The title of the page
The Twin (2022) Sinhala Subtitles
The Twin (2022) Sinhala Subtitles
5.2
70
70

The Twin (2022) Sinhala Subtitles | නිවුන්නාගේ සත්‍ය..| සිංහල උපසිරැසි සමඟ

(The Twin (2022) Sinhala Subtitles) (The Twin (2022) Sinhala Subtitles)

The Twin  යනු Taneli Mustonen විසින් අධ්‍යක්ෂණය කරන ලද Horror | Mystery | Psychological යන කාණ්ඩ වලට අයත් චිත්‍රපටයක්.. මුල් තිර රචනය ලියා ඇත්තේ චිත්‍රපටිය නිෂ්පාදනය කළ Taneli Mustonen සහ Aleksi Hyvärinen විසින්. මෙය මුල් වරට තිරගතව ඇත්තේ මෙම වසරේ (2022) මාර්තු 24 වෙනිදායි.5.2 ක පමණ IMdb අගයක් ලබාගෙන ඇති මෙය අවසානය තෙක් කුතුහලය පිරුණු චිත්‍රපටයක් කියන්න පුළුවන්.

කතාව ටිකක් කියන්නම්කෝ…

හදිසි අනතුරකින් එලියට්ගේ නිවුන් සොහොයුරා වන නේදන් මිය යනවා.මෙයාලා මේ නිසා ඉන්නෙ පුදුම හිත් තැවුලෙන්.මේකෙන් මිදෙන්න හිතාන රේචල්,ඇන්තනී සහ ඔවුන්ගේ අනෙක් නිවුන් දරුවා එලියට් වත් අරගෙන නිව්යෝර්ක් වල ඉඳන් ෆින්ලන්තයට යනවා.මෙයාලා යන නගරය ටිකක් අමුතුයි.මිනිස්සුත් අමුතුයි.ටිකක් නෙවෙයි ගොඩක්.දවසක් මේ තුන් දෙනා වට පිටාව බලන්න ගියපු ගමන් මෙයාලට හම්බෙනවා ප්‍රාර්ථනා ඉටු කරනවා කියලා මිත්‍යා මතයක් තියෙන පර්වතයක්.ඉතින් පුංචි එලියට…එයත් ප්‍රාර්ථනාවක් කරනවා…ඊට පස්සෙ තමයි හුඟක් දේවල් වෙනස් වෙන්න පටන් ගන්නෙ.එලියට්ගෙ හැසිරීමෙ ලොකු වෙනසක් වෙනවා..ඔහු අදෘශ්‍යමාන කෙනෙක් එක්ක කතා කරන්න පවා පටන් ගන්නවා…මේ අතරෙ නගරයේ පවත්තපු පිළිගැනීමේ සාදයකදි රේචල්ට අහන්න ලැබෙන්නෙත් හරිම අභිරහස් දේවල් ටිකක්.රේචල් එලියට් ගැන හුඟක් කරදර වෙන්න පටන් ගත්තත් ඇන්තනී දරුවා ගැන වැඩි තැකීමක් නොකිරීම නම් ටිකක් අමුතුයි වගේ…ඔව්..ඒ මොකද කියලා අවසානයේ ඔයාලා හැමෝටම තේරුම් යාවි…

Horror වගේ තිබුනට ගොඩක් මේකේ ලොකුවට බය හිතෙන දර්ශන එහෙම නම් නෑ.ඉතින් හොල්මන් වලට බය අය මේක නොබලා ඉන්න එහෙම එපා.🙈

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
Shawini S Lakmali (සාවි) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
Shawini S Lakmali (සාවි)

March 25, 2022


14
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login