Avatar The Last Airbender (2024) S02 E01 Sinhala Subtitles
Avatar The Last Airbender (2024) S02 E01 Sinhala Subtitles
7.2
62

Avatar: The Last Airbender (2024) S02 E01 Sinhala Subtitles | “ පෘථිවි පාලනය ” | සිංහල උපසිරැසි සමඟ

(Avatar: The Last Airbender (2024) S02 Sinhala Subtitles) (Avatar: The Last Airbender (2024) S02 Sinhala Subtitle) (Avatar: The Last Airbender (2024) S02 Sinhala Sub)

ඔන්න ඉතින් ගොඩක් දෙනෙක් ඇඟිලි ගනිමින් මග බලන් හිටපු Avatar: The Last Airbender ලයිව් ඇක්ෂන් (Live-Action) සීරීස් එකේ දෙවෙනි සීසන් එක ඇවිල්ලා තියෙන්නේ. 2024 අවුරුද්දේ ආපු පලවෙනි සීසන් එකට ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා ඔයාලට මතක ඇතිනේ. ඇනිමේෂන් එකේ තිබ්බ ඒ ගතියට සමහර තැන් වලට පොඩි වෙනස්කම් ටිකක් කරලා තිබුණත්, සෑහෙන්න සාර්ථක විදිහට කතාව ගෙනියන්න Netflix ලා සමත් වෙලා තිබුණා. ඉතින් ඒ කතාවේ ඊළඟ කොටස තමයි මේ සීසන් එකෙන් අපිට බලාගන්න පුළුවන් වෙන්නේ.

පලවෙනි සීසන් එකේදි Waterbending ඉගෙනගන්න උතුරු ජල ගෝත්‍රය (Northern Water Tribe) පැත්තට ගියපු අපේ Aang ට, දැන් ඊළඟට ඉගෙනගන්න තියෙන්නේ Earthbending. ඉතින් Katara යි Sokka යි එක්ක Aang මේ ගමන යන්නේ Earth Kingdom එක පැත්තට. ඇනිමේෂන් සීරීස් එක බලපු අයට නම් අමුතුවෙන් කියන්න ඕන නෑ මේ පාර කතාවට එකතු වෙන අලුත්ම, ඒ වගේම ගොඩක් අය ආදරය කරන චරිතය කවුද කියලා. ඔව්, ඒ තමයි Toph Beifong! ඇස් පේන්නේ නැති වුණත් අති දක්ෂ Earthbender කෙනෙක් වෙන Toph ගේ චරිතය මේ ලයිව් ඇක්ෂන් එකේදි කොහොමට තියේවිද කියලා බලාගන්න මේක කියාපු අවස්ථාවක්.

අනිත් පැත්තෙන් Fire Lord Ozai තමන්ගේ අරමුණු වෙනුවෙන් තවත් දරුණු තීරණ ගන්නවා. ඒ වගේම, Zuko ට වැඩිය භයානක විදිහට Aang ව හොයාගෙන එන Azula ගේ මෙහෙයුමත් මේ සීසන් එකේදි තවත් වේගවත් වෙනවා.

පලවෙනි සීසන් එකටත් වඩා මේ පාර Bending සටන් ජවනිකා වලට ලොකු මහන්සියක් අරන් තියෙනවා. Earthbending වල තියෙන බරපතලකම හොඳටම බලාගන්න පුළුවන්. Toph ඇතුළු Earth Kingdom එකේ අලුත් චරිත ගොඩක් එක්ක කතාව තවත් රසවත් වෙනවා. Ba Sing Se නගරයේ අභිරහස් ත්‍රාසයත් මේකට එකතු වෙනවා. පලවෙනි සීසන් එකේදි චරිත හඳුන්වලා දෙන්න ගියපු කාලය මේකෙදි ඉතුරු වෙන නිසා, මුල ඉඳන්ම කෙලින්ම ඇක්ෂන් සහ කතාවේ ගැඹුරටම බහින්න පුළුවන්.

කලින් සීසන් එක බලපු, ඒ වගේම Avatar ලෝකයට ආදරය කරන හැමෝම අනිවාර්යයෙන්ම බලන්න ඕන සීසන් එකක් තමයි මේක. කතාව ගැන මීට වඩා වැඩිය කියන්න යන්නේ නෑ ස්පොයිල් වෙන නිසා. එහෙනම් ඉතින් වෙනදා වගේම සිංහල උපසිරැසිත් එක්කම මේ සුපිරි කතාව රසවිඳින්න ලෑස්ති වෙන්න. අරගෙනම බලමු නේද? පල්ලෙහායින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


744
Total Subtitles

10 comments

  1. Thank you, okkoma episodes Tika denna,supiri❤️Asama ekak

  2. meke ithuru tika nadda

  3. thilanka dilshan

    Thanks bro ithuru episode tikath ikmnt denno 😘

  4. Thanks……

  5. Buddhika laKMal

    සබ්එකට තෑන්ක්ස්

  6. thanks a lot rear

  7. kavinda gamage
    Cineru_users

    බොහොම ස්තුතියි නියම වැඩක්

  8. Prabath
    Cineru_users

    කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවානම් මෙ Facebook free watch කියන option එක ගැන කියනවද….අපි normal active කරන රු.499 Data package එක දාගෙන (unlimited social media Package) episodes ටික බලන්න පුළුවන්ද…? Normal Data කැපෙන්නේ නැතුව…..? Please please please උත්තරයක් දෙන්න….

  9. Prabath
    Cineru_users

    Thank you sister….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login