Troll 2 (2025) Sinhala Subtitles
Troll 2 (2025) Sinhala Subtitles
5.4
58

Troll 2 (2025) Sinhala Subtitles | “ කඳු පත්ලෙන් මතු වූ ට්‍රෝල්වරු ” | සිංහල උපසිරැසි සමඟ

(Troll 2 (2025) Sinhala Subtitles) (Troll 2 (2025) Sinhala Subtitle) (Troll 2 (2025) Sinhala Sub)

කොහොමද හැම කෙනෙක්ටම, ටික දවසකින් පස්සේ මං ඔයාලට අලුත්ම උපසිරැසියක් අරගෙන ආවා. ඒ වගේම කියන්න ඕන උපසිරසි නිර්මාණකරණයේ අද මට සුවිශේෂ දවසක්. මොකද මේ මගේ සිව්වෙනි කඩයිම, ඒ කියන්නේ 200වෙනි උපසිරැසි නිර්මාණය. ඉතින් මේ වෙනකල් උදව් කරපු සයිට් එකේ සහෝදර සහෝදරියෝ වගේම විශේෂයෙන්ම උපසිරැසි ඩවුන්ලෝඩ් කරලා, නැත්නම් ඔන්ලයින් බලලා අමතක නොකර කමෙන්ට් එකක් දාන හැමෝටමත් ස්තූතියි. මොකද ඔයාලගේ ඒ කමෙන්ට් එක තමයි අපේ තෘප්තිය සහ සතුට.

හරි එහෙනම් චිත්‍රපටිය පැත්තට යමු.
ඔයාලට මතක ඇති 2022 අවුරුද්දේ Netflix හරහා නිකුත්වුණු නෝර්වීජියානු චිත්‍රපටියක් වුණු Troll ඉතාමත් ප්‍රේක්ෂක ආදරයකට භාජනය වුණා හොලිවුඩ් චිත්‍රපටියක් නොවුණත්. මොකද ඉහළ ගුණාත්මක බවක් තිබුණා වගේම ඒක නෝර්වේ තුළ නිෂ්පාදනය වුණු දැවැන්තම නිර්මාණය වුණා.
දැන් ඒකෙ දෙවෙනි කොටස විදිහට Troll 2 (2025) දවස් කීපයකට කලින් නිකුත්වුණා. පළවෙනි චිත්‍රපටිය වගේම මේකත් ඉතා හොඳ මට්ටමක තියෙනවා.

Action/Adventure  කාණ්ඩය අයත්වෙන මේ දෙවෙනි චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නෙත් Roar Uthaug විසින්මයි. චිත්‍රපටියටයේ ධාවන කාලය පැය 1 මිනිත්තු 45යි. බෙදාහැරීම Netflix ආයතනයෙන්. පළවෙනි චිත්‍රපටියේ දැකපු චරිත අපිට මෙකෙදිත් දැකගන්න පුලුවන්.
රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Ine Marie Wilmann, Kim S. Falck-Jørgensen, Mads Sjøgård Pettersen, Sara Khorami, Jon Ketil Johnsen, Gard B. Eidsvold ඇතුළු නළු නිළියන් පිරිසක්.
එහෙනම් කතාව බලන්නකෝ. ඔයාලට ජය!!! 

අලුත් උපසිරසියකින් හමුවෙමු.

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


204
Total Subtitles

5 comments

  1. Nethmira
    Cineru_users

    200වන සිංහල උපසිරැසි නිර්මාණයට සුභපැතුම් අයියේ ❤️

  2. 200වෙනි උපසිරැසියට සුබපැතුම් මචං….
    තව තවත් ඉස්සරහට සබ් ගේන්න වෙලාව ලැබේවා…….
    මේ උපසිරැසියටත් බොහෝම ස්තූතියි මචෝ…

  3. සුබ පැතුම් කොල්ලෝ

  4. Era Boy
    Cineru Family Member

    සුබ පැතුම් කොල්ලෝ.. ජයෙන් ජයම වෙන්න ඕනේ ❤️😍

  5. Jayaweera Chaminda

    Great work and great acheivement ….. ❤️❤️❤️❤️❤️
    All the very best 🎉🎉🎉🎉

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login