The title of the page
Andor Sinhala Subtitles
Andor Sinhala Subtitles
8.1
91
74

Andor (2022) S01E04 Sinhala Subtitles | “අල්ඩානි ග්‍රහලෝකය” | සිංහල උපසිරැසි සමඟ

(Andor (2022) S01E04 Sinhala Subtitles) (Andor Sinhala Subtitles) (Andor S01 Sinhala Subtitles)

කොහොමද යාළුවනේ? ඉතින් අද උපසිරැසියත් එක්ක මම උපසිරැසිකරණයේ තුන්වෙනි කඩයිමත් පහුකරනවා. 150 වෙනි උපසිරැසියට විශේෂ උපසිරැසියක් දෙන්න බැරි වුණාට සමාව ඉල්ලනවා. මොකද​, මේ ටිකේම බාරගනිපු TV Series කීපයක් තියෙන නිසා. ඉතින් මම වැඩිය මුකුත් කියන්න යන්නෙ නැහැ මෙතනින් උපසිරැසි ගහන එක නවත්තන්න අදහසක් නැති හින්දා. තව ඉස්සරහටත් අලුතෙන්ම එන TV Series වලට විතරක් සිංහල උපසිරැසි කරන්න තමයි හිතාගෙන ඉන්නෙ. ඔයාලා කැමති Series තියෙනවා නම් comment එකක් දාගෙන යන්න​.

150 ට ආපු ගමනෙදි මට සහයක් වුණු සිනෙරු ඇඩ්මින් මඩුල්ලේ සමිත රමේෂ් සහෝදරයාටත්, අංජුල උමේෂ් සහෝදරයාටත් මුලින්ම ස්තුති කරනවා. ඒ වගේම මගේ උපසිරැසි බාගත කරගෙන​​, comment එකක් හරි දාගෙන ගියපු ඔයාලා හැමෝටමත් ස්තුති කරනවා.

දිගටම සිනෙරු එක්කම රැඳිලා ඉන්න​!

එහෙනම් අපි ආපහු අද Episode එකට යමු. Comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.

“කැරලි ගොඩනැගිලා තිබෙන්නෙ බලාපොරොත්තුව මතයි”

Andor කියන්නෙ දැනට විකාශය වෙන ඇමෙරිකානු රූපවාහිනි කතා මාලාවක්. මේක නිර්මාණය කරලා තියෙන්නෙ Lucasfilm කියන චිත්‍රපට නිෂ්පාදන ආයතනය විසින්. මේක දැනට Disney ලාගේ නාලිකාවේ සේවය හරහා විකාශනය වෙනවා. මේ කතා මාලාව Spy thriller ගනයේ කතා මාලාවක්. Rogue One: A Star Wars Story චිත්‍රපටයේ Cassian Andor ගේ චරිතයට රංගනයෙන් දායක වුණු Diego Luna මේ කතා මාලාවෙදි ප්‍රධාන චරිතය වෙන Andor ට රංගනයෙන් දායක වෙනවා.

Andor කතා මාලාව තුළින් STAR WARS මන්දාකිණිය තුළ වෙනමම කෝණයක ගවේෂණයක් තමයි සිද්ධ වෙන්නෙ. කතා මාලාව පුරාවටම අපිට දකින්න ලැබෙන්නෙ තමන්ටත් වෙනසක් කරන්න පුළුවන් නේද කියන එක ගැන Cassian Andor සොයාගන්නත්, ඒකට මිනිස්සු සහ ග්‍රහලෝක දායක වුණු ආකාරයත් දැකගන්න පුළුවන්. ඒක භයානකත්වය​, වංචාව සහ කුමන්ත්‍රණ පිරුණු යුගයක්. අපේ කතා නායක Cassian කොහොම හරි ඒ බාධක මැඩගෙන අන්තිමේදි කැරැල්ලේ වීරයෙක් වෙන ඉරණම් මාරගයක් වැළඳ ගන්නවා. ඔහුගේ ගමන ගැනයි. ඒ වගේම මේ කතා මාලාවෙන් අපිට අධිරාජ්‍යයවරයාට විරුද්ධව හිස එසවු burgeoning කැරැල්ල ගැන දැකගන්න පුලුවන්..

මේ කතාමාලාව දිවයන්නේ Star Wars කතාව පාදක කරගෙන නිර්මාණය කරපු Rogue One (2016) චිත්‍රපටියට කළින් සිදුවුණු සිදුවීමක් ඔස්සේ. චිත්‍රපටියේ සිදුවීම්වලට හේතු වුණු ඊට අවුරුදු පහකට කළින් වුණු සිද්ධීන් අපිට මේ කතා මාලාවෙන් බලාගන්න පුළුවන්. කතාමාලාවේ පළවෙනි කතා සමයට කොටස් 12 ක් ඇතුළත් වෙලා තියෙනවා. ඒ වගේම තව කොටස් 12 කින් හැදුණු දෙවෙනි කතා සමයකුත් 2024 අවුරුද්දේදි නිකුත් කිරීමට නියමිත වෙලා තියෙනවා. ඒ කතාසමය මේ කතාමාලාවේ අවසාන කතාසමය වෙනවා වගේම ඒකෙ අන්තිම කොටසින් චිත්‍රපටියේ කතාව ආරම්භ වෙනවා.

එහෙනම් ඊළග කොටසින් මුණගැහෙමු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

7 comments

  1. බොහොම ස්තුතියි නියම වැඩක් .

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    150 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  3. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    ස්තුතියි, සහෝ…👍

  4. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  5. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login