Trainspotting (1996) Sinhala Subtitles
Trainspotting (1996) Sinhala Subtitles
8.1

Trainspotting (1996) Sinhala Subtitles | “අරමුණු නැති ජීවිත” | සිංහල උපසිරැසි සමඟ

(Trainspotting (1996) Sinhala Subtitles) (Trainspotting (1996) Sinhala Subtitle) (Trainspotting (1996) Sinhala Sub)

ලිපිය පටන් ගන්න කලින් මුලින්ම කියන්න ඕනෙ මේක 18+ Film එකක්. ඒක කිව්වෙ දැනුවත් වීමක් ඇතුව බලන්න.Trainspotting කියන්නෙ 90 දශකෙ ආපු ආන්දෝලනාත්මකම චිත්‍රපටයක්. ස්කොට්ලන්තෙ ඉන්න මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු තරුණයො පිරිසක් වටා තමයි මේ කතාව නිර්මාණය වෙන්නෙ.

මේකෙ ප්‍රධාන චරිතය තමයි Renton. මිනිහා හොඳටම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා ඉන්නෙ. එයාට ඕන මේ ජරා ජීවිතෙන් ගැලවිලා හොඳ මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න. හැබැයි වැඩේ කියන්නේ මිනිහගෙ යාළුවො ටික ඊට හපන්. Sick Boy, Spud වගේම කාටත් කරදරයක් වුණු Begbie වගේ යාළුවො එක්ක ඉන්නකම් Renton ට මේකෙන් ගැලවෙන්න ලේසි වෙන්නෙ නෑ. මේ අඳුරු ජීවිතේ තියෙන විහිළු, දුක සහ වේදනාව මේ ෆිල්ම් එකෙන් මාරම විදිහට පෙන්නනවා…

අපි කවුරුත් දන්න, ලංකාවේ අපිටත් හිතට වැදුණු Slumdog Millionaire ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරපු Danny Boyle තමා මේකත් අධ්‍යක්ෂණය කරලස් තියෙන්නෙ. ඒ වගේම 28 Days Later වගේ ෆිල්ම් වලිනුත් එයා දක්ෂතා පෙන්නුවා. හැබැයි Danny Boyle ව මුළු ලෝකෙම අඳුරගත්තේ මේ Trainspottin ෆිල්ම් එකෙන්. එයාගෙ අමුතු කැමරා කෝණ සහ වේගවත් එඩිටින් ස්ටයිල් එක පටන් ගත්තෙ මෙතැනින්.

Star Wars වල Obi-Wan Kenobi ව දන්නවනෙ? අන්න ඒයාට රංගනයෙන් දායක වෙන Ewan McGregor ම තමයි මේකෙ Renton විදිහට ඉන්ne. Ewan McGregor සුපිරි තරුවක් වුණේ මේ ෆිල්ම් එකෙන් පස්සෙ…

මං පටන් ගද්දිම කිව්වා වගේ මේක පවුලෙ හැමෝම එක්ක බලන්න පුළුවන් ෆිල්ම් එකක් නෙවෙයි. මත්ද්‍රව්‍ය පාවිච්චිය, වැඩිහිටි දර්ශන තියෙනවා. “Choose Life” කියලා පටන් ගන්න මේ ෆිල්ම් එක බලලා ඉවර වෙද්දී ඔයාලට ජීවිතේ ගැන අමුතුම හැඟීමක් එයි…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ධනුෂ්ක විරාජ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ධනුෂ්ක විරාජ්

September 22, 2025


78
Total Subtitles

One comment

  1. උපසිරැසියට බොහෝම ස්තූතියි මචං

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login