The Girl with All the Gifts (2010) Sinhala Subtitles
The Girl with All the Gifts (2010) Sinhala Subtitles
6.6
86

The Girl with All the Gifts (2010) Sinhala Subtitles | “ වෛරසයක බලපෑම ” | සිංහල උපසිරැසි සමඟ

(The Girl with All the Gifts (2010) Sinhala Subtitles) (The Girl with All the Gifts (2010) Sinhala Subtitle) (The Girl with All the Gifts (2010) Sinhala Sub)

සුබ දවසක් වේවා හැමෝටම!

වෙනස්ම විදියේ කතා තේමාවක් එක්ක 2016 වසරේ නිකුත් වුන The Girl with All the Gifts චිත්‍රපටයටයි මේ උපසිරැසියක් අරන් ආවේ.. මේක Post-apocalyptic / Horror ගණයට වැටෙන චිත්‍රපටයක්..

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Colm McCarthy විසින්.. M.R. Carey විසින් ලියපු ජනප්‍රිය නවකතාවක් ඇසුරෙන් තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. Sennia Nanua, Gemma Arterton, Glenn Close සහ Paddy Considine වගේ දක්ෂ නළු නිළියන් පිරිසක් මේකට රංගනයෙන් දායක වෙනවා..

සාමාන්‍ය සොම්බි ෆිල්ම් එකකට වඩා හාත්පසින්ම වෙනස්, කුතුහලය පිරිච්ච ෆිල්ම් එකක් බලන්න කැමති අයට නම් මේක සුපිරියක් ❤️

කතාව ගැන පොඩ්ඩක් කියනවා නම්, දරුණු දිලීරයක් නිසා මනුස්සයෝ ආසාදනය වෙලා මිනී කන “Hungries” බවට පත් වෙලා ඉවරයි. හැබැයි හමුදා කඳවුරක් ඇතුලේ විශේෂ ළමයි කණ්ඩායමක් ඉන්නවා.. මේ ළමයින්ටත් මස් කන්න ආසාව තිබුනට, එයාලට සාමාන්‍ය විදියට හිතන්න පතන්න, ඉගෙන ගන්න පුළුවන්.. මෙලනි කියන්නේ මේ අතරින් ගොඩක්ම විශේෂ දක්ෂ ගැහැණු ළමයෙක්..

ලෝකය බේරගන්න බෙහෙතක් හොයන්න හදන ඩොක්ටර් කෙනෙක් සහ හමුදා නිලධාරියෙක් එක්ක මේ පුංචි මෙලනිට ලොකු ගමනක් යන්න සිද්ධ වෙනවා.. ඉතින් මේ ගමනේදී මෙයාලට මොන වගේ අභියෝගවලට මූණ දෙන්න වෙයිද? මනුස්ස වර්ගයා බේරගන්න මේ පුංචි කෙල්ලට පුළුවන් වෙයිද?

කිසිම කම්මැලි කමක් නැතුව, මුල ඉදන් අග වෙනකම් කුතුහලයෙන් බලන්න පුළුවන් සුපිරි ෆිලුමක්..

හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා! ජය වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

One comment

  1. උපසිරැසියට ස්තූතියි සිනෙරු………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login