The title of the page
8
98

The Witch’s Diner (2021) E08 END Sinhala Subtitles | අවසන් භෝජනය | සිංහල උපසිරැසි සමඟ

(The Witch’s Diner (2021) E08 Sinhala Sub)

The witch’s diner

” මායාකාරියගෙ අවන්හළ “

– Information –

Hangul – 마녀식당으로 오세요

Genre –  Dark fantasy

Based on -The Witch’s Diner by Goo Sang-hee

Written by – Lee Young-sook

Directed by – So Jae-hyun

Starring – Song Ji-hyo, Nam Ji-hyun,

Chae Jong-hyeop

Composer – Heo Seong-jin

Country of origin – South Korea

Original language – Korean

No. of episodes – 8

Executive producer – Oh Jae-hyeon

Producers – Yang Gwang-deok, Oh Seul-gi,

Kim Gyeo-re

Production companies –     Studio Dragon, Apollon Studio[1]

Original network -TVING

– Cast – කාස්ට් –

Song Ji hyo (සොන්ග් ජි හෝ) ජො හෙ රා ලෙස

මැය මායාකාරියක් වගේම අවන්හලක හිමිකාරිනියක්, මේ අවන්හලට එන ගනුදෙනුකාරයන්ගෙ ප්‍රාර්ථනා ඉෂ්ට කර ඒ වෙනුවට ගනුදෙනුකාරයන්ගෙන් යමක් මිල වෙනුවට ගන්නවා. මැය ජොන්ග් ජින්ගෙ ප්‍රාර්ථනාව ඉෂ්ට කරලා ඒකෙ මිල වෙනුවට ජින්ගෙ අවන්හල ලබාගන්නවා

Nam Ji hyun (නම් ජි හ්යොන්) ජන්ග් ජින් ලෙස

ජෝ හෙ රාගෙ අවන්හලේ සේවිකාවක්. ජින්ගෙ ජීවිතේ සම්පූර්ණයෙන්ම අවුල් වී තිබෙන අවස්ථාවක හෙ රා ඇය වෙත පැමිණ ඇගේ පළිගැනීමෙ ප්‍රාර්ථනය ඉෂ්ට කරලා එහි මිල වශයෙන් ජින්ගෙ අවන්හල ලබාගන්නවා.

Chae Jong hyeop (චේ ජොන්ග් හ්යොප්) ලී ගිල් යොන්ග් ලෙස

පාසල් සිසුවෙක් වගේම ධාවන ක්‍රීඩකයෙක්. රාත්‍රී කාලයේදි මායාකාරියගෙ අවන්හලේ සේවය කරයි

එහෙනම් අපි මේ කතාව මොන වගේ කතාවක්ද කියලා බලමු,

ජන්ග් ජින් කියන්නෙ රස්සාවක් කරන පෙම්වතෙකුත් ඉන්න 28 හැවිරිදි තරුණියක්. නමුත් ඇගේ පෙම්වතා ඇයගෙන් වෙන්වෙනවා ඒ වගේම ඇයට ඇගෙ රස්සාවද අහිමි වෙනවා.
ඉතින් ඊටපස්සෙ ජින් එයාගෙ අම්මත් එක්ක එකතු වෙලා අවන්හළක් පටන් ගන්නවා. මෙයාලා රැවටීමකට ලක්වෙන නිසා මේ අවන්හළත් බංකොළොත් වෙනවා. දවසක් ජින්ගෙ අම්මා නගරයෙන් පිටට යනවා ජින් අවන්හළේ තනිවෙනවා.

මේ දවසෙ ජො හෙ රා මේ අවන්හළට එනවා. ඇය මායාකාරියක්, ඇයට අවශ්‍ය වෙනවා ජින්ගෙන් අවන්හළ අරගෙන ඇගේ අවන්හළක් එතන පවත්වගන යන්න. මේ මායාකාරිය අවශ්‍ය වෙනවා පාරිභෝගියන්ට කෑම හදලා දීලා ඔවුන්ගෙ ප්‍රාර්ථනාවක් ඉෂ්ට කිරීමට. ඒ වෙනුවෙන් ඒ අය ලග තිබෙන හෙ රා ට අවශ්‍ය දෙයක් ඔවුන් හේරට දෙන්න ඕනෙ. ඉතින් මුලින් මේ ගැන අවිශ්වාස කරත් පස්සෙ ජන්ග් ජින් ඇයත් සමග එකතු වෙලා අවන්හළ කරගෙන යනවා.
ඉතින් කාලයත් සමග මේ අවන්හළ ජනප්‍රිය වෙනවා. අවන්හළට පැමිණෙන හැම ගනුදෙනුකාරයෙක්ට එයාලටම ආවේණික වුන ජීවිත කතාවක් තියෙනවා. එයාලා විවිධ දේවල් කැප කරලා තම තමන්ගෙ ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්නවා. නමුත් මේ ප්‍රාර්ථනා ඉෂ්ට වුනාම ඒ අය අනිවාර්යයෙන්ම සතුටට පත් වෙනවා කියලා සහතික වෙන්න බෑ. සමහර අය සතුටු වෙනවා වගේම අසමහර අය අසතුටු වෙනවා.

“ඒත් අපි දෙයක් ගැන දිගින් දිගටම විශ්වාස කරලා ඒ දෙය ලැබෙන්න කියලා දිගටම ප්‍රාර්ථනා කරොත් ඒක හැබෑ වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඉතින් ඔයා මාර්ගයේ ගමන් කරද්දි, මායාකාරියගෙ අවන්හලක් හම්බවුනොත්, පැකිලෙන්නෙ නැතුව ඇතුළට එන්න. අනිවාර්යයෙන්ම ඔයාගෙ ප්‍රාර්ථනාවා ඉෂ්ට වෙයි.”

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


162
Total Subtitles

5 comments

  1. උපසිරැසියට බොහෝම ස්තූතියි😃👍
    පුළුවන්නම් ͲᏙᏆΝᏀ එකේ ඔන්ගොයින්ග් යන YᑌᎷᏆ’Տ ᏟᎬᏞᏞՏ කොරියන් ඩ්‍රාමා එකටත් සබ්🙂දෙමු….

  2. Thank you❤ තවත් කොරියානු කතා මාලාවකට ඉක්මනින් sub දෙන්න හොදේ 🤗

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් මේ කතාවට සබ් කරාට

  4. Krishani
    Cineru_users

    Thank you 💐💖

  5. බොහොම ස්තුතියි නියම වැඩක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login