The title of the page
Undead (2025) Sinhala Subtitles
Undead (2025) Sinhala Subtitles
2.6

Undead (2025) Sinhala Subtitles | “සොම්බින්ගේ ආගමනය” | සිංහල උපසිරැසි සමඟ

(Undead (2025) Sinhala Subtitles) (Undead (2025) Sinhala Subtitle) (Undead (2025) Sinhala Sub)

රික්සන්, ලියා, මෙරින්, කාර්තික්, විෂ්ණු, එරික් කියන්නේ යාළුවො 6 දෙනෙක්. මේ හයදෙනාම එක දවසක් යනවා කැලයකට විනෝද චාරිකාවක්. ඉතින් මේ හය දෙනාම කැලේට ගිහින් ඉද්දි අමුතු අමුතු දේවල් සිද්ද වෙනවා. ඒ විතරක් නෙවෙයි.. මේ කැලේ ඉද්දි කාර්තික්ට මොකක්හරි අමුතුම දෙයක් සිද්ද වෙනවා. ඒ විතරක් නෙවෙයි.. මේ කැලෙන් හරි අමුතු කට්ටියක් හම්බවෙනවා..

මොකක්ද මේ වෙන්නේ?
යාළුවෝ 6 දෙනාට බේරෙන්න පුළුවන් වෙයිද?
කාර්තික්ට මොකක්ද වෙන මේ අමුතුම දේ?
මේ කැලේ අමුතු අමුතු දේවල් වෙන්නේ ඇයි?
කවුද මේ අමුතු කට්ටිය?
අන්තිමට මොනා වෙයිද?

ටිකක් පැටලුණා නේද? එහෙම නම් ඉතින් ෆිල්ම් එකම බලන්නකෝ.. එතකොට උත්තර ටික නිකම්ම ලැබේවි..

සබ ඕනේ අය පහලට ගිහිල්ලම ඩවුන්ලෝඩ් කරගන්න.. වැඩි විස්තර ඕනේ අයට පොඩි හැල්ලක් මේ විදිහට ලියන්නම්.

සුපුරුදු විදිහට අදත් මං ගෙනාවේ හොරර් ගනයේ චිත්‍රපටයක්. හැබැයි මේක නිකම්ම නිකම් හොරර් එකක් නෙවෙයි. සොම්බ් ඉන්නවා හොදේ.. VFX නෙවෙයි.. ඇත්තම සොම්බි ඈ.. කට්ටිය උඩ යන්න ඇති ඉතින් 😹.. ඈ..? කොච්චර සොම්බි ෆිල්ම් අපි බැලුවත් මලයාලම් වල සොම්බි ෆිල්ම් අපි මෙච්චර කල් දන්නේ නෑනේ දෙයියනේ.. 🥲🥲🥲 අනිත් එක ටයිම් ලූප් ෆිල්ම් එකක්. 🥲🥲 ඔන්න තවත් අවුල් වෙනවා ඇති නේද ?? පළමු එක ගැන වාලියේ කියන මලයාලම් ෆිල්ම් එකේ ලිපියේ පොඩි ඉගියක් දාලා ඇති. බලපු නැති කට්ටිය  ගිහින් බලන්නකෝ.. එතකොට මේ ගැන හොද අදහසක් ගන්න පුළුවන්.

එහෙනම් යමු විස්තරේ දිහාට..

මේ චිත්‍රපටයේ නම Undead. (මේ නමින්ම තව ෆිල්ම් එකක් තියෙනවා. පටලවගන්න එපා.) 2025 ජුනි 18 වෙනිදා Direct OTT විදිහට මුදා හැරුණු මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය කරන්නේ සෙන් වර්ගිස් කියලා අලුත් අධ්‍යක්ෂක වරයෙක්. රචනයත් එයාමයි කලේ.
නිෂ්පාදනය සරම්මා වර්ගිස්ගෙන්. සංගීතය විජයානන්ද්ගෙන්.

රංගනයෙන් කාර්තික්.බ්, හරිශන්කර් ඩ්., වර්ගිස් ජනාරියස්, අස්සීල් ෆාතිමා මරික්කාර්, මංජු මෝහන්, අරවින්ද් ආර් නායිර්, අබින් සුකුමාරන් වගේ අලුතින් මලයාලම් සිනමාවට අඩිය තියන කට්ටියක් තමයි මේකේ රගපාන්නේ.

මේ චිත්‍රපටයට ලබා දී තියෙන IMDB අගය 2.6/10ක්. මේකේ ධාවන කාලය පැය 1යි විනාඩි 25ක්.

ඔයාලගේ අදහස් හරි අඩුපාඩු හරි තියෙනවා නම් කමෙන්ට් එකකින් දන්වන්න අමතක කරන්න එපා වගේම ඔයාලට ඕනේ චිත්‍රපටි ඉල්ලීම් එහෙම තියෙනවා නම් කමෙන්ටුවකින් දැනුවත් කරන්න.

හැමදාම වගේ මගේ උපසිරැසි වලට අදහස් උදහස් දක්වන ප්‍රේක්ෂක ඔයාලට මගෙන් තුති.

ඉස්සරහට තව ෆිල්ම් අරන් එනකල් අදට මං ගොහින් එන්නම්කෝ. තවත් සබකින් ආයේ හමුවෙනකම් ඔයාලට සුබ දවසක් !

ප.ලි: මගේ කරදරේ ඉවසගෙන ඉන්න සමිත අයියට ගොඩක් පින් ඉතින් 😁 ඒ වගේම ෆිල්ම් වලට ලස්සන ලස්සන කවර හදන උචිනි අක්කටත් ගොඩක් පින් 😁..

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඕෂද එරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඕෂද එරංග

May 24, 2024


36
Total Subtitles

4 comments

  1. Thanks bro Sub එකට.පුලුවන්නම් The Miraculous Coat 1993 hindi film එකට සබ් එක ගේන්නකෝ 💗

  2. Era Boy
    Cineru Family Member

    වෙලාවක් තිබ්බොත් අරගෙන එන්නම්.. ❤️

  3. Buddhika laKMal
    Cineru_users

    තෑන්ක්ස් මචෝ සබට

  4. Era Boy
    Cineru Family Member

    ආදරෙයි බොසා ❤️😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login