Young Sherlock (2026) S01 E02 Sinhala Subtitles
Young Sherlock (2026) S01 E02 Sinhala Subtitles
7.6
84
74

Young Sherlock (2026) S01 E02 Sinhala Subtitles | “ දැවී ගිය පින්තූරයේ අභිරහස ” | සිංහල උපසිරැසි සමඟ

කොහොමද හැමෝටම!

මේ අරන් එන්න සූදානම් වෙන්නේ ලොවක් දන්නා රහස් පරීක්ෂකයා ශර්ලොක් හෝම්ස්ගේ නොදන්නා අතීතය වෙනුවෙන් ආපු ටීවී සීරීස් එක. Amazon Prime Video හරහා 2026 මාර්තු 4 වෙනිදා නිකුත් වුණු අලුත්ම රහස් පරීක්ෂක කතාමාලාව තමයි ‘Young Sherlock කියන්නේ.

Robert Downey Jr. රඟපෑ ජනප්‍රිය ෂර්ලොක් හෝම්ස් චිත්‍රපට ද්විත්වය අධ්‍යක්ෂණය කරපු Guy Ritchie විසින්ම මේ කතාමාලාවත් අධ්‍යක්ෂණය කර තිබීම තමයි මෙතන තියෙන සුවිශේෂීම කාරණය. මං හිතනවා ලංකාව ඇතුළෙත් සිංහල හඬකැවීමක් එක්ක පවා විකාශනය වුනු මේ චිත්‍රපට දෙක ඔයාලා නරඹලා ඇති කියලා.


කොහොමහරි කොටස් 8කින් සමන්විත මේ කතාමාලාව, රහස් පරීක්ෂක කතා ලෝලීන්ට අලුත්ම අත්දැකීමක් වෙන බවට කිසිම සැකයක් නෑ. එහෙනම් හැරෙමු කතාව පැත්තට!

මෙම කතාව පදනම් වෙලා තියෙන්නේ Andrew Lane විසින් රචිත ‘Young Sherlock Holmes’ නවකතා මාලාව මතයි.
කතාව දිගහැරෙන්නේ 1870 දශකයේ, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය පසුබිම් කරගෙන. මේකෙන් අපිට දකින්න ලැබෙන්නේ අපිට සාමාන්‍යයෙන් කියවලා පුරුදු බැරෑරුම්, ප්‍රවීණ රහස් පරීක්ෂණ ශර්ලොක් වෙනුවට වයස අවුරුදු 19ක, දඩබ්බර, තමන්ගේ හැකියාවන් ගැන තාමත් හරිහැටි අවබෝධයක් නැති තරුණ කොල්ලෙක්.
ඔහු විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්නා ශිෂ්‍යයෙක් නොව, එහි සේවකයෙක් විදියටයි වැඩ කරන්නේ.

​මේ අතරතුර විශ්වවිද්‍යාලය ඇතුළේ සිදුවන අද්භූත මිනීමැරුමකට ශර්ලොක්ව සැක කෙරෙනවා. තමන්ගේ නිදොස් බව ඔප්පු කිරීම සඳහා ඔහුට මෙම රහස විසඳන්නට සිදුවෙනවා. මේ ගමනේදී ඔහුට උදව් කරන්නේ වෙන කවුරුත් නෙවෙයි, පස්සෙ කාලෙකදී ශර්ලොක්ගේ පරම හතුරා බවට පත්වෙනන ජේම්ස් මොරියාටි වීම තමයි තියන ලොකුම විශේෂත්වය.

තව දුරට ගිහින් අපි කතා කරමු මේ Young Sherlock කතා මාලාව මුල් පොත් සහ උඩ කතා කරපු චිත්‍රපට එක්ක වෙනස් වෙන්නෙ සහ සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලා.

ආතර් කොනන් ඩොයිල්ගේ මුල් පොත්වල ශර්ලොක් සහ මොරියාටි කියන්නේ පරම හතුරන් වුණත්, මේ කතාමාලාව මුලදී ඔවුන් දෙදෙනා ඉතාම සමීප තරුණ යාළුවෝ දෙන්නෙක් විදියටයි පෙන්නුම් කරන්නේ.
ඒ වගේම මුල් පොත්වල මයික්‍රොෆ්ට් කිය්න්නේ ශර්ලොක්ටත් වඩා බුද්ධිමත්, ඒත් කම්මැලි චරිතයක්. හැබැයි මේකෙ ඉන්න මයික්‍රොෆ්ට් ඇවිල්ලා ශර්ලොක්ගේ දඩබ්බර වැඩ පාලනය කරන, ඔහු ගැන නිතරම වදවෙන වැඩිමහල් සහෝදරයෙක් විදියටයි නිර්මාණය වෙලා තියෙන්නේ.
ඒ විතරක් නෙවෙයි, ශර්ලොක්ගේ අම්මාගේ මානසික රෝගී තත්ත්වය සහ තාත්තාගේ අතුරුදන් වීම වැනි පවුලේ අඳුරු රහස් ගැන මුල් පොත්වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් කෝණයකින් මේ කතා මාලාව ඇතුළේ සාකච්ඡා කෙරෙනවා.

2009 පටන් ගත්තු Robert Downey Jr. ගේ ශර්ලොක් හෝම්ස් චිත්‍රපට දෙක අධ්‍යක්ෂණය කළෙත් Guy Ritchie නිසා, ඒ චිත්‍රපටවල තිබුණු වේගවත් ක්‍රියාදාම රටාව සහ යම් සිදුවීමක් මනසින් දැකීමේ හැකියාව වැනි දේවල් මේ අලුත් කතාමාලාවෙත් ඒ විදියටම දකින්නට ලැබෙනවා.
ඔය කොහොම වුණත්, මේක පරණ චිත්‍රපටවල Prequel එකක් නෙවෙයි, හැමදේකින්ම සම්පූර්ණයෙන්ම මිදුණු වෙනමම විශ්වයක නිර්මාණය වෙලා තියෙන අලුත්ම කතාවක්.

ඉතින් ආරාධනා කරනවා බේකර් වීදියේ අපි දන්න ශර්ලොක් හෝම්ස්ගේ නොදන්නා අතීතය බලලා දැනගන්න කියලා. ඊළඟ අභිරහසින් හමුවෙමු… ✌️🫆🔍

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තිසුර සංජන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තිසුර සංජන

May 22, 2025


119
Total Subtitles

3 comments

  1. තෑන්ක්ස් මචං සබට

  2. Thanks……..

  3. thanks….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login