ඔන්න ඉතින් ආයෙත් ආව සබක් අරගෙන.. මේක කෙටි චිත්රපටියක්.. හැබැයි ඉතින් කෙටිත් නැහැ පැයක් තියෙනවා කතාව.. ඉතින් මේ කතාවේ ප්රධාන චරිතේ කරන්නේ මේ වෙද්දී අන්තර්ජාලය තුල ලොකු කතා බහකට ලක්වෙලා ඉන්න “රේඛා නයර්” ඇත්තටම එයා මුලින්ම කතා බහකට ලක් උනේ ඇයි කියනවා නම් ඒකට ලොකුම හේතුව මේ වෙද්දි සිනමාශාලා වල තිරගත වෙන “ආර්. පාර්තිපන්ගේ – ඉරවින් නිලල්” කියන චිත්රපටියේ රේඛා නිරුවත් දර්ශනයක් කරනවා.. ( අඩ නිරුවත් ) ඉතින් ඒ දර්ශනය ගැන දෙමල චිත්රපටි චිචාරකයෙක් වෙන “බයිල්වාන්” රේඛා ගැන ඇය රඟපාපු අඩ නිරුවත් දර්ශනය ගැන ඉතා පහත් විදිහට කතා කරනවා.. ඉතින් ඔහොම යද්දී පස්සේ බයිල්වාන් ජොගින් යන වෙලාවක රේඛා බයිල්වාන්ව අල්ලගෙන හොඳට ඩයල් එකට බැනලා ගහන්න එහෙම ගිහින්.. මම කොහොම රඟපෑවත් උඹට මොකෝ මම උඹේ ගෑනිද? ” ඔන්න ඔය වගේ අමුතු ආතල් ගොඩක් ගියා..” ඔන්න ඕවා නිසා තමයි “රේඛා නයර්” ගැන මේ වෙද්දී කතාබහක් යන්නේ අන්තර්ජාලයේ..
හරි එහෙනම් මේ කතාව පැත්තට යමු..
මේ කතාවේ තියෙන්නේ කසාද බැඳලා ඒත් සැමියා එක්ක දික්කසාද වෙලා තම දියණිය එක්ක තනිවම ඉන්න එක් කාන්තාවක් ගැන තරුණ වයසේ කොල්ලෙක්ට ආසාවක් ඇති වෙනවා.. ඇත්තටම ආසාවක් ඇති වෙනවා කියන්නේ ආදරයක් නෙවෙයි, ඇන්ටිලට ආස කරන චරිත ඉන්නේ අන්න ඒ වගේ.. හැබැයි යන්න යන්න කොල්ලා මේ කාන්තාවට තියෙන ආසාව වැඩි වෙනවා.. එහෙම යනකොට මේ දෙන්නගේ හිතවත්කමක් ඇති වෙනවා.. ඉතින් එයාලා පස්සේ නිතර නිතර හම්බුවෙනවා.. කොල්ලා ඒ කාන්තාවව බලන්න රෑට ගෙදර යනවා.. ඉතින් කතාව ඔන්න ඔහොම තමයි යන්නේ.. ඉතින් ඔහොම ගිහින් ගිහින් අවසානේ මොකක්ද වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ..
හැබැයි මේකේ මේ වගේ දෙයක් තියෙනවා..
* කසාද බැඳලා දික්කසාද වෙච්ච ගෑනු කෙනෙක් තනියෙන්ම ඉන්න ඕනෙද?
* සමාජේ අරක කියයි මේක කියයි ගගා බයෙන් තමන්ගේ ආසාවන් යට කරගෙන ජිවත් වෙන්න ඕනෙද?
* තරුණ වයසේ කොල්ලෙක් වයසින් වැඩි කෙනෙක්ට ආදරේ කරන එක වැරැද්දක්ද?
* ආසාව ආදරයකට පෙරෙලෙන්න බැරිද?
මේ වගේ හුඟක් හිතන්න තැන් වගයක් මේකේ තියෙනවා..
එහෙනම් ඉතින් මම ගියා.. බලන්න ආසාවක් තියෙනවා නම් කස්ටිය බලන්න.. ආයේ මම අලුත් සබකින් එනකල් අදට කැපුනා බායි..
ආ කියන්න අමතක උනා.. ” මේ කතාව ඇන්ටි ලවර්ස්ලා වෙනුවෙන්මයි.. “
( අපි නෑ ඕවට )
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
November 23, 2021
කොහෙන්ද බන් ඩව්න්ලොඩ් කර ගන්නේ
සබ් එකට බොහොම ස්තුතියි…🙏
වීඩියෝ කොපිත් දීලා තියෙන්නේ..
එල ජය වේවා! 😁
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!
❤❤❤❤❤❤
නියමයි නියමයි බංගමොකෝ මේ ටිකේ ටිකක් මන්දගාමි වෙලා
කලින් සීග්රගාමීව ගියපු නිසා.. පොඩ්ඩක් මන්දගාමීව යන්න හිතුනා.. 😎🍺
සුපිරියිනෙ 😍
හී… 😂😂😂😂😂🍺🍺
ඔක කරන්න නාරා උත්තමයට හිතුනේ
මගේ අදහස් නිසා නම් නෙමෙයි…🥴 ඔන්න…
බොගේ අදහස කියන්න කලින් මම බලලා කරලත් ඉවරයි 😂
..බොහෝම ස්තූතියි උපසිරැසියට.
එල එල ජයවේවා
Thanks jayawewa…!
එල.. ජයවේවා ❤🍺
Request :
Yaanai (2022) Tamil