gen-Z විදියේ කොමඩි ටිකත් පට්ටම ආතල්. 🤩✨

කතාව මෙහෙමයි..
සෑම්කුට්ටි කියන්නේ කැම්පස් එකේ ඉන්න මාරම Energetic කොල්ලෙක්. මෙයා උත්සහ කරනවා කාලෙකට කලින් තහනම් කරලා දාපු කැම්පස් එකේ ෆෙස්ටිවල් එකක් (College Festival) ආයෙමත් පටන්ගන්න. හැබැයි මේ වැඩේට බහිද්දිම මෙයාට හැප්පෙන්න වෙන්නේ වෙනස්ම විදියේ චණ්ඩියෙක් එක්ක. ඊගෝ එක, ආත්ම ගෞරවය ඉස්සරහට දාගෙන යන මේ ගැටුම නිසා, ඒ ලොකු සැමරුම අන්තිමට ලොකු අවුල් ජාලයක් බවට පත්වෙනවා.

සෑම්කුට්ටිට මේ ෆෙස්ටිවල් එක සාර්ථකව කරගන්න පුළුවන් වෙයිද? මේ අහඹු ගැටුම කෙළවර වෙන්නේ කොහොමද?

මේ හැමදේටම උත්තර දැනගන්න නම් මේ සිනමා නිර්මාණය බලන්නම වෙනවා. මුල් භාගයේ පොඩි පොඩි අඩුපාඩු තිබුණත්, විශේෂයෙන්ම කතාවේ අන්තිම විනාඩි 20 නම් උපරිම තෘප්තියක් දෙනවා. කට්ටියත් එක්ක එකතුවෙලා Fun එකේ බලන්න නියම ෆිල්ම් එකක් කියලා අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. 🔥

ජය වේවා! 🥰❤️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත් ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත් ඩිල්ෂාන්

January 17, 2025


38
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login