The title of the page
The Sword With No Name 2009 Sinhala Sub
The Sword With No Name 2009 Sinhala Sub
6.3
66
88

The Sword With No Name (2009) Sinhala Subtitles | නමක් නොමැති අසිපත | සිංහල උපසිරැසි සමඟ

(The Sword With No Name (2009) Sinhala Subtitles)

  • IMDb – 6.3/10
  • Rotten Tomatoes – 66%
  • Google user’s rate – 88%
  • Language – Korean
  • Genre – Action / Drama / Romance
  • Written by – Lee Suk Yeon
  • Directed By – Kim Yong Gyun
  • Starring – Soo Ae, Cho Seung Woo, Cheon Ho Jin,Go Su Hee, Kim Yeong Min, Choi Jae Woong,..

The Sword With No Name චිත්‍රපටයට පාදක වී ඇත්තේ කොරියානු ඉතිහාසයේ නොමැකෙන චරිතයක් වූ ජෝසනයේ අවසාන අධිරාජිණිය ලෙස හදුන්වන Myeongseong (ම්‍යොන්ග්සොන්ග්) රැජිණියගෙ සත්‍ය කතාව ආදේශ කරගෙන ලියවුණු කල්පිතයක් වන Yasulok ගේ Like Firework, Like Butterflies නවකතාවයි.

රේටින් තරමක් අඩු වුවත් මේ චිත්‍රපටය තුළ විශේෂ අඩු පාඩුවක් මං නම් දැක්කේ නෑ. මම පෞද්ගලිකවම කාලයක් තිස්සේ නරඹන්න බලාගෙන සිටිය චිත්‍රපටයක්, උපසිරැසි ගන්වන අතරතුර පවා කතාව මගේ හදවටම දැනුනා. එපමණක් නොවේ මෙය අමෙරිකානු ඩොලර් 10,928,195ක ආදායමක් වගේම කොරියාව පුරා චිත්‍රපටය සදහා 2009 දී 1,671,387ක් පමණ ටිකට් පත් ද අලෙවි වී තිබෙනවා.

ඉතිහාස කතාව කෙටියෙන්.

වර්ෂ 1851 දී ගෝජොන්ග් රජු එනම් ජෝසනයේ 26 වන රජුගේ අග මෙහෙසිය ලෙසින් මාලිගයට පැමිණෙන මැය මින් රැජිණ ලෙසත් ප්‍රකටයි. ඇයගේ උපත් නාමය වනුයේ මින් ජා යොන්ග් ය. චෝරින් රැජිණ (මිස්ටර් ක්වීන් හි එන රැජිණ) ගෙන් පසු දේශපාලනික වශයෙන් ස්ථානයක් හිමි කරගත් ජා යොන්ග් විදෙස් රටවල් සමග සුහද ශීලීව කටයුතු කළ බව ප්‍රංශ රාජ දූතයන් හා රුසියානු අමාත්‍ය වරුන්ද ප්‍රකාශ කර තිබෙනවා. මේ ගෝජොන්ග් රාජ්‍ය සමය වන විට කොරියාව බටහිර රටවල් ඔවුන්ගේ කතෝලික ආගම මෙන්ම ආභාශයන් ව්‍යාප්තියට තෝරාගෙන අවසන්‍.

චිත්‍රපටයේදී “ඩේවොන්ගුන්” යන නම බෙහෙවින් යෙදිලා තියෙනවා දකින්න ලැබෙයි. මෙහි “ඩේවොන්ගුන්” නමින් හදුන්වන්නේ ගෝජොන්ග් රජුගේ පියාව යි. ඔහු පෙර රජ කෙනෙකු නොවූ නිසා ඔහුව ආමන්ත්‍රණය කරන්නේ ඩේවොන්ගුන් හෙවත් ප්‍රධාන කුමරු යන අර්ථයෙනි. ඒ යෙදුම මා එලෙසින්ම උපසිරැසියේද යොදා ඇත. රජු හා විවාහ වීමෙන් පසු ජා යොන්ග් ගේ මාමණ්ඩියද වන ඩේවොන්ගුන් නම් රැජිණ ලෙස ඇය දේශපාලනයට සම්බන්ධ වනවාට වැඩි කැමත්තක් දක්වන්නේ නෑ. ඒ වගේම ජපානය කියන්නේ ඉතිහාසයේ කොරියාවේ පරම හතුරෙක්. පළමු ජපන් ආක්‍රමණයෙන් පසු කොරියාව ජපානයේ බලපෑමට නතු වෙනවා.ඔවුන්ගේ බලපෑමෙන් තරමක් හෝ ගැලවෙන්නට හිතාගෙන මින් රැජිණ රුසියාව හා කොරියාව අතර සම්බන්ධය ශක්තිමත් කරගන්න වැඩ කටයුතු කරනවා.මේක නිසා කෝපයට පත් වන ජපන් මේජාර් වරයා සමුරායි වරු කණ්ඩායමක් සමග මින් රැජිණ ඇතුළු මාලිගයේ කාන්තාවක් පිරිසක්ම අමු අමුවේ ඝාට්නය කර පුළුස්සා දමනවා..

චිත්‍රපටයෙන්..

චිත්‍රපටය ආරම්භ වෙන්නේ කතෝලික ආගම අදහපු වරද නිසා පිරිසක් මරා දමන දර්ශනයකින්. ජොහැනස් හෙවත් මූ ම්‍යොන්ග් ගේද මව එලෙස මරණයට පත් වනවා.. පසු කලෙක තරුණ මූ ම්‍යොන්ග් මුදල් උපයන්නේ කුලී ඝාතකයෙක් විදියට. ඔහුගේ ජීවිතය වෙනස් වන්නේ මින් ජා යොන්ග් යන අසමසම යුවතිය හමු වීමෙනු යි.

මූ ම්‍යොන්ග් ලෙස Cho Seung Woo.

(ඉසිවර වෙදැදුරු, Sisyphus; The myth, The Classic, Stranger)

ජා යොන්ග් ලෙස Soo Ae

(Flu, High Society, Midnight FM, Mask)

චිත්‍රපටය අවසානයේදී යන තේමා ගීතයටත් ආදරෙන් උපසිරැසි එකතු කළා වෙනම කාලකයක් අරගෙන..ඒ තරමටම සංවේදී ගීතයක් වන Lee Sun Hee ගායනා කරන Like A flame, Like a Butterfly ගීතයත් රසවිදින්න..

ජයවේවා! තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු.

-විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)-

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

8 comments

  1. Thank you❤ ආයෙත් ලස්සන කොරියානු tv series එකකට සබ් දෙන්නකෝ🤗

  2. මේ සබ් එකට ගොඩක් ස්තූතියි. Tunnel Kdrama Series එකටත් සබ් දෙන්නකෝ.

  3. උපසිරැසියට ගොඩාක් තෑන්ක්ස්! තවත් කොරියන් Movies වලට සබ් දෙමු!

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට Mulan: Rise of a Warrior (2009) එකට සබ් දෙන්න පුළුවන්ද

  5. බොහෝම ස්තූතියි සබ් එකට

  6. thanks machan

  7. Sub ekata thank you 🥰 puluwn nam Miss & Mrs Cops kiyana korean movie ekatath sub eka dennako

  8. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login