The title of the page
Aana Sinhala Subtitle
Aana Sinhala Subtitle
7.8

Aana (2021) Sinhala Subtitles | “කව්ද මේ ආනා.?” | සිංහල උපසිරැසි සමඟ

(Aana (2021) Sinhala Subtitles) (Aana (2021) Sinhala Subtitle) (Aana Sinhala Subtitle)
ඔන්න එහෙනම් අදත් ඉක්මනින්ම ආවේ අළුත්ම කන්නඩ සිනමාපටයකට සිංහල උපසිරසි අරගෙනයි. 2021 දෙසැම්බර් මස 07 වෙනිදා රිලීස් වුණ සිනමාපටයක්…එහෙනම් මුලින්ම මේකට උපසිරසි කරන්න අවස්ථාව සලසා දීපු සිනෙරු උපසිරසි කණ්ඩායමට මුලින් ස්තූතිය පුද කරනවා. 
Aana යනු U.K Productions යටතේ පූජා වසන්ත කුමාර් විසින් නිෂ්පාදනය කරන ලද Manoj P Madalumane විසින් අධ්‍යක්ෂණය කරන ලද කන්නඩ ත්‍රාසජනක-ත්‍රාසජනක චිත්‍රපටයකි. චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Aditi Prabhudeva සහ Sunil Puranik විසින්ය. රිත්වික් මුරලිදර් චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කර ඇත. Imdb 7.8/10 ක අගයක් ගන්නා ලද මෙය Fantasy\ Thriller\Horror යන කාණ්ඩයන් යටතේ වර්ගීකරණය කර ඇත.
යහළුවන් සිව්දෙනෙකු මේ පවතින කොරෝනා වසංගත තත්වය නිසා ඔවුන්ගේ රැකියා අහිමි වීම හේතුවෙන් ආර්ථික අපහසුතා පවතින බැවින් එය මගහරවා ගැනීමට සුළු සුළු මංකොල්ලකෑම් සිදු කරයි. පසුව මෙයින් වැඩි ආදායමක් ලබා ගත නොහැකි බව වටහාගෙන සියළු දෙනාම තිරණය කරන්නේ ලොකු මුදලක් එකවර උපයාගත හැකි වැඩක් කරන්නයි. ඒකට මෙයාලා කරන්නේ පැහැරගෙන ගිහින් කප්පස් ඉල්ලන්නයි. ඉතින් කට්ටියම ප්ලෑන් කරල පැහැරගෙන යන්න හදන්නෙ හොද සල්ලි තියෙන කෙනෙක්ගෙ දුවෙක්ව. මේකට තවත් මෙයාලගේ කල්ලියේ කෙනෙක්ව සම්බන්ධ වෙනවා. ඉතින් කට්ටිය එස්අයිගේ දුවව පැහැරගෙන යනවා. ගිහින් කප්පම් ඉල්ලනවා. ඒත් මෙයාව පැහැරගෙන ගියාට ඇත්තටම කප්පම් ගන්න වෙන මුවාවකින් හොද සල්ලිකාර ගෙදරක කෙල්ලෙක්වත් පැහැර ගෙන යනවා.  
ඇගේ නම තමයි ආනා කියන්නේ. ඉතින් මේ ආනා නම් තරුණිය කිසිවකුට කරදරයක් නොවී සාමකාමී ජීවිතයක් ගත කරන කෙනෙක්. ඇයව බේර ගන්න ඇගේ පියාගෙන් කප්පම් මුදලක් ඉල්ලනවා. ඒත් ඔහු මේ පැහැරගෙන ගිය කණ්ඩායමට කියන්නේ ඇයගෙන් පරිස්සම් වෙන්න කියලයි. මේක මේ අයට ප්‍රෙහ්ලිකාවක්. කොහොමින් හරි මේ අයව බේරගන්න මේ කෙල්ලගේ තාත්තා උනන්දු වෙනවා.. ඒත් ඇයි එයා මෙයාලව බේරගන්න හදන්නේ..කව්ද මේ ආනා කියන්නේ…එහෙනම් මේක බලලම මොකද වෙන්නේ කියලා බලන්න කියන ගමන්ම නැවත උපසිරසියකින් හමු වෙනතුරු ඔබ සියළු දෙනාගෙන් සමුගන්නවා
– චිත්‍රපටය පිළිබද විස්තර බිදක් –
කාණ්ඩය : Fantasy\ Thriller\Horror
අධ්‍යක්ෂණය : Manoj P. Nadalumane
නිෂ්පාදනය : Manoj P. Nadalumane
රංගන ශිල්පීන් : Chethan, Gandharva,Aditi Prabhudeva,Suneel Puranik
ධාවන කාලය : 1h 56m
තිරගත කල දිනය : 7 Dec 2021
IMDB අගය : 7.8/10
(Aana Sinhala Sub) (Aana 2021 Kannada Movie Sinhala Subtitle)
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය සමන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය සමන්

August 13, 2020


67
Total Subtitles

5 comments

  1. Thanks sub ekata

  2. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    සුපිරි බ්‍රෝ.. 100ට ලඟයි 100ට ලඟයි.. 😍😍

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request:

    Badava Rascal (2021)

    Singa Paarvai (2022)

  5. .බොහෝම ස්තූතියි උපසිරැසියට.ui

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login