The title of the page
9.2

Akash Vaani (2022) S01E05 Sinhala Subtitles | ”ලස්සන ආදර කතාවක්” | සිංහල උපසිරැසි සමඟ |

ඔන්න එහෙනම් අලුතින්ම අන්තර්ජාලයට නිකුත් වෙච්ච දෙමල වෙබ් සීරියස් එකක් තමයි ඔයාලට බලන්න අද අරගෙන ආවේ..

මේක ගැන කියන්න කලින් තියෙනවා පොඩි විස්තරයක් කියන්න.. ඔයාලා දන්නවා ඇති අල්ලු අර්ජුන්ගේ තාත්තගේ තමයි ” Aha ” කියන වෙබ් සයිට් එක ඒකෙ තෙලිඟු ෆිල්ම්ස් වෙබ් සීරියස් තව වැඩසටහන් හුඟක් ස්ට්‍රීම් වෙනවා ඔන්ලයින්.. ඔන්න ඔය ” Aha ” කියන එක දැන් දෙමල ඒවත් පෙන්නනවා.. ” Aha Tamil ” එකේ එළිදැක්වීමත් එක්කම එයාලා රිලීස් කරපු වෙබ් සීරියස් එක තමයි මේ ” ආකාශ් – වානී ” කියන්නේ..

මේකේ අධ්‍යක්ෂණය ENOC එතකොට මේකේ ප්‍රධාන චරිතය කරන්නේ කවීන්.. එයා ෆිල්ම් වල එහෙම රඟපාලා තියෙනවා මෑතකදී ආපු Lift කියන දෙමල ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය රඟපාන්නෙත් එයා තමයි.. එයා හුඟක් ප්‍රසිද්ධ කෙනෙක් මේ වෙනකොට.. එයා හුඟක් මිනිස්සු අතරට ගියේ කමල් හසන් කරන Bigg Boss Tamil වැඩසටහනෙන් තමයි.. දැනුවත්ව එයා තමයි සහය අධ්‍යක්ෂය සුපිරි නළු තලපති විජේගේ ” Beast ” කියන ෆිල්ම් එකේ.. එතකොට ප්‍රධාන නිළිය රෙබා ජෝන්.. බිගිල් ෆිල්ම් එකේ නිළිය.. එයා තව ෆිල්ම් කරලා තියෙනවා එයත් ඉතින් ප්‍රසිද්ධයි දැන්.. තව ඊට අමතරව අපි දැකලා තියෙන අය එහෙමත් ඉන්නවා..

මේක ලස්සන ආදර කතාවක්.. ආදර කතාවක් කිව්වට මේක ඇතුලේ මාර පණිවිඩ ගොඩක් තියෙනවා සාමාන්‍ය ආදර කතා වලට වඩා.. ඒ නිසා මම කතාව ගැන මීට වඩා කියන්නේ නැහැ.. මට අනිවාර්යෙන් විශ්වාසයි මේකේ පලවෙනි කොටස බලන ඕනම කෙනෙක් මේකේ අවසාන කොටස වෙනකල්ම බලනවාම තමයි.. මේකේ කොටස් 7යි තියෙන්නේ.. සීසන් 1 කියලා තියෙන්නේ සමහර විට තව සීසන් එකක් එන්න ඉඩ තියෙනවා අපි බලමුකෝ..

එහෙනම් මම යනවා.. මේක නම් අවන්කෙන්ම මිස් කරගන්න හොඳ නැති සුපිරි වෙබ් සිරියස් එකක්.. අනිවා අරගෙන බලන්න කියලා කියනවා හැමෝටම.. බලලා ඔයාලගේ අදහස් මට කියන්න අනිවාර්යෙන් යටින් කමෙන්ට් එකක් දාලා.. 
මේ පස්වෙනි කොටස අනිත් ටික ඉක්මනට දෙන්නම්..
බායි බායි!!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. ..බොහෝම ස්තූතියි උපසිරැසියට..xssdsdg

  3. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    Supun Kaushalya ❤

  4. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    Buddhika Lakmal ❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login