The title of the page
7.7
94

Thevar Magan (1992) Sinhala Subtitles | ” දේවර් පුතු ” | සිංහල උපසිරැසි සමඟ

Thevar Magan (1992) Sinhala Subtitles

ඕං එහෙනම් 149ක් කොටල 150ට දමිළ සිනමාවේ නොමැකෙන සිනමා සිත්තමක් වන දේවර්මගන් චිත්‍රපටයට සිංහල උපසිරැසි අරගෙන ආවා. එතෙක් මෙතෙක් සිංහල උපසිරැසි කරද්දි හරි වැරදි පෙන්වා මාව දිරිමත් කල හැමෝටම ස්තූතියි. ඒවගේම මගේ ආදරණීය සිනෙරු දරුවන්ටත් ස්තූතියි. මොන බාදක ආවත් අපි එකට එකා වගේ ඇලී ගැලී ඉන්නවට 😍😍.

ඉතින් අපි දේවර්ගේ පුත්‍රයා ගැන කතා කරමු.

මේක Action Drama ඝණයට වැටෙන එකක්. මේකේ විශේෂත්වය තමයි දමිළ සිනමාවේ රංගනයේ පතාකයන් දෙන්නෙක් එකට එකතුවීමක්. ඒ කමලහසන් හා සිවාජි ගනේෂන් ද්විත්වය. අවංකව මේකේ කමල්ගේ රංගනයේ උච්ච අවස්ථාවන් කිහීපයක්ම බලාගන්න පුලුවන් වෙනවා. ඒ සිවාජිවගේම කමල්ව දැක්ක අවස්ථා එමටයි. ඊලගට කතා නොකරම බැරි චරිතයක් වුනා අපේ දුෂ්ඨයා නාසර්. නොසැලෙන දුෂ්ඨයා.. ඒක බලන්නම ඕනේ. එ වගේම රේවති හා ගෞතමි හොද සහයක් කමල් හා නාසර් වෙනුවෙන්.

අධ්‍යක්ෂණය බරදන්. සංගීතය ආයේ කතා දෙකක් නෑ. ගැමි සිනමාවකටනම් ඉතින් ඉලයරාජාට සමකරන්න මෙතෙක් කවුරුත් බිහිවෙලා නෑ. කතාව හා නිෂ්පාදනය කමල්මයි, කතාව කියනකොට මතක් වුනේ . මේකේ කතාව ලියල තියෙන්නේ දින හතකින් . ඒකත් Movie Magic කියන සිෆ්ට්වෙයාර් එකක් පාවිච්චිකරලයි මෙක ලියල තියෙන්නේ. ඒ වගේම මේක The Godfather (1972) හා Kaadu (1973) චිත්‍රපටතුලින් ලබාගත් ප්‍රබෝධයක් ( inspirations) කියලයි කමල් කියල තියෙන්නේ. කැමරාකරණය පී. සී. ශ්‍රීරාම් ගෙන් එන්. පී සතිස් සංස්කරණයෙන් සහය වෙලා තියෙනවා. මේකේ රූගත කිරීම් වැඩිපුරම කෙරිල තියෙන්නේ පොල්ලාච්චි කියන තැනයි. දින කිහීපයක් පමණක් ඌටි හා මැඩ්‍රාස් වල රූගත කිරීම් කරල තියෙනවා.

65th Academy Awards වලට ඉන්දියාව වෙනුවෙන් නියෝජනය කරන්න තෝරගත්තු චිත්‍රපටයක් තමයි මේ දේවර් මගන්. නමුත් මෙය නොමිනේට්වෙලා තිබුනේ නෑ. නමුත් මෙය ඉන්දීය ජාතික චිත්‍රපට සම්මාණ ( National Film Awards) පහක්ම දිනා ගැනීමට සමත්වෙලා තියෙනවා. ඒ හොදම චිත්‍රපටය, හොදම සහය නිළිය (රේවති) , විශේෂ ජුරියේ සම්මාණය (සිවාජි හනේෂන්) නමුත් සිවාජි විසින් මෙය ප්‍රතික්ෂේප කරල තියෙනවා. හොදම ගායිකාව (එස්. ජානකි ) , හොදම ශබ්ද පරිපාලනය ( එන් . පාන්ඩු රංගන්) යනාදියයි. ඒ වගේම තවත් සම්මාණ රාශියක් ලබා ගැනීමට සමත්වුන චිත්‍රපටයක් මේ දේවර් මගන්.

මේ ලබාගත් සියලු සම්මාණයන්

Award Date of ceremony[b] Category Nominee(s) Result Ref.
National Film Awards 5 May 1993 Best Feature Film in Tamil Kamal HaasanBharathan Won [68]
Best Supporting Actress Revathi Won
Best Female Playback Singer S. Janaki Won
Best Audiography N. Pandu Rangan Won
Special Jury Award – Actor Sivaji Ganesan (declined) Won
Tamil Nadu State Film Awards c. 1994 Tamil Nadu State Film Award for Best Film-(Second Prize) Kamal Haasan Won [18]
[69]
Best Actor Kamal Haasan Won
Best Choreographer Raghuram Won
Filmfare Awards South 13 October 1993 Best Actor – Tamil Kamal Haasan Won [70]
[71]
Best Actress – Tamil Revathi Won
Cinema Express Awards 14 June 1993 Best Film Kamal Haasan Won [72]
Best Actress Revathi Won
Film Fans Association  – Best Actress Revathi Won [73]

Remakes

මෙය හින්දිවලින් Virasat (1997) ලෙසත් කන්නඩ වලින් Thandege Thakka Maga (2006) ලෙසත් නැවත නිෂ්පාදනය වෙලා තියෙනවා.

කතාව ගැන පොඩ්ඩක් බලමු.

ගමක බලවත් පවුලක් දේවර් පවුල. අයිය මලෝ විරසකයි. පොඩි ද්ව්ව්වර් මගන් මායන් (නාසර්) ලොකු දේවර් මගන් ශක්ති (කමල්). ශක්ති උගත් මායන් නූගත්. පවුලේ වැඩිහිටියන්ගේ විරසකය මේ දෙන්නා පිටට එන හැටිත් එය දෙන්නා හසුරවන අකාරය හා එයට ගැමියන්ගෙන් ලැබෙන ප්‍රතිචාරයන් ඉතා අපූරුවට සිනමාවකරා ගෙන ඇති ආකාරය ප්‍රසංසනීයයි.

අවසන් වශයෙන් කියන්න තියෙන්නේ මෙය දමිළ සිනමා රසිකය අනිවාරයෙන් නැරඹිය යුතු සිනමා පටයක්.

ඉතින් හමුවෙනු නැවතත් මෙවෙනිම සිනමා පටයකින්.

#දමිළ_සිනමාව වෙනුවෙන්
#පීටර්_බාත්ලට් විසින්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

10 comments

  1. Shan Sasanga
    Cineru Family Member

    150 ට සුබපැතුම් ❤️❤️❤️ ජයවේවා ❤️❤️

  2. Download කරන්නෙ කොහොමද ???

  3. 150* ට සුබ පැතුම් අයියේ

  4. උපරිම රසස්වාදය අප හට ලබා දීම සඳහා
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන් ස්තුතියි

  5. udaya saman
    Cineru Family Member

    SUBA PETHUM LOKU AIYA

  6. laKMal
    Cineru_users

    150වෙනි උපසිරැසියට සුබ පැතුම් මචං…
    කරක කියන යහපත් දේ සාර්තක වේවා….
    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  7. charith madhuranga

    thanks a lot

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    150 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    ගොඩක්ම ස්තූතියි පීටර් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    ” සිනෙරු ” ……………  හදවතින්ම ආදරෙයි ……!!!

  9. super film ekak <3." Inji iduppazhagi " song eka patta.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login