The title of the page
Watcher (2022) Sinhala Subtitles
Watcher (2022) Sinhala Subtitles
6.6
87
79

Watcher (2022) Sinhala Subtitles | “මිනිමරුවෙක්” | සිංහල උපසිරැසි සමඟ

(Watcher (2022) Sinhala Sub) (Watcher (2022) Sinhala Subtitles)

Director
Chloe Okuno
Writers
Zack Ford(based on the screenplay by)
Chloe Okuno(written for the screen by)

Stars
Maika Monroe
Karl Glusman
Burn Gorman

IMDb RATING
vote of 6.7 / 10

ඉතිං මේ ෆිල්ම් එකේ රොමේනියන් භාෂාව ගොඩාක් දුරට භාවිතා කරනවා. මේ ෆිල්ම් එක බලද්දි නම් ඔයාලට යම් යම් සිද්දි අපේ ලංකාවෙත් සිද්ධවුනානෙ කියලා මතක් වෙයි. බොහොම මෑතකදි සිද්ද වුන හිස නැති යුවතියකගෙ සිරුර අනිවාර්යෙන්ම මතක් වෙයි. මේ අයුරින් මිනී මරුම් කීපයක්ම කරණ මිනී මරුවෙක් ඉන්නවා. ඉතිං මහල් හුදෙකලාවේ සිටින කාන්තාවන් ගැන විමසිල්ලෙන් ඉන්න. ඒ වගේම යම්කිසි කෙනෙක් යම් අවිශ්වාස දායී හැඟීම් වලින් ජීවත් වෙනවා නම් ඒ කෙනා ගැන නිතර හොයලා බලන්න. 2022 අලුතින්ම නිකුත් වුන මේ චිත්‍රපටිය සමාජයට පණිවිඩයක් ලබා දෙනවා.

ජූලියායි (මයිකා මොන්රෝ) එයාගෙ මහත්තයා ෆ්‍රැන්සිස් (කාල් ග්ලූස්මන්) බුකාරෙස්ට් වලට එනවා. ෆ්‍රැන්සිස්ගෙ අම්මා රොමේනියන්. ඉතිං එයාට රොමේනියන් භාෂාව පුළුවන්. ජුලියාට රොමේනියන් තේරෙන්නෙ නෑ. මේ නිසාම ගොඩාක් වෙලාවට ෆ්‍රැන්සිස් ජුලියාට භාෂාව පරිවර්ථනය කරද්දි ජූලියාට ඇත්ත කියන්නෙ නෑ. බුකාරෙස්ට් වලට එන පළවෙනි දවසෙ ඉඳන්ම ජූලියා කලකිරීම් වලට පත්වෙනවා. හරිම අඳුරු බවක් ජූලියාට දැනෙන්නෙ. නිතරම කෙනෙකු ඇය ගැන විමසිල්ලෙන් ඉන්න නිසා තවත් ජූලියා අපහසුතාවයට පත්වෙනවා. එයා දිහා බලන් ඉන්න මිනිහා ගැන තදබල සැකයක් එයාට තියෙනවා. ඒත් කවුරුවත් එයා කියනදේ පිලිගන්නෙ නෑ.

එයා ගොඩාක්විමසිල්ලෙන් ඉන්නේ. එයාට යාබද නිවසේ වෙසෙන ඉරීනාට මුණගැහෙනවා. මං හිතන්නෙ ජූලියාට එයාගෙ තනිකම ටිකක් හරි මග ඇරෙන්නෙ ඉරීනා එක්ක සමීපව කතා බහ කරණ කාලෙදි. ජූලියා ඉරීනා ගැන කල්පනාවෙන් ඉන්නෙ. ඒත් එයා කියන දේවල් ඉරීනට ඇරෙන්න ඒ මහල් නිවාසෙ අනිත් කිසිම කෙනෙක්ට තේරෙන්නෙ නෑ.ජූලියාටත් එහෙමයි. ඒත් ජූලියා ඉරිනත් එක්ක එකතු වුනහමත් ෆ්‍රැන්සිස්ට හොරෙන් භාෂාව ටික ටික ඉගෙන ගන්නවා. බුකාරෙස්ට් වලට ආපු දවසෙම වගේ කාන්තාවක් ඝාතනය වෙලා හොයා ගන්නා වෙලාවේ ජුලියයි ෆ්‍රැන්සිසුයි ඇවිදින්න ගිහින් එතනින් ගියේ. බුකාරෙස්ට් වලට ආපු දවසෙ ඉඳන් සැකෙන් ජීවත්වෙන්න සිද්ධවුන නිසා ජූලියාගේ විමසිලි මත් කම කවුරුවත් වැඩිය ගණං ගත්තෙ නෑ. මේ නිසා ජූලියා හිතන්නෙ එයාට මානසික ආතතියක් ඇති කියලා. 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

7 comments

  1. Secret N ( නාරා )
    Cineru Family Member

    මේ වෙන මහන්සියට තෑන්ක්ස් ❤🙂

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  3. මම ඉතින් අරෝෂ...

    ඔබ කරන ලද සේවය ඉතාමත් අගය කරනවා…මෙවැනි කටයුතු තව තවත් ඉදිරියට කරන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා…ඔබට ජය වේවා…!!!

  4. Buddhika laKMal
    Cineru_users

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
    o

  5. Thanks for the sub!!!!!!

  6. බාගත කිරීම් ලින්ක් එකට සහ උපසිරැසිවලට බොහොම තුති

  7. හිරාන් ශාරංග

    උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි..
    😊🙏

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login