The title of the page
6.1
81

369 (2018) Sinhala Subtitles | ජීවීතේ හරි පුදුමයි | සිංහල උපසිරැසි සමග |

Hemanth Menon , Miya sree ප්‍රධාන චරිත වලට පණ පොවන 2018.11.23 ප්‍රදර්ශනය ආරම්භ කරපු Drama , Thriller කාණ්ඩයේ චිත්‍රපටයක් තමා මේ 369 කියන්නේ ප්‍රධාන චරිත තුනක් වටා ගෙතෙන වෙනස්ම ගණයේ චිත්‍රපටයක්,

ජීවීතේ අපි හරි පුදුම අවස්ථා වලට මුහුණ දෙනවා සමහරවිට වේදනාව, සතුට, වෙන්වීම මේ වගේ විවිධ අවස්ථා අපට ජීවන ගමනේදී හමුවෙනවා, ප්‍රියයන්ගෙන් වෙන්වීම කියන්නේ සමහර වෙලාවට දරාගන්න අමාරු දෙයක්,

සමහර දේවල් ලබා ගන්න ඉවසීමෙන් බලාන ඉන්න වෙනවා ඒ අරමුණක් වෙනුවෙන්, ජීවීතේ හරි පුදුමයි. ආදරය කියන දේ ඊටත් වඩා පුදුමයි කීවොත් මම හරි කෙනෙකුට එකපාරටම එකඟ වෙන්න බැරි වෙන්න පුළුවන් නමුත් ඉන් එහාට යමක් කියන්නේ නැත්තේ ඒ ඔබේ රසවින්දනයට බාධාවක් වන නිසාවෙන්, කෙටියෙන් කියන්නම් තරුණයෙක් සහා ඔහුගේ ආදරවන්තිය අතර දිවෙන කතාවක එක්තරා අවස්ථාවක පිටස්තර පුද්ගලයෙකු බලපෑම මත සියල්ල උඩු යටිකුරු වෙනවා නමුත් හිතාගන්න අමාරු අවසානයක් , චිත්‍රපටය පුරාවටම කුතුහලය කියන කාරනාව හරි අගේට තියනවා මොකද රාමුවෙන් රාමුවට ඒ දෙන හැගිම හරි අගෙට මම වින්දා, ඔව් බැලුබැල්මටම අමුතු හැගිමක් එනවා ඇති මොකක්ද මේ 369 කියලා,ආදරයට කියන නිර්වචන නැති හැඟිමට කරන්න බැරි මොනවද කියලා අවසානයෙදී ඔයාට හිතෙයි, ඊටත් එහා ගිය සහෝදර බැඳිමට චිත්‍රපටය ගැන වටින් ගොඩින් කීවේ මම කැමති නෑ ප්‍රෙක්ෂකාගාරයට අසාධාරණයක් කරන්න, අනිවාර්යයෙන් බලන්න ම ඕන කතාවක් සියලුම මලයාලම් රසිකයන්ට ආරාධනා කරනවා බලන්න

මොකක්ද මේ 369 කියන කාරණය ප්‍රෙක්ෂකාගාරයට බාරයී
සුපුරුදු මලයාලම් හැගිමෙන් ඔබ්බට ගිය හරි අපූරු කතාවක්

“සමහර වෙලාවට ජීවීතේ ලොකුම වේදනාවන්
අපේ ලොකුම ශක්තිය බවට පත් වෙනවා”

හිතට දැනුනම වචන ටික

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුමේෂ් බස්නායක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුමේෂ් බස්නායක

August 21, 2019


29
Total Subtitles

5 comments

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. Godaaak pin,,,,thank you

  3. Godak sthuthi sahooo sub ekata …

  4. හේමන්ත ද සිල්වා

    ස්තුතියි රුමේෂ් උපසිරැසියට….
    මලයාලමක් නම් ඉතින් බලන්නම එපැයි…

  5. ගොඩක් පිං සහෝ…
    ජය වේවා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login