The title of the page
VIRGIN Bhanu Priya (2020) Sinhala Sub
VIRGIN Bhanu Priya (2020) Sinhala Sub
2.1
65

VIRGIN Bhanu Priya (2020) Sinhala Subtitles | මම තාමත් කන්‍යාවක් | සිංහල උපසිරැසි සමඟ (18+)

(VIRGIN Bhanu Priya (2020) Sinhala Sub) ඔන්න එහෙනම් ආයෙත් සති තුනක නිහැඩියාවකින් පස්සේ ආයෙත් උපසිරසියක් අරන් ආවා. මෙදාපාර ආයෙත් ඔයාලා වෙනුවෙන් අරන් ආවේ හින්දි චිත්‍රපටයකට උපසිරසියයි.මේක පොඩ්ඩක් 18+ ගතියක්  තියෙන ෆීල්ම් එකක්. එහෙනම් මුලින්ම මේකට උපසිරසි කරන්න අවස්ථාව සලසා දීපු සිනෙරු උපසිරසි කණ්ඩායමට මුලින් ස්තූතිය පුද කරනවා. 

2020 වර්ෂයේ ජුලි මස 11 වෙනි දින තිරගත කිරීම ආරම්භ කරන ලද්දේ කොවිඩ් 19 තත්වය හේතුවෙන් ZEE5 හරහා වන අතර මෙය හාස්‍ය/නාට්‍යමය කාණ්ඩය යටතේ නිකුත් වූවක්. අජේ ලෝහාන්ගේ අද්‍යක්ෂණය යටතේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් දර්ශකයේ 2.5/10 ක් ලබා ගෙන ඇති මෙහි ප්‍රධාන නළු නිළියන් ලෙස Urvashi Rautela, Gautam Gulati, Archana Puran singh  රංගණයෙන් දායකත්වය ලබා දෙනවා. 

චිත්‍රපටය ආරම්භයේම සනීපාරක්ෂක පෑඩ් ගැන අක්ෂේ කුමාර් නන්දුට දෙන උපදෙසක් විදිහට තියෙන ඇඩ් එක චිත්‍රපටයට හොදම කොටසක් විදිහට ගන්න පුළුවන්. ඒ චිත්‍රපටයේ භාණුගේ තාත්තාට සනීපාරක්ෂක පෑඩ් ගැන අවබෝධයක් නැති බැවින් ඒ පිළිබද ඇයගේ දියණියගෙන් ප්‍රශ්ණ කරන බැවින්ය. සෑම පියෙක්ම උත්සහ කරන භාණුප්‍රියාගේ පියා ඇයගේ මවගේ ස්ථානය ගැනීමට උත්සහ කිරීම නිසා එසේ සිදුවේ. භාණුගේ දෙමව්පියන් වෙන්වී සිටින බැවින් ඇගේ තනිය  ඇගේ මිතුරිය වන රුකුල් විසින් පුරවයි. ඇගේ දෙම්පියන් සමග් සාකඡ්ජා කල යුතු ඇගේ ආදරය පිළිබද ඇගේ ආශාවේ හැගීම් මේ නිසා ඇය රුකුල් සමග සාකච්ජා කරයි. 

අපේ රටේ අයවළුන්ට විශාල ලිංගික අධ්‍යාපනයක් ලැබේ. ඒත් ඉන්දියාවේ එසේ නොවේ. ඉන්දියානු දෙමව්පියන් තම දරුවන්ගේ ගැටළු තේරුම් ගන්නේ විවාහය සදහා බව මෙයින් තේරුම් යයි. 

කාන්තාවක්ට ශක්තිමත් හිසක් හා නිර්භීත නම් ඇයට සහය දැක්වීමට පිරිමින් අවශ්‍ය නොමැති බවත් රුකුල් හරහා ඇයට පියා හා මවද විය හැකියි ප්‍රබල පණිවිඩයක් චිත්‍රපටය හරහා ලබාදෙයි. චිත්‍රපටය හරහා ලබා දෙන පණිවිඩය තේරුම්ගන්න අසමත් වුවහොත් එය නැවත වරක් නැරඔුවහොත් ඔබටත් එය වැටහේවි. නිෂ්පාදනය අතින් තරමක් දුර්වල වුවද එය ජනප්‍රිය චිත්‍රපටයකි. 

ගතානුගතික කෙල්ලෙක් වෙන භාණුප්‍රියා මෙයාගේ කන්‍යාභාවය නැති කරගන්න තීරණය කරත් එයාට ඒ හැම අවස්ථාවක්ම මග ඇරෙනවා. මෙයාගේ යාළුවා තමයි  රුකුල්.දෙන්නම විශ්ව විද්‍යාල අධයාපනය හදාරනවා.ඉතින් භාණුගේ දෙමව්පියන් දෙන්නා දෙන්නගෙන් වෙන් වෙලා නිසා එයාගේ තාත්තත් එක්ක තමයි ඉන්නේ. ඉතින් භාණුගේ යාළුවා තමයි එයාට හැම දේම වෙන්නේ. භාණුට ඕනි කොහොම හරි කොල්ලෙක් එක්ක යාළුවෙලා එයා එක්ක ඉන්නයි. මේකට ඉතින් ගොඩක්ම උපදෙස් දෙන්නේ මෙයාගේ යාළුවා රුකුල්. මෙයා එයාගේ යාළුවෝ කීප දෙනෙක් මෙයා භාණුට සෙට් කරවනවා. ඒත් ඒ හැම එකක්ම අසාර්ථක වෙනවා. කොහොම හරි භාණුටත් ඕනි එයාගේ කණ්‍යාභාවය නැති කරගන්න කෙනෙක් හොයාගන්නයි. ඉතින් මේකට මෙයාට දැනගන්න ලැබෙනවා ජොතිශය වේදියා එයාගේ හදහනෙත් ඒක නැති කරගන්න අවස්ථාවක් මෙයාට හම්බ වෙන්නේ නෑ කියලා කියනවා. ඉතින් ඉස්සරහට මොනවා වෙයිද කියලා බලන්නනම් මෙතනින් එහාට කියන් නෑ අරන් බලන්න කියන ගමන් අදට මම සමුගන්නවා. .

තවත් ලස්සන හින්දි කථා මාලාවකින් හමුවෙනතුරු ඔබ සියළු දෙනාටම තෙරුවන් සරණ පතනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය සමන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය සමන්

August 13, 2020


67
Total Subtitles

10 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. තැන්ක්ස් ම⁣චො සබ් එකට

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Thanks jayawewa…..!

  5. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි 😍

  6. Udaya saman
    Cineru Family Member

    ස්තුතියි සහෝ..

  7. Udaya saman
    Cineru Family Member

    ස්තුතියි සහෝ

  8. Udaya saman
    Cineru Family Member

    ස්තුතිය් සහෝ

  9. Thanks. ……..good luck. ………

  10. Check 2021 tamil movie ekata subtitles dennakk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login