The title of the page
Wonder Women (2022) Sinhala Subtitle
Wonder Women (2022) Sinhala Subtitle
5.2
65

Wonder Women (2022) Sinhala Subtitles | “සොඳුරු මව්පදවිය” | සිංහල උපසිරැසි සමඟ

(Wonder Women (2022) Sinhala Subtitles) (Wonder Women Sinhala Subtitle) (Wonder 2022 Women Sinhala Subtitle) (Wonder Women 2022 Malayalam Movie Sinhala Subtitle)

සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම…

අද උපසිරැසිය අරං ඇවිල්ලා තියෙන්නෙ සොඳුරු මලයාලම් චිත්‍රපටයකට.. මලයාලම් චිත්‍රපට ගැන අමතුවෙන් කියන්න ඕන නෑනි.. මව් පදවියට උරුමකම් කියන්න ඉන්න “මව්වරු” ඉන්නවා නම් අනිවාර්යයෙන්ම නරඹන්න කියලා 🥰 මුලින්ම කියා සිටිනවා. පැය 1 විනාඩි 20 ක කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් සොඳුරු මව් පදවියේ කතාවක් තමයි මේක..

5.2/10 ක IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Drama / Funney කාණ්ඩයට අයත් මලයාලම් චිත්‍රපටයක්. Nadhiya ඇතුළු Nithya Menen , Parvathi Thiruvothu , Padmapriya Janakiraman , Amruta Subhash හා Sayanora යන නළු නිළියන් රැසක් මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන කිව්වොත් එක එක දේවල් ඉගෙන ගන්න එක එක පන්ති වලට යන්න මිනිස්සු පුරුදු වෙලා ඉන්නවනි හැබැයි මේ කියන්න යන්නෙ ⁣”සුමනා” කියලා පන්තියක් ගැන. මේ පන්තිය අනිත් පන්ති වලට වඩා සුවිශේෂී පන්තියක්.. ඒ මේ පන්තිය තියෙන්නෙ ගැබිනි මව්වරුන් සඳහා. මේ පන්තියෙදි කායික මෙන්ම මානසික ව්‍යායාම පුරුදු කරනවා. ඉතිං මේ පන්තියට එනවා මව්වරු පස්දෙනෙක්. මේ අයගෙ පවුල් පසුබිම් වගේම මේ අයගේ චරිත රටා හාත්පසින්ම වෙනස්… ඇත්තටම මේ මව්වරුන් කව්ද…? මේ අය ඉගෙන ගන්න අවේ මොනාද…? සොඳුරු මව් පදවියෙ ඇතුළාන්තය දකින්න අරාධනා කරනවා… අනිවාර්යයෙන්ම නරඹන්න 😉👍★

යලි උපසිරැසියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්. (SK)༆

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශේන් කෙවින් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශේන් කෙවින්

April 16, 2022


41
Total Subtitles

3 comments

  1. Kooman
    Monster මලයාලම් ෆිල්ම් වලටත් සබ් දෙමු
    මේකටත් තැන්ක්ස්
    ජය වේවා

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි කෙවින් සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  3. laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login