The title of the page
4.9
62

Abigail (2019) Sinhala Subtitles|සැඟවුණු මායා බලය|සිංහල උපසිරැසි සමග|

Abigail 2019 කියලා කියන්නෙ Aleksandr Boguslavsky විසින් අධ්‍යක්ෂණය කළ 2019 වසරේ තිරගත වුණු වඩාත් සිත්ගන්නා සුළු සිනමාපටයක්. IMDb මීටරේ පැත්තට හැරුනොත් මේ සිනමාපටය IMDb 5.8 ක අගයක් ගන්න සමත්වෙලා තියෙනවා. Adventure, Fantasy ඝණයට අයිතිවෙන මේ සිනමාපටයෙ ධාවන කාලය වෙන්නෙ විනාඩි 110 ක්.

කතාව පැත්තට හැරුනොත් මෙහෙමයි ස්ටෝරි එක යන්නෙ.

මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය තමයි ඇබිගේල් කියන ගෑණු ළමයා.මෙයා නගරයක ජීවත්වෙන තරුණියක්. මීට වසර ගාණකට කලින් අද්භූත රෝග වසංගතයක් මේ නගර පුරාම ව්‍යාප්ත වෙනවා. අන්න ඒ හින්දා මේ නගර මුද්‍රා තියන්න සිද්ද වෙනවා. ඒ වසංගතය වැළඳුන අයගෙන් එක් කෙනෙක් තමයි ඇබීගේ තාත්තා. ඇගේ තාත්තව ඇයට වයස අවුරුදු හයේදී වසංගතය වැළඳුන හින්දා රැගෙන යනවා. මෙන්න මේක වෙලා ටික කාලෙකට පස්සෙ එයා තමන්ගෙ තාත්තව හොයන්න අදහස් කරනවා. ඒ අතරෙ ඇබීට දැනගන්න ලැබෙනවා ඇත්තටම වසංගතයක් ආපු නැති විත්තිය. ඒ හැම දෙයක්ම විශාල වංචාවක් කියලත්. ඇත්තටම ඇය ජීවත් වෙන්නෙ මායා ලෝකයක. අඳුරු මායාවන් භාවිතා කරන දුෂ්ඨයෝ විසින් ඇගේ නගරය අල්ලගෙන කියලත් දැනගන්න ලැබෙනවා. මෙන්න මේ දුෂ්ඨ මායාවන් පාවිච්චි කරන අය අනිත් මායාවන් පාවිච්චි කරන අයව විනාශ කරන්න තමයි වසංගතයක් කියලා එයාලව අරන් ගිහින් තියෙන්නෙ.

මේ ටික කිව්වම ඇති කියලා හිතනවා.ඔන්න ඔහොම තමයි මේ කතාව දිගට ඇදිලා යන්නෙ.අද මේකට තමයි මම උපසිරසිය අරන් එන්නෙ.ඇත්තටම කිව්වොත් 2019 වසරෙ ආපු තවත් ලස්සන කතාවක්.මායාවන් සම්බන්ධ කතාවලට කැමතිනම් මේකත් බලන්න.

තවත් උපසිරසියකින් හමුවෙනකන් අදට නවතිනවා.

හැමෝටම ජය …

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශෂික මදුශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශෂික මදුශාන්

December 1, 2019


27
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍…
    ජය වේවා.! 👊👊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login