The title of the page
Toby (2023) Sinhala Subtitles
Toby (2023) Sinhala Subtitles
7.9
91

Toby (2023) Sinhala Subtitles | “ගොළු වූ යුක්තිය” | සිංහල උපසිරැසි සමඟ

(Toby (2023) Sinhala Subtitles ) (Toby kannada movie (2023) Sinhala Subtitles ) (Toby (2023) Sinhala Sub )

සුභ නත්තලක් වේවා ඔයාලා හැමෝටම!

ඔන්න ඉතින් එහෙනම් නත්තල් තෑග්ගක් අරන්ම සයිට් එක පැත්තට ගොඩ වුණා.. බලමුකෝ එහෙනම් මොකක්ද මේ තෑග්ග කියලා..

මට මේ ෆිලුම පැය බාගයක් බලද්දී නිකම්ම කියවුනා “අඩේ මේක මරුණේ” කියලා..මට සාමන්‍යයෙන් මෙහෙම කියවෙන ෆිල්ම් හරි අඩුයි.. මොකද මන්ද මේ ෆිල්ම් එක ගලාගෙන යන විදිහට මං හරි ආසයි.. සාමන්‍යයෙන් මේ වගේ ෆිල්ම් ස්ටෝරි එනවා හරි අඩුයි..හැමදාම වෙනස් ජාතියේ වැඩ කරල බලන කන්නඩ සිනමාවේ මං බලපු තවත් සුපිරියක් තමයි මේක…

සාමන්‍යයෙන් අනික් ෆිල්ම් වල දෙබස් වැඩිම Main Character එකට නේ.. ඒත් මේකෙ Main Character එකට එක දෙබසක්‌ වත් නැහැයි කිව්වොත් ඔයාලා පිළිගන්නවද..හැබැයි දෙබස් නෑ කියලා කිසිම අඩුපාඩුවක් නම් උනේ නෑ.. මං කිසිම සෝන්ග් එකක් ස්කිප් කරෙත් නෑ.. බලන්න ගත්ත වෙලේ ඉදන් ඇස් දෙක කටේ දාන් බලාගෙන හිටියේ.. මරු ෆිලුමක් දෙයියනේ ❤️

මේ අවුරුද්දේ අගෝස්තු 25 වෙනිදා නිකුත් වෙච්ච මේ ෆිලුම අයත් වෙන්නෙ Action / Crime / Thriller කියන Category එකට.. Main Character එකට රගපාන නළුවාව නම් ගොඩක් අයට එච්චර නෝට් නැතුව ඇති…
හැබැයි නෝට් නැති උනාම 2022 ආපු 777 Charlie කියන කන්නඩ චිත්‍රපටියෙත් මෙයා හිටියා… මොනා උනත් පොරගේ ඇක්ටින් ගැන නම් කියන් දෙයක් නෑ.. මට නම් පට්ට ❤️ ඔයාලම බලන්නකෝ..

ඉතුරු කාස්ට් එක පහලින් 👇

Cast
Raj B. Shetty as Toby
Samyukta Hornad as Savithri
Chaithra J. Achar as Jenny
Raj Deepak Shetty as Ananda
Gopalkrishna Deshpande as Damodhara
Sandhya Arakere as Shalini

විස්තරේ පොඩ්ඩක් කියන්නම්..

ටෝබි කියන්නේ පොඩි කාලේ ඉදන්ම කතා කරන්න බැරි අම්මෙක් තාත්තෙක් නැතුව පරිවාස වල හැදෙන කොල්ලෙක්.. මෙයා ඇතිකරගන්න රණ්ඩු නිසා නිතරම වගේ ඉන්නේ පරිවාස සහ හිරගෙවල් වල..කොහොම හරි මිනීමැරුමකට හිරේ ගිහිල්ල මෙයා ගමට එන්නෙ සෑහෙන්න කාලෙකින්.. ඔන්න ඔහොම ඉද්දි මෙයාට කවුරු හරි දාල ගියපු පොඩි ගෑනු ළමයෙක් හම්බෙනවා.. ඔන්න ඔතනින් තමයි ටෝබිගෙ මුළු ජිවිතේම වෙනස් වෙන්නෙ..

මෙයා මේ පොඩි දරුවාව ලොකු මහත් කරල හදාගන්නවා.. ඇත්තටම කියනවා නම් ටෝබිට ඉන්න හිටින්න තැනක් නෑ.. එයා කලේ මිනී එම්බාම් කරන එක.. මෙයා දුවත් එක්ක ජීවත් උනෙත් මේ මෝචරියේ.. මෙයාට දුවත් එක්ක ජීවත් වෙන්න ගෙයක් ඕන වෙනවා..
ගෙයක් හදල දෙන්නම්.. ගමේ ඉන්න ලොකු මැරයෙක්ව මරන්න කියල කෙනෙක් ටෝබිට කන්ට්‍රක් එකක් දෙනවා.. ටෝබි ඒ මැරයව මරල හිරේ ගියහම තමයි ටෝබිගෙ ප්‍රශ්නේ පටන් ගන්නේ…

දැනටමත් ගොඩක් කිව්ව.. ඔතනින් එහාට මොකුත් කියන්නෑ.. ඔයාලටම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනව..

ගිහින් එන්නම් අදට..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


104
Total Subtitles

6 comments

  1. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  2. සුපිරි …..ඩව්න්ලොර්ඩ් කරනගමන්…❤️‍🔥❤️😍
    Thank you . 🎅

  3. laKMal
    Cineru_users

    thank you Shana

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශානා …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  5. පට්ට ෆිල්ම් එක.

  6. Th Tt
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login