The title of the page
7.5
92

Vakeel Saab (2021) Sinhala Subtitles | ” සත්‍ය ජයගත යුතුම වේ ” | සිංහල උපසිරැසි සමඟ

(Vakeel Saab (2021) Sinhala Sub)ආයුබෝවන් ආදරණීය යාලුවො හැමෝටම ! ඊයෙ ඔර්ජිනල් පිටපත් නිකුත් වුනු තවත් අපූරු තෙලිඟු චිත්‍රපටය සිංහල උපසිරැසි අරගෙන තමයි මම අද වෙබ් අඩවියට ගොඩ වුනේ.

චිත්‍රපටියනම් ගොඩක් විශේෂ එක්ක.ඉතින් කියන්න දේවලුත් ගොඩක් තියෙනවා.එහෙනම් හැරෙමු චිත්‍රපටය පැත්තට.

Vakeel Saab (නීතිඥවරයා) 2020 වර්ශයේ තිරගත වීමට තිබුනත් කොරෝනා උවදුර නිසා කල් ගිය චිත්‍රපටියක්.ඒ අනුව චිත්‍රපටය තිරගත කලේ මේ වසරෙ අප්‍රේල් 09.නමුත් ආයෙමත් කොරෝනා උවදුර සහ යම් යම් ගැටලු නිසා ඇතිවුන බාධාවලින් තමයි අපිට චිත්‍රපටය මේ තරම් ඉක්මනට බලන්න ලැබුනේ.

ඉතින් හැම අතින්ම ගත්ත අභියෝග අබිබවා යමින් ඉහලට ආව චිත්‍රපටයක් කියල කියන්නත් පුළුවන්.Pink හින්දි චිත්‍රපටයෙන් පසුව එය Nerakonda Paraavai ලෙසින් දමිළ භාෂාවෙන් ප්‍රතිනිර්මාණය වීමෙන් පසුව එහි තෙලිඟු ප්‍රතිනිර්මාණය විදියට තමා වකීල් සාබ් එන්නේ.යම් යම් දේවල් සාපේක්ෂව වෙනස් වෙන්න් පුළුවන් මම ඉතින් කෙලින්ම බැලුවෙ මේක නිසා හරියට ඒ ගැන දන්නෑ.

Vakeel Saab හි රංගනයෙන් එක්වෙන්නෙ තෙලිඟු සිනමාවේ පවර් ස්ටාර් කියන නාමයෙන් හඳුන්වන Pawan Kalyan විසින්.ඉන්දියාවේ තෙලිඟු සිනමාව ගත්තම ලොකු ෆෑන් බේස් එකක් හිමි අංක එකේ නලුවා තමයි Pawan Kalyan.ඉතින් රංගනයෙන් ඈත්ව දේශපාලනයට යොමු වුන ඔහු වසර තුනකට පස්සෙ රංගනයෙන් එක් වෙන පලවෙනි ෆිල්ම් එක තමයි මේක.ඉතින් තෙලිඟු අයගෙ විදියට කියනවනම් මේක පවල් කල්යාන්ගෙ ෆෑන්ස්ලට පන්ඩගා තමයි.(සැමරීමක් තමා)

ඉතින් ඔවුන් තමන්ගේ තරුවට උපරිම රසික ආදරය ලබා දෙන්න අමතක කලේ නෑ.යූටියුබ් Trailer එකත් මේ වෙනකොට විව්ස් මිලියන 43 සීමාවට ඇවිත්.ඒවගේම Amazon Prime ල Digital Stream කරන්න කලින් දාපු Trailer එකටත් දවස් තුනක් වෙනකොට විව්ස් මිලියන 6  පන්නල තියෙනවා.

චිත්‍රපටය බ්ලොක්බස්ටර් වුනේ බොක්ස් ඔෆිස් හි ඉන්දියානු රුපියල් කෝටි 135 ක ආදායමක් ලබා ගනිමින්.ඉතින් මේ ආදායම කෝටි 200 පමණ දක්වා ගොස් එයත් අභිඹවා ලොකු ගානකට යන්න තිබුනා නමුත් දේශපාලන බලපෑම් මත ටිකට් පතක මිල අඩු කරල, සිනමාශාලා සීමා පනවල එය වලක්වලා තිබුනා.අනිත් දේ මාසයක් යන්නත් කලින් ඔර්ජිනල් පිටපත් දෙන්න උනා කොරෝනා ආයි වැඩි වීමත් එක්ක.මේ හැම බාධකයක්ම සාර්තකව ජය අරගත්තා මේ ෆිල්ම් එක.

චිත්‍රපටය අධ්‍යක්ශණය කලේ Venu Sriram විසින් වන අතර නිෂ්පාදනය Dil Raju හා Sirish විසින් Dil Raju ගේ Venkateshwar Creations බැනරය යටතේ තමයි සිදු කලේ.S.Thaman ගෙ මිහිරි සංගීතයෙන්ද හැඩගැන්වුනා.

ඊට අමතරව මේ චිත්‍රපටයෙ කැපී පෙනෙන කාන්තා චරිත තුන සඳාහා Nivetha Thomas , Anjali , Ananya Nagalla රංගනයෙන් දායක වුන අතර Shruti Haasan සහ සුපිරි නලු Prakash Raj ද රංගනයෙන් එක් වුනා.

හරි එහෙනම් මම දැන් පොඩ්ඩක් මතක් කරන්නම් කතාව.පල්ලවී, දිව්‍යා , සෙරීනා කියන්නෙ ගමෙන් ඇවිත් නගරයේ රස්සා කරන එකම කුලී ගෙදරක ඉන්න ගෑනු ලමයි තුන් දෙනෙක්.ඉතින් දවසක රෑ මෙයාලට මුහුණ දෙන්න වෙන කටුක අත්දැකීමක් නිසා මෙයාලට ගැටලු රාශියක් ගලා එන්න පටන් ගන්නවා.

ඉතින් මෙයාලට වුනේ මොකද ? මේකෙන් ගැලවෙන්න පුළුවන් ද ? හැමදේම ෆිල්ම් එකෙන් බලාගන්න.

මම ගිහින් එන්නම් ආයිම ඉක්මනට ෆිල්ම් එකක් අරගෙන ඔයාල හම්බවෙන්න.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

15 comments

  1. Shehan
    Cineru Family Member

    තෑන්ක්ස් මදුශාන් අයියේ සබට😘😘

  2. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  3. thanks sinhala sube ekata shadow (2021) kannada film ekatath sube dannako jayawewa…

  4. Netflix පිස්සා

    thank you machan

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  6. Sub ekata thanx

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. thanks bri

  9. thanks bro.. A1 EXPRESS (2021) Telugu එකටත් ඉක්මනට සබ් එක දෙන්න තව මහමූට්ටිගේ මලයාලම් one කියන එකටත්

  10. මයිකි

    Thanks වෙවා මචො

  11. රැග්නා - සිනමා ලෝකය (Direct Link)

    මාර ඉක්මනට සබ් එක දීලනේ.
    තෑන්ක්ස් සබ් එකට.🤩

  12. Udaya saman
    Cineru Family Member

    සබ් මැෂිම.යකෙක් බං උබනම්..ආව ගමන්ම..කාටත් කලියෙන්ම😀😀😀😀😀😀

  13. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි මදුවා 😍

  14. Ashen Maduranga(චූටියා)
    Cineru Family Member

    සබට තැන්ක්ස් මදුවා..

  15. sub ekata thanks aiye…
    Pawan Kalyange Badri,Kushi,Tammudu,Jalsa,Balu
    movies valatath subtitles dennako.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login