The Verdict (2025) Sinhala Subtitles
The Verdict (2025) Sinhala Subtitles
6.2

The Verdict (2025) Sinhala Subtitles | “ බිරිඳ වෙනුවෙන්.. ” | සිංහල උපසිරැසි සමඟ

(The Verdict (2025) Sinhala Subtitles) (The Verdict (2025) Sinhala Subtitle) (The Verdict (2025) Sinhala Sub)

  • වර්ගය (Genre): Action, Thriller, Drama

  • ප්‍රධාන නළු නිළියන්: Rio Dewanto, Niken Anjani, Reza Rahadian

  • අධ්‍යක්ෂණය: Lee Chang-hee සහ Yusron Fuadi

මේ ෆිල්ම් එකේ ඉන්දුනීසියානු නම තමයි “Keadilan” (ඒ කියන්නේ ‘සාධාරණය’ කියන එක). මේක ටිකක් විශේෂ ෆිල්ම් එකක් වෙන්න හේතුවක් තියෙනවා. ඒ තමයි මේක අධ්‍යක්ෂණය කරන්න දකුණු කොරියානු අධ්‍යක්ෂක කෙනෙක් වෙන Lee Chang-hee (Netflix එකේ හිට් වුණු “A Killer Paradox” සීරීස් එක කරපු කෙනා) ඉන්දුනීසියානු අධ්‍යක්ෂක Yusron Fuadi එක්ක එකතු වෙලා තියෙන එක. මේ විදිහට දකුණු කොරියානු අධ්‍යක්ෂකවරයෙක් ඉන්දුනීසියානු ෆිල්ම් එකක් කරපු පළවෙනි වතාව තමයි මේක.

කතාව යන්නේ රාකා (Rio Dewanto) කියන උසාවියක සිකියුරිටි ගාඩ් කෙනෙක් විදිහට වැඩ කරන මනුස්සයෙක් ගැන. මෙයාගේ බිරිඳ නීනාට (Niken Anjani) සල්ලික්කාර පවුලක දරුවෙක්ගෙන් දරුණු විදිහට හිරිහැර වෙනවා. මේකට සාධාරණයක් බලාපොරොත්තුවෙන් මේ දෙන්නා උසාවි ගියාම, මෙයාලට මුහුණ දෙන්න වෙන්නේ ටිමෝ (Reza Rahadian) කියන පට්ටම කපටි, සල්ලිවලට යටවුණු ලෝයර් කෙනෙක්ට.

සල්ලි බලයට නීතිය යටවෙලා තමන්ගේ බිරිඳට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නෑ කියලා තේරුණාම රාකාට හොඳටම කේන්ති යනවා. ඊටපස්සේ මෙයා තීරණය කරනවා නීතිය තමන්ගේ අතට අරගෙන උසාවිය ඇතුළෙදිම තමන්ගේ විදිහට, බය නැතුව සාධාරණය ඉෂ්ට කරන්න. පළිගැනීම, ඇක්ෂන් සහ ත්‍රාසය උපරිමයට තියෙන පට්ටම ෆිල්ම් එකක් තමයි මේක. ඇක්ෂන් ත්‍රිලර් බලන්න ආස අයට මේක නියම අත්දැකීමක් වෙයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

2 comments

  1. ස්තූථියි සබ්එකට

  2. EUPHORIA 2026 TELUGU movie eka dennako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login