The title of the page
Army Of Thieves (2021) Sinhala Sub
Army Of Thieves (2021) Sinhala Sub
6.4
71
88

Army Of Thieves (2021) Sinhala Subtitles | පුරාවෘතගත මංකොල්ලයන්…! | සිංහල උපසිරැසි සමඟ

(Army Of Thieves (2021) Sinhala Subtitles) (Army Of Thieves (2021) Sinhala Sub)

Zack Snyder ගේ අධ්‍යක්ෂණය යටතේ මේ අවුරුද්දෙ මැයි 21 වෙනිදා Netflix එකෙන් රිලීස් කරපු “Army of the Dead” සොම්බි චිත්‍රපටිය හැමෝම බලන්න ඇතිනෙ. ඉතින් ඒ චිත්‍රපටියෙ Prequel චිත්‍රපටියක් විදිහට නිර්මාණය වුණු “Army of Thieves” චිත්‍රපටිය තමයි අද මේ විදිහට සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට අරගෙන එන්නෙ. මේක Netflix එකෙන් රිලීස් වෙන්න තිබ්බෙ මේ මාසෙ 29 වෙනිදා උනත් ඊට කලින් දවසෙ, ඒ කියන්නෙ ඔක්තෝබර් 28 වෙනිදා මේක රිලීස් වෙනවා. ඒකට හේතුව නම් තාම දන්නෙ නැ.

මේ චිත්‍රපටියෙදි අපිට මළ හමුදාව එහෙමත් නැත්තන් සොම්බිලාව නම් බලාගන්න ලැබෙන්න නැ. ඒ මොකද කිව්වොත් මේ චිත්‍රපටියෙදි අපිට දැකගන්න ලැබෙන්නෙ “ඩීටර්” එහෙමත් නැත්තන් මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය ලාස් වේගාස්වල මෙහෙයුමට එකතුවෙන්න කලින් දිවෙන සිද්ධි දාමයක්. වෙන විදිහකින් කිව්වොත් මේකෙදි අපිට ඩීටර්ගෙ ඔරිජින් එක බලාගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි සොම්බිලා නෑ කියලා නොබලා ඉන්න එපා මොකද මේක තනිකරම ඇක්ෂන් පැක් එකක්. මේකෙ නමින්ම චිත්‍රපටිය ගැන හිතාගන්න පුළුවන් ඇතිනෙ. ඒ නිසා බෝරිං ඇති කියලා නොබලා ඉන්න එපා අනිවාරෙන්ම බලන්න.

මේ චිත්‍රපටිය ගැන කතා කරනකොට මේකෙ තියෙන විශේෂ දෙයක් තමයි මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නෙත් මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායකවෙන “Matthias Schweighöfer” විසින්ම වීම. හැබැයි ඉතින් මේකට Zack Snyder ගෙ දායකත්වයත් ලැබිලා තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නෙ.

මම සිංහල උපසිරැසිය වෙව් අඩවියේ පළකරන වෙලාව වෙනකොට IMDb 6.4 ක අගයකුත් Rotten Tomatoes මීටරේ 71% ක අගයකුත් මේ චිත්‍රපටියට ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි පැය 2 ක් පුරාවට දිවෙන මේ චිත්‍රපටිය Thriller කාණ්ඩයට තමයි අයිති වෙන්නෙ. හැබැයි ඉතින් Action / Crime පැත්තටත් මේක බර ගතියක් තියෙනවා. ඒ අස්සෙ පොඩි පොඩි කොමඩි කෑලි ටිකකුත් එකතු කරලා තියන නිසා කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්. ඒ නිසා මගඇරගන්නෙ නැතුව අනිවාරෙන්ම බලන්න.

ඒ වගේම මේ චිත්‍රපටිය නිකුත් උනාට පස්සෙ Zack Snyder කියලා තිබුණා ඔහුගේ ඊළඟ චිත්‍රපටියෙ ඒ කියන්නෙ Army of the Dead චිත්‍රපටියෙ Sequel චිත්‍රපටිය Planet of the Dead නමින් නිර්මාණය කරනවා කියලා.

Army of the Dead චිත්‍රපටියෙ මේ චිත්‍රපටියෙත් උපසිරැසිය කරන්න මම බාරගත්තත් පරිඝණකයේ ඇතිවුණ දෝෂයක් නිසා ඉක්මන්ට කරන්න පුළුවන්කමක් ලැබුණෙ නෑ. අද තමයි උපසිරැසිය ඉවර කරගන්න පුළුවන් වුණේ. හැබැයි මේ වෙනකොට නම් හුඟක් අය චිත්‍රපටිය බලලා ඇති. තාමත් නොබලපු කෙනෙක් ඉන්නවා නම් සිංහල උපසිරැසිය අරගෙන චිත්‍රපටිය බලන්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

10 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Arcane ekt sub krnne nadda

  4. Shehan Sachintha
    Cineru Family Member

    තෑන්ක්ස් බන් සබට❤️💜️

  5. සබ් එකට ගොඩක්ම ස්තුතියි..👍

  6. සබ් එක හරියට සෙට් වෙන්නෙ නෑ බන්😢😢😢

    • සබ් එක දීලා තියන කොපියයි ඔයා ඩවුන් කරලා තියන කොපියයි වෙනස් ඇති මචං..සබ් එක සෙට් වෙන කොපිය මොකද්ද කියලා සබ් එක ඩවුන් කරන තැනට උඩින් දාලා තියනවා..

  7. Thanks, machan…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login