The title of the page
Aneethi (2023) Sinhala Subtitles
Aneethi (2023) Sinhala Subtitles
6.1
83

Aneethi (2023) Sinhala Subtitles | “අයුක්තිය” | සිංහල උපසිරැසි සමඟ

සුභ දවසක් හැමෝටම.. මාව මතකද දන්නෑ 🤭 ඔන්න සෑහෙන්න කාලෙකට පස්සේ සබක් අරගෙන සයිට පැත්තට ගොඩ වුණා..වැඩේ බාර දුන්නේ සුපුරුදු විදිහට අපේ සමිත අයියා ❤️

යං ෆිලුම පැත්තට

මේක මේ අවුරුද්දේ ඒ කියන්නේ 2023 රිලීස් උන තවත් පට්ට tamil ෆිලුමක්.. මේක අයත් වෙන්නෙ Drama, Romance, Thriller, Action කියන Category එකට..මේක අධ්‍යක්ෂණය කරන්නේ 2021 ආපු Jail කියන ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරපු Vasanthabalan විසින්…. ඒවගේම IMDB අගයත් 7.4/10 ලබාගෙන තියෙනවා මේ වෙද්දී…

ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නෙ ගොඩක් අය ලෝකේෂ් කනගරාජ් ගෙ Kaithi 2019, Master 2021, Vikram 2022 වගේම මෙයා ප්‍රධාන චරිතය කරපු මේ අවුරුද්දෙම ආපු Butta Bomma 2023 වගේ ෆිල්ම් හරහා අදුන ගත්තු Arjun Das ♥️🔥 ඔන්න ලබන මාසේ තලපතිගෙ එන Leo ෆිල්ම් එකෙත් Arjun ඉන්නවලු 😋මෙයාගේ ඇක්ටින් ගැන කියනවා නම් අනිවාර්යෙන්ම කියන්න ඕන Facial Expression ගැන.. අම්මෝ ඒවා නම් ගැම්මට තිබ්බා… ♥️

Cast
Arjun Das as Thirumeni
Dushara Vijayan as Subbulakshmi
Bharani
Sha Ra
Vanitha Vijayakumar as Anitha
Kaali Venkat as Thirumeni’s father
Arjun Chidambaram

ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් කියන්නම්

මේකයි…මුල් පැය වගේ බලද්දී නම් ටිකක් බෝරින්ග් වගේ සීන් එකක් දැනුනා.. හැබැයි ඔන්න ඊටපස්සේ නම් ඇස් පිල්ලම් ගහන්නේ නැතුව බලන්න හිතෙන මට්ටමට ආව… අන්තිම ටිකේ මරු Emotional Scene ටිකක් එකතු කරලා ක්ලයිමැක්ස් එක සුපිරියටම තිබ්බා… ❤️🥺 අහිංසක මිනිස්සුන්ට මේ ලෝකේ කොයි තරම් අයුක්තිය අසාධාරණය සහිත දේවල් වෙනවද 😔💔

තිරුමනෙයි එහෙමත් නැත්තම් තිරූ (අර්ජුන්) කියන්නේ ෆුඩ් ඩිලිවරි බෝයි කෙනෙක්.. මෙයාට මානසික අසනීපයක් තියෙනවා.. ඒක තමයි දකින දකින හැමෝමව.. ඒවගේම එයාට හිරිහැර කරන හැමෝමව මරන්න හිතෙනවා.. ඒවගේම මෙයා එයාලව හිතින් මරනවා 🙄 ඉතින් මෙයා මේකට බෙහෙත් ගන්න ගමන් තමයි ඉන්නේ.. ඔන්න එතකොට ගෙදරකට කෑම ඩිලිවරි කරන්න ගිහින් එතනින් මෙයාට කෙල්ලෙකුත් සෙට් වෙනවා.. පස්සේ බැලින්නම් ඒ කෙල්ල ඒ ගෙදර වැඩකාරී..🥲 එයාගෙ නම සුබ්බු.. මේ දෙන්නගේ ලව් එකත් ඔහොම යද්දී… ඒ ගෙදර අයිතිකාර ගෑනු කෙනා ගොඩක් වයසක ගෑනු කෙනෙක්.. නිතරම වගේ සුබ්බුට හිරිහැර කරදර කරනවා.. ඒ ගෑනු කෙනාගේ ළමයි පිටරට ජීවත් වෙන්නෙ.. ඔන්න ඔහොම යද්දී හදිස්සියේම මේ ගෑනු කෙනා මැරෙනවා… තිරූගෙ මානසික ප්‍රශ්නේ නිසාත්, ඒ ගෑනු කෙනාගේ හදිස්සි මරණය නිසාත් සුබ්බු පවා හිතන්නේ තිරූ තමයි මේ මිනීමැරුම කලේ කියලා… ඔන්න ඔතනින් තමයි තිරූට වදින්න ගිය දේවාලේ ඔලුවට කඩන් වැටෙන්නේ 🥲 මෙතනින් එහාට වෙන සිද්දිය දැනගන්න මේ සුපිරි thriller ෆිල්ම් එක බලන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා ❤️

තවත් අලුත් ෆිලුමක් අරන් ඉක්මනට එන්නම් ❤️

හැමෝටම බුදුසරණයි ❤️ ජේසු පිහිටයි ❤️

Cineru එක්කම ඉන්න.. අලුත්ම ෆිල්ම්ස් බලන්න 😉🤍

” කෙනෙක් අත්දෙක එකතුකරලා අපි ළග වැද වැටිල අපෙන් සමාව ඉලද්දී, අපිට එයාට සමාව දෙන්න බැරි නම් අපි මිනිස්සු නෙවෙයි…. තිරිසන්නු “

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


104
Total Subtitles

17 comments

  1. Thank you!
    ———————————
    Thenali (Tamil 2000 )
    avvai shanmugi (Tamil 1996 )
    minsara kanuvu (Tamil 1997 )

    me tikatath sub denna please

  2. සුපිරි thank u subtitles akata ❤❤❤ දිගටම aye සුපිරි awa ගොඩක් akka හමු වෙමු …

  3. superman and lois 03 Meke ithuru tiaktath sub denna

  4. sub ekata thanks

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශානා ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Ammo ..koheda ban gihilla hitiye..
    Oya sub ekak nethuwa harimma paalui site ekath..
    Apiwa amathka karannanam epa..
    puluwan welawata sub ekak denna..
    Niduk nirogi wewa…pin siduwewa………………..!!!!!

    • Shan Sasanga
      Cineru Family Member

      අම්මෝ අම්මෝ ❤️❤️ තෑන්ක්ස් Brother ❤️ ඉස්සරහට ගේමක් ගහමු ❤️ ආදරෙයි මේ. ආදරේට ❤️❤️

  6. laKMal
    Cineru_users

    ෂානා කාලෙකින් ඇවිත් සුපිරිම සබක් අරගෙන…..
    තෑන්ක්ස් ෂානා සබට…..

    • Shan Sasanga
      Cineru Family Member

      තෑන්ක්ස් බ්‍රෝ ❤️ සිනෙරූ එක්කම ඉන්න ❤️ ආදරෙයි ❤️❤️

  7. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  8. ROSHEN MALINDA
    Cineru Family Member

    සුපිරි ❤️

  9. Thanks bro sub එකට ❤️❤️❤️❤️

  10. Shan Sasanga
    Cineru Family Member

    හැමෝගෙම කමෙන්ට් වලට ගොඩක් ස්තුතියි ❤️ ගොඩක් ආදරෙයි ❤️❤️ ජයම වේවා ❤️

  11. තෑන්ක්ස් සබ් එකට

  12. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  13. Bhola Shankar me movie ekath denna please

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login