The title of the page
a day sinhala subtitle

A Day (2017) Sinhala Subtitles | දවසක් | සිංහල උපසිරැසි සමග |

  සුභ දවසක් වේව සියලු දෙනාටම.

  ලැබුවාවු අලුත් අවුරුද්ද වෙනදා මෙන් සැමරීමට නොහැකි වුවද, සැවොම එක සිතින් ලෝකවාසින් නීරෝගී වේවායි ප්‍රාර්ථන කරමු… අද අපේ වෙබ් අඩවියට විශේෂ දවසක් දැන් දන්නව ඇතිනෙ කට්ටිය. ඉතින් කෙටි කාලයක් තුල දිගු ගමනක් ආව බාදක කම්කටුලු මැදින්. ඉතින් අද විශේෂ දවස වෙනුවෙන් මගේ යුතුකමක් විදියට සංවත්සර දිනයට දෙන්න මමත් සබ් එකක් ගැහුව. වැඩි කතා නැතුව බලමු අපේ චිත්‍රපටිය ගැන. (a day 2017 sinhala sub)

  මන් අද අරගෙන කොරියානු චිත්‍රපටියක්. 2017 වර්ශයේ නිකුත් උන Drama/Mystery/Thriller කිය ඛාණ්ඩ වලට අයත් ෆිල්ම් එකක්. කොරයන් ලගෙ ත්‍රිලර් ගැන ඉතින් අහන්න දෙයක් නැහැනෙ. රෙටින් අතින් ගත්තොත් IMDB අගය 6.8/10 අගයකුත් MydramaList අගය 8.0 අගයකුත් Rotten Tomatoes අගය 100% ක අගයකුත් ලබාගන්න සමත් වෙලා තියෙනව. රේටින් වලින්ම පේනවනෙ චිත්‍රපටිය කොහොමද කියල. මේක Cho Sun-ho අධ්‍යක්ෂක තුමාගෙ නිෂ්පාදනයක්. මෙහි රංගනයෙන් Kim Myung-min, Byun Yo-han, Eun-hyung Jo කියන නලු නිලියන් දායකවෙලා තියෙනව. ඒ වගේම මෙම චිත්‍රාටිය ඇමරිකානු ඩොලර් මිලියන 8.5ක ආදයමක් ඉපයීමටත් සමත් වෙලා තියෙනව.

  කතාව ගැන කිව්වොත් මෙහෙමයි.

කිම් ජුන් කියන්නෙ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්. ඉතාමත් ප්‍රසිද්ධ කාර්‍යබහුල පුදගලයෙක්. මෙයාට දුවෙක් ඉන්නව
එයා තමයි එයුන් ජින්. ලෝක ප්‍රසිද්ධ වෛද්‍යතුමාට තමන්ගෙ දුවට හොඳ තාත්ත කෙනෙක් වෙන්න නම් බැරි වෙලා
තියෙනව. ඉතින් තමන්ගෙ දුවගෙ උපන්දිනේ වෙනුවෙන් රට ඉඳන් එනව දුවව බලන්න. මෙයා ගුවන්තොටුපලේ ඉඳන් යන
අතර මගදි දකිනව රිය අනතුරක් වෙලා තියෙනව. වෛද්‍යවරයෙක් විදියට නොදැක්ක වගේ යන්න බැරි නිසා මොහු ගිහිල්ල
අනතුරට පත් රෝගීන්ට උදව් කරනව. මෙතනදි තමයි මේ කතාව හරියටම පටන් ගන්නෙ. මෙයා දකිනව මේ රිය අනතුරට
ලක් වෙන්නෙ තමන්ගෙ දුව කියල.

a day 2017 sinhala sub

   කතාවට මම ලොකු පිවිසීමක් ගත්ත දැන් කියන්න යන්නෙ උපරිම සාරංශ කරල. හරියටම 12 වෙද්දි මෙයාව ආයෙත් ගුවන්
යානයෙ නින්දෙන් ඇහැරෙන තැනට යනව. මේක හීනයක් වගේ උනත් හීනයක් නෙවෙයි. තමන්ගෙ දුව බේරගන්නකල්ම
නැවත නැවත මේ රිය අනතුරත් දවසත් හැමදේම ආපහු සිද්ධ වෙනව. මෙයාට වගේම මේක බලපාපු තව කෙනෙක් ඉන්නව.
එයාගෙ බිරිඳ ඉන්නෙ රිය අනතුර වෙන ටැක්සියෙ මොවුන් දෙදෙනටම මේ රිය අනතුර සහ දවස නැවත නැවත සිද්ධ වෙනව.
මේ ටැක්සි රියදුරුගෙත් ලොකු සම්බන්ධයක් තියෙනව. මන් ටිකක් ලොකුවට කතාව පැහැදිලි කලා කතාව නොතේරුනොත්
තේරුම් ගන්න පුලුවන් වෙයි කියල හිතනව. ඉතින් මෙයාලට මෙයාලගෙ ආදරණීයන්ව බේරගන්න පුලුවන් වෙයිද?, මේක
නැවත නැවත වෙන්න හේතුව මොකක්ද?, ටැක්සි රියදුරුගෙ මේකට තියෙන සම්බන්ධය මොකක්ද? කියල ඔයාලම බලන්න.

a day 2017 sinhala sub

   ලැබුවාවූ අවුරුද්ද සියලු ලෝකවාසීන් නිරෝගි වේවායි ප්‍රාර්ථන කරමින් මම අදට සමුගන්නව. හැමෝටම නිරෝගීව ඉන්න ලැබේවා. ගිහින් එන්නම් ආයෙ උපසිරැසියකින් හමුවෙමු. මේ උපසිරැසිය කරන්න මට සෙට් කරල දුන්නෙ සිතුම් ඉෂාර අයියටත් බොහොම ස්තූතියි මේක බැලුවෙත් එයා නිසාමයි.

නිදුක් නිරොගී සුභ අලුත් අවුරුද්දක් වේවා !

a day 2017 sinhala sub

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අසංක වීරසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අසංක වීරසිංහ

April 19, 2019


78
Total Subtitles

11 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් මචං

  2. Puluwannam Perfect Number film ekatath sub denna

  3. Thanx malli ❤️❤️❤️😍

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  5. උපසිරිසියට බොහොම ස්තුති
    Mey korean movies walatath sun dennako

    Keys to the heart (2018)
    Thirst (2009)
    Joint security area (2000)
    Dark figure of crime (2018)
    Believer (2018)

  6. Thanks you. Oyaga subtitles great . Film eka gnnawa ❤

  7. සබ් වෙනුවෙන් බෙහෙවින්ම ස්තූතියි! 👊😍
    ජය වේවා! 💖

  8. බොහොම ස්තූතියි සබ් එකට

  9. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

  10. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕❤😍👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login