The title of the page
7.9
95

Vinaro Bhagyamu Vishnu Katha (2023) Sinhala Subtitles | අපූරු මෙහෙයුම | සිංහල උපසිරැසි සමඟ

සුභ දවසක් හැමෝටම ,

ඔන්න මාර්තු මාසෙට අළුත්ම උපසිරසක් අරගෙන මම ආවා. #VBVK එහෙමත් නැත්නම් ‘Vinaro Bhagyamu Vishnu Katha’ කියන්නේ නූතන සමාජයේ තාක්ෂණයත් එක්ක ගැටෙන මිනිස්සුන්ගේ නැතිවී යන මනුසත්කම නැවත පසක් කරල දෙන ෆිල්ම් එකක්. මේ කතාව ලියන්නෙත් අධ්‍යක්ෂණය කරන්නේ එක පුද්ගලයෙක්. ඒ වෙන කවුරුවත් නෙවෙයි , ‘මුරලි කිෂෝර්’ කියන මහත්තයා

පසුගිය පෙබරවාරි 17 වෙනිදා තිරගතකිරීම් ඇරඹි මේ #VBVK ෆිල්ම් එකට ඉතාමත් හොද ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණු ෆිල්ම් එකක් ඒවගේම මේ වෙද්දි IMDB – 7.9 ක තරම් ඉහළ අගයක රැදී තියෙන්නෙත් මේ ෆිල්ම් එකේ විශේෂත්වය නිසාමයි.

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,

Kiran Abbavaram – [විශ්නු]
Kashmira Pardeshi – [දර්ශනා]
Murali Sharma – [ශර්මා]
Sharath Lohitashwa – [රාජන්]

මිනිසුන්ගේ නොමිනිස්කම් මැදින් නින්දා අපහාස මැද , විශ්නු පොඩි කාලෙදිම ඔහුගේ දෙමව්පියන් සියදිවි හානි කර ගන්නවා. ඊට පස්සෙ විශ්නු එයාගේ සීයා ගාව ගුරුහරුකම් ලබනවා. ඉතිං සීයා එයාට යහපත් දර්ශනක් ලෝකෙට ගෙනියන්න කියල වගකීමක් පවරනවා. කාලය ගෙවී යද්දී තිරුපති වල පුස්තකාලාධිපති කෙනෙක් විදියට සේවය කරන ඔහුට දිනක් අහම්බෙන් දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඒ ලස්සන හුරුබුහුටි ගෑනු ළමයෙකුගෙන්.. ඒ තමයි දර්ශනා , ඇය යූටියුබර් කෙනෙක්. දර්ශනා විශ්නුට කෝල් කරන්නේ “දුරකථන අංක අසල්වැසියා” කියන ඇයගේ හිතට ආපු අමුතුම සංකල්පයක් නිසා

හෝව්.. හෝව්.. ඔය ටික ඇති නේද.. එහෙනම් ආදරය , හාස්‍යය , කෘතුහලය , සටන් ජවනිකා සමගින් මනුසත්කම කියල දෙන මේ ලස්සනම ලස්සන ෆිල්ම් එක බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා

එහෙනම් ගිහින් එන්නම් ,
තවත් අළුත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙමු.
ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කවිෂ්ක සංකල්ප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
කවිෂ්ක සංකල්ප

July 7, 2022


31
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි කවිෂ්ක සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    ” සිනෙරු ” ……………  හදවතින්ම ආදරෙයි ……!!!

  2. Anushka Udayanga

    1080p nedda

  3. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  4. X265 quality eken nadda

  5. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login