A Knight of the Seven Kingdoms (2026) S01 E05 Sinhala Subtitles
A Knight of the Seven Kingdoms (2026) S01 E05 Sinhala Subtitles
8.4
94
62

A Knight of the Seven Kingdoms (2026) S01 E05 Sinhala Subtitles | “ කඳුළු පිරුණු ජයග්‍රහණයක් ” | සිංහල උපසිරැසි සමඟ

කොහොමද ඉතින් යාලුවනේ! ඔන්න ඉතින් මේ සැරේ අරගෙන ආවේ Game of Thrones පිස්සන්ට නම් පිස්සු හැදෙන සුපිරිම ආරංචියක්! වෙස්ටරෝස් වලට ආයෙම පාරක් යන්න ලෑස්තිද?

අද අරගෙන ආවේ Game of Thrones සිදුවීම් වලට සියවසකට විතර කලින් සිද්ධ වෙන, George R.R. Martin ගේ සුප්‍රසිද්ධ “Dunk and Egg” කතා මාලාව ඇසුරෙන් නිර්මාණය වුනු අලුත්ම අලුත් කතා මාලාවේ පළවෙනි කොටසයි. මේක Fantasy සහ Adventure පිරුණු, හැබැයි හදවතට දැනෙන සුපිරිම කතාවක්!

ඉතින් මේ කතාව ගලාගෙන යන්නේ ‘ඩන්ක්’ (Dunk) එහෙමත් නැත්නම් ‘සර් ඩන්කන් ද ටෝල්’ වටා. මෙයා අහිංසක, හැබැයි යෝධයෙක් වගේ උස, කාත් කවුරුත් නැති ‘හෙජ් නයිට්’ (Hedge Knight) කෙනෙක්. එයාගේ ස්වාමියා මිය ගියාට පස්සේ, ඩන්ක් තීරණය කරනවා ඈෂ්ෆර්ඩ් තරඟාවලියට ගිහින් තමන්ගේ වාසනාව උරගා බලන්න. ඔහොම යන අතරමගදී තමයි මෙයාට හම්බවෙන්නේ ‘එග්’ (Egg) කියල පොඩි, තට්ට හිසක් තියෙන කටකාර කොලු ගැටයෙක්ව.

නිකන්ම හම්බවුනාට මේ යෝධයයි, පොඩි කොල්ලයි එකතු වෙලා යන මේ ගමන මුළු වෙස්ටරෝස් ඉතිහාසයම වෙනස් කරන්න මුල පුරනවා කියලා කවුද දන්නේ? ඈෂ්ෆර්ඩ් තරඟාවලියට යන ඩන්ක්ට මුහුණ දෙන්න වෙන අභියෝග මොනවද? මේ පොඩි එග් ඇත්තටම කවුද? (එයා ගැන ලොකු රහසක් තියෙනවා ).

ලොකු ඩ්‍රැගන්ලා නැති වුනාට, කඩු සටන්, රාජකීය කුමන්ත්‍රණ සහ ටාගේරියන් පවුලේ අපි නොදන්න පැති ගොඩක් මේ කතාවෙන් බලාගන්න පුළුවන්. මේකේ ඩන්ක් විදිහට Peter Claffey සහ එග් විදිහට Dexter Sol Ansell සුපිරියටම රඟපානවා.

හරි එහෙනම්, වෙස්ටරෝස් වල අලුත්ම වීරයාගේ ගමන පටන් ගමු! සිංහල උපසිරැසි එක්කම මේකත් රසවිඳින්න කියලා මතක් කරන ගමන්, ආයෙත් දවසක අලුත්ම අලුත් කතාවකින් හම්බවෙනකන් ඔයාලට සුභ දවසක්! ජය වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගීතක විරාජිත් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගීතක විරාජිත්

November 5, 2025


30
Total Subtitles

2 comments

  1. Thanks for the Sub bro…

  2. සබ් එකට තෑන්ක්ස් මචං

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login