The title of the page
6.6
100
93

The Roundup : No Way Out (2023) Sinhala Subtitles | ” තවත් වටයක් ” | සිංහල උපසිරැසි සමඟ

The Roundup  : No Way Out (2023) AKA The Outlaws III

                               ඔන්න එහෙනම් ගොඩදෙනෙක් එනකම් බලාගෙන හිටපු මෙතෙක් කොරියානු සිනමාවේ හොඳම ෆිල්ම් සීරියස් එකක තවත් අළුත්ම සිනමාපටයට උපසිරැසි අරගෙන අපි සිනෙරූ අඩවියට ගොඩ වුණා.මේ චිත්‍රපටයට උපසිරැසි අරගෙන එන්න මමයි(ලක්මිණ රුවිෂාන්), මගෙ සහෝදර මදුශාන් අයියත් එක්ක.

                        The Outlaws ෆ්‍රැන්චයිස් එක ගැන නම් මේ වෙනකොට අහලා නැති කෙනෙක් නැති තරම්. ඒ තරමට මේ ෆිල්ම් සීරියස් එක ජනප්‍රියයි වගේම ඒ ජනප්‍රියතව මේ වෙනක්ම් ආව කිසිම චිත්‍රපටයකින් අඩුවුණේ නෑ.තවත් වැඩි වුනා විතරයි.2017 වල තිරගතවුන The Outlaws චිත්‍රපටයෙන් පස්සේ අවුරුදු පහකට පස්සේ 2022 දී දෙවෙනි දිගහැරුම වශයෙන් The Outlaws 2: The Roundup විදිහටත් තෙවෙනි දිගහැරුම විදිහට The Roundup: No way out විදිහට 2023දී තිරගත වුනා.ඒ වගේම කලින් චිත්‍රපටවලටත් සාපේක්ෂව පටන්ගත්තු තැන ඉඳන්ම ඇක්ෂන් පැක් එකක් ඔයාලට මේ වතාවේ බලාගන්න පුළුවන්.

සුපුරුදු විදිහටම Lee sang yong ගේ අධ්‍යක්ෂණයෙන් නිමැවුණ මේ චිත්‍රපටයට සුපිරි කොරියානු නළු Ma Dong Seok (මා සුක් දෝ) Lee Joon Hyuk (ජෝ සන් චොල්), Aoki Munetaka (‍රිකී), Lee Bum Soo (ජන්ග් ටේ සූ) , Kim Min Jae (කිම් මන් ජේ), Jun Suk Ho (කිම් යන්ග් හෝ) Go Gyu Pil (චොරොන් ගි) රංගනයෙන් දායක වෙනවා.2023 මැයි 31 වෙනිදා ඉඳන් ලොව පුරා තිරගතවීම් ආරම්භ කළ චිත්‍රපටය මේ වෙනකොට IMDb අගය 6.6 කුත් 100%ක ඉහළම කුණු තක්කාලි අගයකුත් 93%ක ගූගල් පරිශීලක කැමැත්තකුත් ලැබිලා තියෙනවා.මාසයක් පුරා තිරගත වුණ මෙම චිත්‍රපටය කලින් වගේම දවස් කිහිපයකින්ම බ්ලොක්බස්ටර් ලේබලය අලවාගන්න සමත්වුනා.තිරගතවීම් ආරම්භ කල දින කොරියානු චිත්‍රපටයක් නැරඹීමට පසුගිය වසර 5 තුළ පැමිණි ඉහළම ප්‍රේක්ෂක සංඛ්‍යාවේ වාර්තාවත් තමන් සතුකරගන්න The Roundup No way out සමත් වුණා.ඒ වගේම දින තුනකින් මිලියන 3 සීමාවත්, සතියකින් මිලියන 5ක ප්‍රේක්ෂක සංඛ්‍යාවත් ඇතුළුව මේ අවුරුද්දේ සමස්ථ ප්‍රේක්ෂක සංඛ්‍යාව මිලියන 10 සීමාව පසු කරපු පළවෙනි කොරියානු සිනමා නිර්මාණය විදිහටත් වාර්තා අතරට එකතුවුණා.මාසයක් අවසානයේ සමස්ථ ආදායම ඩො.මි 78 ක් ලබා ගන්නටත් මෙම මා දොං සුක්ගේ සුපිරි චිත්‍රපටය හැකිවුණා.

එහෙනම් කතාව පැත්තට හැරෙමු.

අද කතාව පටන් ගන්නේ හරියටම වියට්නාමයේ කතන්දරය ඉවරවෙලා අවුරුදු හතකට පස්සේ.මා සුක් දෝ ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕන නෑනේ.සතපට සත්ත පඩි තමා ඉතිං.කොහොමින් හරි දවසක් එයාගේ කණ්ඩායමට හෝටලකින් ඇදවැටුණ කන්තා මරණයක් ගැන විමර්ශණයක් කරන්න පටන්ගන්නවා.ඒත් මරණ පරීක්ෂණයෙදී හොයාගන්නවා මේ කාන්තාව මැරිලා නෙවෙයි ඝාතනය කරලා කියලා.ඇරත් ඒ වෙනකොට අළුත්ම මත්ද්‍රව්‍යක් ශරීරගත කරලා තිබිලා කියලා හොයගන්නවා.මේ මත්ද්‍රව්‍ය ජාවාරම ගැන මා සුක් දෝ හොයන්න පටන්ගත්තත් ගැබුරට යද්දී එයාට තේරෙනවා මේක ජපන් යකුසා මැර සංවිධනයයි කොරියානු මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ එක්ක සම්බන්ධවෙලා යන ජාවාරමක් කියලා.ඒ වගේම මේකට කොරියානු පොලීසියේ ප්‍රධානියෙකුත් හවුල් කියලා දැනගන්න ලැබෙනවා. අපේ සුපිරි පොලිස් මහත්මයා මේ අවුල කොහොම විසඳාවිද කියලා බලන්න ඔයාලට අපි සාදරයෙන් ආරධනා කරනවා.

ඒ වගේම තමයි මේ ෆ්‍රැන්චයිස් එකේ හතරවෙනි චිත්‍රපටය,තුන්වෙනි චිත්‍රපටයේම දිගුව වෙන The Roundup : Punishment (The Outlaws  IV) හි රූගත කිරීම් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා.එහෙනම් ඊළඟ ඇක්ෂන් පැක් එකකින් මුණගැහෙනකම් අපි සමුගන්නවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

10 comments

  1. Tanks sudda

  2. wow supirine.. man koriyan movie wala asama actor kanek inne 😍 godak sthuthi ssubtitle ekata brothers ❤❤❤🌟🌟🌟🌟🌟

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි මදුශාන් සොයුර ……….
    ගොඩක්ම ස්තූතියි ලක්මිණ සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. prasanna sampath

    thanks saholaa

  5. thanks ……………..

  6. Krishani
    Cineru_users

    Thank you 💐💜️

  7. Thank you supiri film eka roundup 4 ekatath ikmanata sub dendoo❤💪

  8. Sahan
    Cineru_users

    Roundup 2024 ektath ikkmnta sub eka dennko.

  9. Roundup 4 ekath release Una puluvan nan ekatath sub dennako

  10. Roundup : punishment ekatath sub dennako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login