The title of the page
The Witcher S02 Sinhala Subtitles
The Witcher S02 Sinhala Subtitles
8.2
82
93

The Witcher (2021) S02E02 Sinhala Subtitles | “කෙයර් මෝහෙන්” | සිංහල උපසිරැසි සමඟ [18+]

(The Witcher (2021) S02E02 Sinhala Subtitles) (The Witcher S02 Sinhala Subtitles)

මේ අවුරුද්දෙ වැඩිම හයිප් එකක් තිබුණ කතා මාලාවක් තමයි The Witcher කියන්නෙ. විචර් පළවෙනි කතා සමයටත් මේ හා සමාන හයිප් එකක් තිබ්බා. ඒ මොකද කියනවා නම් The Witcher කියන්නෙ Netflix ආයතනය සෑහෙන ලොකු බජට් එකක් වෙන් කරලා නිර්මාණය කරන කතා මාලාවක්. ඊටත් වඩා මේක පරිඝණක ක්‍රීඩාවක් පාදක කරගෙන නිර්මාණය කරන නිර්මාණය කරපු කතා මාලාවක් වීමත් විශේෂත්වයක්. ඉතින් Witcher ගේම් එක ගහලා තියන ඕනම කෙනෙක් අනිවාරෙන්ම ඇඟිලි ගැන ගැන මේක එනකල් බලාගන ඉන්න ඇති. “Witcher Season 02” රිලීස් කරන්න නියමිත වෙලා තිබුණෙ මීට කලින්. ඒත් පැන්ඩමික් එක නිසා මේකෙ Production කල් ගියා. ඒ නිසාම තමයි මේක මෙච්චර පස්සට එන්න හේතුව උනේ. ඒ කොහොම උනත් අන්තිමේදි Netflix ලා දෙසැම්බර් මාසෙ අද වගේ දවසක සීසන් 02 එක රිලීස් කරනවා. ඒත් ඊට කලින් තවත් අකරතැබ්බෙකට මූණ දෙන්න Netflix ආයතනයට සිද්ධ වුණා. ඒ කියන්නෙ The Witcher S02 එකේ පළවෙනි කොටස ඊයෙ දවසෙදි ලීක් උනා. මේ කාලෙ හැටියට මේ වගේ දේවල් බහුලව සිද්ධවෙනවා. Netflix එකට විතරක් නෙවෙයි Marvel, HBO වගේ ආයතනය වලටත් මේ දේවල් වලට මූණ දෙන්න සිද්ධ වෙනවා.

විචර් සීසන් 02 එක ගැන කියන්න කලින් අගෝස්තු මාසයේදි The Witcher කතා මාලාවෙ Spin-Off එකක් විදිහට අගෝස්තු මාසෙ 23 වෙනිදා රිලීස් උන “The Witcher: Nightmare of the Wolf” කියන ඇනිමේ එක ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්. මෙන්න මේ ඇනිමේ එක බැලුව නැති කේක් ඉන්නවා නම් අනිවාරෙන්ම බලන්න. හැබැයි මේ කතාවෙ තියෙන්නේ “ගැරල්ට්” ගැන නම් නෙවෙයි. ගැරල්ට් ගෙ උපදේශකයා උන “වෙස්මියර්ගේ” කතාව තමයි මේකෙ තියෙන්නෙ. මම මේක බලන්න කියලා කිව්ව හේතුව තමයි මේ වෙනකොට හැමෝම දන්නවා ඇතිනෙ HBO ලගෙ “Game Of Thrones” කතා මාලාව වටා ලොකු යුනිවර්ස් එකක් නිර්මාණය වෙනවා කියලා. අන්න ඒ වගේ Witcher කතා මාලාව වටාත් ඒ වගේ ලොකු යුනිවර්ස් එකක් නිර්මාණය වෙනවා. “The Witcher Blood Origin” කියන්නෙත් ඒ යුනිවර්ස් එකේ තවත් එක නිර්මාණයක් විතරයි. ඒ වගේම මම මේ කියපු ඇනිමේ චිත්‍රපටියත් මේ යුනිවර්ස් එකට සම්බන්ධයි. ඒකටත් සිංහල උපසිරැසි අපේ වෙබ් අඩවියෙන් ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ වෙනකල් “The Witcher” පළවෙනි සීසන් එක නොබලපු කෙනෙක් ඉන්නවා නම් (මමනම් හිතන්නෙ නෑ නොබලපු අය ඇති කියලා) අනිවාරෙන්ම පළවෙනි සීසන් එක බලලා ඉන්න. ඒකටත් අපි සිංහල උපසිරැසි අරගෙන ඇවිත් තියෙනවා.

The Witcher පළවෙනි කතා මාලාවෙ දකින්න නොලැබුණ අලුත් චරිත කීපයක් වගේම අලුත් Monsters ලත් මේ සීසන් 02 එකේදි අපිට බලාගන්න පුළුවන්කම තියෙනවා. විචර් පළවෙනි සීසන් එකේ අන්තිමට “සිරී සහ ගැරල්ට්” මුණගැහෙනවා. එතන ඉඳන් ඉස්සරහට කතාව තමයි දෙවනි සීසන් එකේදි අපිට බලාගන්න පුළුවන්කම තියෙන්නෙ. පළවෙනි සීසන් එක වගේම දෙවනි සීසන් එකත් අති සුපිරියක් වෙන්න ඕන.

..උපසිරසිකරණයේ නව්‍ය රැල්ල සිනෙරූ..

(The Witcher Sinhala Subtitles) (Witcher Sinhala Subtitles) (Witcher S02 Sinhala Subtitles)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

9 comments

  1. ධනුෂ්ක

    කට්ටියක් එකතු වෙලා හරි ඉතුරු ටිකටත් පුළුවන් ඉක්මනට සබ් දෙමු.
    ජය ❤️🍃

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. මේක එනකම් බලන් හිටියේ. Thank you for the sub. ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න😍

  4. superbe.
    hamadama wage adath mn gattha sub eka

    jaya wewa!

  5. thnx bro.
    ජය වේවා!

  6. Thanz bro,, i appreciate for all of them for yours dedication❤️, i wish and keep hope all episode you can complete❤️

  7. Fonts penne na.mokadda mekata pc eke thiyenna ona font eka

    • එහෙම වෙන ෆොන්ට් එකක් නෑ..ප්ලේයර් එක මාරු කරලා බලන්න..Pot Player වගේ එකක් යූස් කරන්න..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login