The title of the page
Upacharapoorvam Gunda Jayan Sinhala Subtitle
Upacharapoorvam Gunda Jayan Sinhala Subtitle
5.7
77

Upacharapoorvam Gunda Jayan (2022) Sinhala Subtitles | “හිත හොඳ මැරයා ජයන්” | සිංහල උපසිරැසි සමඟ

(Upacharapoorvam Gunda Jayan (2022) Sinhala Subtitles) (Upacharapoorvam Gunda Jayan (2022) Sinhala Subtitle) (Upacharapoorvam Gunda Jayan (2022) Sinhala Sub) (Upacharapoorvam Gunda Jayan Sinhala Subtitle) (Upacharapoorvam Gunda Jayan Sinhala Subtitle)

Upacharapoorvam Gunda Jayan (2022)

“හිත හොඳ මැරයා ජයන්”

Upacharapoorvam Gunda Jayan (2022) - Photo Gallery - IMDb

සුභ දවසක් වේවා සියළු දෙනාට!

හායි ගායිස් මම අද මගේ පස්වෙනි මලයාලම් උපසිරැසියත් අරන් ඔයාලව හම්බෙන්න ආවේ. මේ මාසෙ තමයි මම සබ්ටයිටල් කරන්න පටන් ගත්තෙ මාසයක් ඇතුලත් සබ්ටයිටල් පහක් කරන්න පුලූවන් වුන එක ගැන සතුටුයි. ඒ වගේම මට මේ සබ්ටයිටල් හදද්දි උදවු කරන මගේ යාලුවන්ටත් ස්තුති කරන්නත් මේක අවස්තාවක් කර ගන්නවා. ඒ වගේම ඉංග්ලිෂ් සබ් එක බලාගෙන ට්‍රාන්ස්ලේට් කරද්දි ෆිල්ම් එකේ ඇහෙන වචනෙට වඩා සබ් එකේ වචනෙ වෙනස් නම් මම දන්න විදියට ෆිල්ම් එකට ගැළපෙන විදියට වචන වෙනස් කරනවා. ඒ වගේ තැන් සමහරවිට වැරදි වෙන්නත් පුළුවන්. ඒ වගේ තැන් වලදි වැරදි සිද්ද වුනොත් ඒ ගැන මම සමාව ඉල්ලනව ඔයාලගෙන්.  ඒ වගේම මලයාලම් සිංදු වල ගොඩක් තියෙන්නෙ උපමා ඒවා පරිවර්තනය කරද්දි නොගැලපෙනව වගේ දැනෙනෙවා ඒ නිසා සිංදුවට උපරිම සාධාරණයක් කරන්න මම උත්සාහ කරනවා.. ඒ වගේ තැන් වලදිත් සිදු වෙන වැරදි වලටත් මේ වෙලාවෙදි මම සමාව ඉල්ලන්න කැමති.

එහෙනම් අපි යමු ෆිල්ම් එක පැත්තට.

IMDB මීටරේ 5.7 වගේ අගයක් ගන්න කොමඩි, ඩ්‍රාමා, ෆැමිළි කැටගරියට අයිති අපි කවුරුත් දන්න දුල්කර් සල්මාන්ගෙ Wayfarer Films නිශ්පාදනය කරපු පැය දෙකක් පුරාවට මඟුල් ගෙදරක් ඇතුලෙ වෙන අලකලංචි එක්ක ගත කරන්න පුළුවන් ෆිල්ම් එකක් තමයි මේක. ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වෙන්නෙ ජයන් කියන මැරයෙක් ඒක නිරූපණය කරන්නෙ අපි කවුරුත් දන්න සයිජු කුරුප් විසින්. කතාව පැත්තට හැරුණොත් මම කලින් කියපු ජයන් කියන මැරයා එයාගෙ අක්ක කෙනෙක්ගෙ දුවෙක්ව කසාද බන්ඳන්න වෙන මහන්සිය ෆිල්ම් එක පුරාවටම බලා ගන්න පුළුවන්. ඒ වගේම ඒ මනමාලිට කලින් ප්‍රේම සම්බන්දයක් පැවතියත් ඒකට විරුද්ද වෙලයි ජයන් මේ මංගල්‍යය පවත්වන්නෙ. අපේ මේ කතා නායිකාවගෙ ප්‍රේමවන්තයා කවුද කියල දැනගන්නත් ජයන්ට මේ මංගල්‍යය පවත්වන්න පුළුවන් වෙයිද බලන්නනත් ෆිල්ම් එක බලන්නම වෙනවා. ඒ වගේමයි ෆිල්ම් එකේ අවසානෙ හොඳ ට්විස්ට් එකකුත් තියනවා. එහෙනම් වැඩි කතා ඕන නෑ. හිනාවෙවී බලන්න ලස්සන ෆිල්ම් එකක් අරන් ඇවිත් තියෙන්නෙ. ඒක නරඹන්න කියල ආරාධනා කරමින් අළුත් ෆිල්ම් එකක් අරන් එන්න බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා.

Upacharapoorvam Gunda Jayan (2022)

සියළු දෙනාටම ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශිහාන් අමරකෝන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශිහාන් අමරකෝන්

April 5, 2023


8
Total Subtitles

6 comments

  1. damith chathuranga

    thanks brother

  2. Netflix පිස්සා

    අනේ දවසට එක මලයාලම් පිලුමකට සබ් දෙන්න යාලු

  3. Netflix පිස්සා

    Djinn 2023 එකටත් සබ් ඕනි

  4. රංගික සිනෙත් කාරියවසම්

    මේක සුපිරියක් මචං.සබ දෙනකම් හිටියේ.ජය

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශිහාන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  6. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login