The title of the page
Vengeance (2022) Sinhala Subtitles
Vengeance (2022) Sinhala Subtitles
6.8
79
81

Vengeance (2022) Sinhala Subtitles | ”පලිගැනිම“ | සිංහල උපසිරැසි සමඟ

B. J. Manaly Novak කියන්නෙ මැසචුසෙට්ස් වල නිව්ටන් වල යුදෙව්-ඇමරිකානු නළුවෙක්, ලේඛකයෙක් සහ අධ්‍යක්ෂකවරයෙක් වනඅතර එය ද ඔෆිස් හි රයන් හොවාර්ඩ් හැටියට ප්‍රසිද්ධියට වුනා. එයා ශෝ එකකට කතා කීපයක් ලිව්වා. එයා Saving Mr. Banks, Knocked Up,Reign Over Me,The Internship, Inglorious Basterds, The Amazing Spider-Man 2, The Founderසහ The Smurfs duology යන චිත්‍රපටවලත් රඟපෑවා.

Lio Tipton (Abilene Shaw)

ලියෝ ඇමරිකාවේ මිනසෝටා වල ඉපදුනත් හැදී වැඩුණේ කැලිෆෝනියාවේ සැක්‍රමෙන්ටෝ වල. වයස අවුරුද් 16 වන තුරුම හිම මත ලිස්සා යාමේ තරඟ වලට සහභාගි වුන ක්‍රීඩකාවක් වුනත්.වයස අවුරුදු 16 න් පසුව පුණ්‍යාධාර වලට skating events මත ලිස්සා යාමේ ඉසව්වලට සහභාගී වෙලා තියෙනවා.2008 දී, Lio ඇමරිකාවේ Next Top Model (2003) 11 වෙනි තරග වටයේ ඉදලා තරගයෙන් 3 වෙනි තැන අරන් තියනවා. නිරූපණ වෘත්තියේ Ford Models එක්ක අත්සන්කරල තියෙනවා. ලිවීමට වගේම මොඩ්ලින් නිර්මාණ කරන්න ගොඩක් කැමතී. කැලිෆෝනියාවේ පැලෝස් වර්ඩ්ස් හි මේරිමවුන්ට් විද්‍යාලයේ චිත්‍රපටි ගැන හදාරල තියෙන්නෙ. විවේක කාලෙදි
සොම්බි චිත්‍රපටියක් ලියනවා.

Boyd Holbrook (Ty Shaw)
Issa Rae (Eloise)
Dove Cameron (Kansas City Shaw)
Isabella Amara (Paris Shaw)
J. Smith-Cameron (Sharon Shaw)
Ashton Kutcher (Quentin Sellers)
Eli Bickel (El Stupido Shaw)

නිව් යෝර්ක් නගරයේ ලේඛකයෙක් වන බෙන් එක්ක සම්බන්ධ වූන ගෑණු ළමයෙක් තමයි ඇබලීන් ශෝ. හිටි හැටියෙම දවසක් බෙන් තවත් ගෑණු ළමයෙක් එක්ක නිදන් ඉන්න කොටම ඇබිලින්ගෙ සහෝදරයා ටයි ශෝ බෙන්ට කතා කරනවා. එයා අඬ අඬා කියනවා. බෙන් ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් මැරුණ කියලා. ඇත්තටම බෙන් ෆුල් හොල්මන් වෙනවා. ගර්ල් ෆ්‍රෙන්ඩ් කිව්වම. කොයි කෙනාද කියලා හිතා ගන්න බැරි වෙනවා. ඉතිං පෝන් එක බලලා තමයි නමින් කෙනා කවුද කියලා දැන ගන්නෙ. බෙන්ට මළ ගෙදරට යන්න අදහසක් තිබ්බෙ නැතත් මල් එවන් අහපුවහම ටයි ශෝ එයාව ගන්න මගට එනව කියනවා. බෙන්ට යන්න වෙනවා ටෙක්සාස් වලට. ටෙක්සාස් කියන්නෙ ඇත්තටම දරුණු මිනිස්සු ජීවත් වෙල පලාතක්. ටෙක්සාස් වලට ගිහින් අවසන් කටයුතු වලට සහභාගි වෙලා එන්න හදද්දි ටයි කියනවා ඇත්තටම ඇබලින් මැරුණෙ නෑ එයාව ඝාතනය කලා කියලා. මේක අහපු ගමන් බෙන්ට අදහසක් එනවා podcast පොඩ්කාස්ට් එකක් කරන්න. ( පොඩ්කාස්ට් කියන්නෙ අන්තර් ජාලය හරහා නවකතාවක් වගේ දෙයක් අහන්න සලස්වනවට. PDFහරහා නවකතා බලනවා වගේ ඕඩියෝ කතනය හරහා ප්‍රේක්ෂකයාට සවන් දෙන්න පුළුවන්.

මට හිතෙන විදියට අපි ගුවන් විදුලි නාට්‍ය රස විදිනවා වගේ තමයි.) ඉතිං ඇබලින්ගෙ ඝාතනය විසඳීමට උත්සාහ කරන බෙන් ඇබලින්ගෙ ඝාතනයට සම්බන්ධයි කියලා හතෙන හැමෝවම හම්බ වෙලා ඒ අයගෙ තියන හැම දෙයක්ම රෙකෝඩ් කර ගන්නවාත එයාට උදව් කරන්නෙ එලොයිසා තමයි. මරණය ගැන හැම දෙයක්ම හොයා ගෙන යන බෙන්ට අවසනේ ලොකූ කරදරයකින් 99% කින් බේරෙන්න පුළුවන් වෙනවා. ගොඩාක්ම දේ 100% තත්වයෙන් කතා කරන එක බෙන්ගෙ පුරුද්දක්. ඉතිං මේක අලුතින්ම පුදර්ශනයට ආපු චිත්‍රපටියක්. උපසිරැසි කරද්දි ලබා ගත්තු ලිපි ගොනුවෙ කාලය ගැන ප්‍රශ්න ගොඩාක් තිබ්බා. නැවත නැවත සකස් කර කර තමයි සබ්ටයිටල් තරන්න වුනේ. කාටත් එකවගේ නරඹන්න පුළුවන් කතාවක් තමයි මේක. සමාජයේ තරුණ තරුණයන් ගොදුරු වෙන මත්ද්‍රව්‍ය ගැන කතාව ගෙතිලා තියනවා. තරුණ පරම්පරාව ඒවයෙ ගොදුරු වන විදිය තමයි. සමාජයේ ඉන්න මිනිසුන් මොන වගේද කියලා හිතන්න. ටෙක්සාස් නගරයක දුරුනුවට සිද්ද වෙන ධාමරික කම් වගේම නීතිය පවතින තත්වය ගැන. අද කාලෙ බලපුහම ලංකිවෙත් ටෙක්සාස් වල සිද්ධ වෙන අපරාධ වලටත් වඩා දරුණු අපරාධ සිද්ද වෙනවා. තරුණ පරපුරෙන් ඉල්ලා හිටින්නෙ දැන දැන ඇබ්බැහි වීම් වලට ගොදුරු වෙන්න එපා. අවසානේ හොඳ ප්‍රථිඵලයක් නම් ලබන්න පුළුවන් කමක් නෑ. දන්න කියන යාළුවො ඉන්නව නම් මතට ඇබ්බැහි වුන අය එයාලවත් බේර ගන්න බලන්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
    නියම සිංහලයන්ගේ සිරිතකි ……..!!

  2. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login