The title of the page

Guna 369 (2019) Sinhala Subtitles|ද්‍රෝහීන්ගෙන් කල වියරු පලිගැනීම|සිංහල උපසිරැසි සමග|

” වැරැද්ද මගේ ,
වෙන අයට උදව් කරන්න ගිහින්..
මගේ පවුලේ අයව අපහසුතාවයට පත් කලා..
මේ අම්මව දුකට පත් කලා..
එයා කිව්ව හරි..
මං ගැන හිතන කාටවත් මොකුත්ම වෙන්න බෑ..
මං ගැන හිතන කාටවත් කොහෙත්ම මොකුත් වෙන්න බෑ.. “

අපි වෙසෙන සමාජයත් , අපි ආශ්‍රය කරන යාලුවනුත් මතු පිටින් පේන්න තියෙනවට වඩා ඇතුලතින් බොහොම වෙනස්..සමාජය කියන්නේ අහිංසක ජීවිත වලටත් කුරිරුකම් කරන හරිම අමුතු තැනක් වෙලා..ඉතින් මේ සමාජයම ආභාශයට අරන් ජීවත් වෙන අය ගැනනම් මොන කතාද..?

අපි හැමෝටම ඕනි තමන්ගෙ පාඩුවෙ , කාටත් අතනොපා සුන්දර විදියට තමන්ගෙ සබැදියන් එක්ක ජීවීතේ ගොඩනගා ගන්න..

පලමු හුස්ම වාතයට එක් කර මෙලොවට බිහි වූ දා සිට…

අවසන් හුස්ම වාතලයට එක් කරමින් ජීවන රගමඩලට සමුදෙන තාක් මේ ජීවනේ ගමනේ සියලු රංගනයන් සිද්ද වෙන්නේමේ සමාජය ඉදිරියේ..ඉතින් අපි හිතන විදියෙ ජීවිතයක් ගත කරන්න මේ සමාජයත්..,

මිතුරනුත් ඉඩ ලබා දෙයිද ..?

ආයුබෝවන් 🙏

ඔන්න එහෙනම් අදත් මම ආවා ආදරණීය සිනමා රසික ඔබට තෙලිඟු සිනමාවේ තවත් සලරුවක ආශ්වාදය උපසිරැසියකින් හැඩ ගන්වලා සමීප කරන්න..

Guna 369….

මේ අවුරුද්දේ අගෝස්තු 02 තමයි තිරගත වීම ආරම්භ කලේ..ඉතින් සාර්ථකව තිරගත වුනු මෙහි ඔර්ජිනල් පිටපත අන්තර්ජාලයට එකතු වෙලා තාම හෝරා කිහිපයයි..චිත්‍රපටය ගැන කියනවනම් මෙය IMDB දර්ශකය තුල 8 ක අගයකුත් , Google පරිශීලකයන්ගේ 93% ක මනාපයකටත් හිමිකම් කියන්න සමත් වුනා..මෙහි අධ්‍යක්ෂණය සිදුකලේ Arjun Jandyala විසින්..

හැමෝටම මතක ඇතිනේ 2018 අවුරුද්දේ නිකුත් වුනු Rx100 චිත්‍රපටය..ඒක හරහා තෙලිඟු සිනමා රසිකයන්ට තමන්ගේ හැකියාව මනාවට පෙන්නුම් කරපු Karthikeya Gummakonda තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන නලුවා ලෙසින් එක්වෙන්නේ..

මං කලින් උපසිරැසි ගැන්වූ Gang Leader චිත්‍රපටය වගේම මොහුගේ මේ අවුරුද්දේ නිකුත් වුනු අනෙක් චිත්‍රපටය තමයි Hippi..

ප්‍රධාන නිලිය ලෙසින්නම් අපිට තෙලිඟු සිනමාවට අලුත් මූණක් තමයි මේ චිත්‍රපටයේ එකතු වෙන්නේ..Anaga Maruthora තමයි ඒ..Hiphop Thamizha ගේ Natpe Thunai දමිල චිත්‍රපටය බලාපු අයනම් මෙයාව දැකල ඇති..

Anagha & Karthikeya In Success Celebrate Function

 

ඉතින් මේ දෙන්න එක්ක තවත් සුපිරි නලු නිලියෝ රැසක් මෙහි රංගනයෙන් දායක වෙනවා.

හරි මං කතාව මතක් කරන්නම්…

ගුනා කියන්නේ තමන්ගෙ ගමේ හොඳ නමක් තියෙන පාඩුවෙ රස්සාව කරගෙන ඉන්න කොල්ලෙක්..මෙයාගේ තාත්තා ඉතින් මෙයාට මාරම ආදරෙයි..කොටින්ම කිව්වොත් තාත්තගෙ ලෝකෙම මෙයා තමා..

ඉතින් තාත්තගෙ එකම ආසාව ගුනා බීටෙක් පාස් කරනව දකින එක..මොකද එයාට ගේ ඉස්සර ගුනා බීටෙක් කියල බෝඩ් එකක් ගහන්න ඕනි ගමේ අයට පේන්න..

ඉතින් හැමසැරේම ෆේල් වෙලා ඔන්න අන්තිමට ආයි පාරක් මෙයා විභාගෙ ලියන්න යද්දි අතරමගදි වෙන දෙයක් හින්ද මෙයාට ගීතා හම්බෙනවා..ඉතින් කොල්ලට දැක්ක ගමන් ගීතට හිත යනවා..

ඔහොම ගලාගෙන යන කතාව මං මුලින්ම කිව්ව කරුනු කාරනා එක්ක එහෙම්ම කණපිට පෙරලෙනවා …ඉතින් ඒ හැමදේම දැනගන්න වෙන්නෙ ඔයාට ෆිල්ම් එක බලල..

ඒ වගේම හරිම සංවේදී චිත්‍රපටයක් වගේම හදවතට දැනෙන චිත්‍රපටයක් කියල මේක කලින්ම කියන්න ඕනි..

ඉතින් හැම උපසිරැසියකම මම සින්දු වලට උපසිරැසි දාන්නෑ..මොකද හිතට අල්ලයන සින්දු තිබුනොත් තමා අනිවාරෙන්ම කරන්නේ..ඔන්න මේකෙත් එහෙම ලස්සන ටිකකට කලා..

පරක්කු වෙලාහරි කමක් නෑ සින්දුත් එක්ක උපසිරැසි ඕනි වගේ ඉල්ලීමක් කරනවනම් මට ඒත් ප්‍රශ්නයක් නෑ..ඒත් මම ඉක්මනින් ඔයාලට උපසිරැසි ගේන්න බලන්නේ මම ගොඩක් මහන්සි වෙලා ගහන්නන් වාලෙ ගහල එහෙම නෙමේ..කව්රුත් උපසිරැසි දෙනකම් බලන් ඉන්න නිසා..ඉතින් විනෝදෙට කරන මේ වැඩේ කිසිම තරගකාරීත්වය නෑ කව්රුත් හිතනව වගේ..මේ දේවල් ඔක්කොම හුදෙක් විනෝදාස්වාදයකට විතරයි නේ ඉතින් ..

ඔයාලගෙ අදාහසත් කොටාගෙනම..තෙලිඟු සිනමාවේ වින්දනීය සලරුවක රසය විදින්න කියල ආරාධනා කරන ගමන් මම ගිහින් එන්නම්..

  ආදරබර ඔබ සැමට ජය ✌

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

9 comments

  1. Sthuthi obata sahoo …

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. Thanks saho ada wage dawasaka dunnata…👍👍👍

  4. bro thankx me film ekata sub eka genawata namma vitta pilla film ekath sub eka denawada

  5. thanks bro ada dunna ekata.

  6. රැග්නා ලෝඩ්බ්‍රොක් -- සිනමා ලෝකය - (Direct Link)

    උපසිරැසියට ස්තූතියි සහෝ…

  7. මදුවා ඔන්න එහෙනම් ගත්තා 😍😘

  8. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

  9. Achi
    Top Fan ⭐⭐⭐

    Thank bokka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login