The title of the page
The Fiery Priest (2024) S02 E04 Sinhala Subtitles
The Fiery Priest (2024) S02 E04 Sinhala Subtitles
8.1
90

The Fiery Priest (2024) S02 E04 Sinhala Subtitles | “යක්ෂයාගේ ඉඟිය” | සිංහල උපසිරැසි සමඟ

(The Fiery Priest (2024) Sinhala Subtitles) (The Fiery Priest (2024) Sinhala Sub) (The Fiery Priest (2024) Korean Drama Season 2 Sinhala Subtitles) (The Fiery Priest (2024) Korean Drama Season 2 Sinhala Sub) (The Fiery Priest Korean Drama Season 2 Sinhala Subtitles) (The Fiery Priest Korean Drama Season 2 Sinhala Sub) (The Fiery Priest Korean Drama Sinhala Subtitles) (The Fiery Priest Korean Drama Sinhala Sub)

The Fiery Priest කතාමාලාවේ දෙවනි Season එකට සිංහල උපසිරැසි අරගෙන ඔන්න මම ආවා.. සිනෙරූ අපි පළවෙනි Season එකට  සබ් දෙන්නෙ නැතුව දෙවෙනි Season එකට සිංහල උපසිරැසි කරන්නෙ නෑ කියලා දන්නවනෙ. ඒත් ඔයාලගෙ රසවින්දනය උදෙසා දෙවනි Season එකට සබ් දෙන්න අපි තීරණය කලා. (පළවෙනි Season එකට සිංහල උපසිරැසි අරගෙන එන්න හිටියත් වැඩ වැඩි නිසා ඒක කරන්න බැරි වුනා. ඒකටත් හෙමීට සබ් දෙන්න Try කරන්නම්කෝ) 2019 ආව පළවෙනි සීසන් එක දැනටමත් ගොඩාක් අය බලලා ඇති කියලා මං හිතනවා. බලලා නැත්නම් බලන්න කියලත් කියනවා.

“වහා කිපෙන පූජකතුමා” එහෙමත් නැත්නම් The Fiery Priest කතාමාලාවේ දෙවැන්නට කථාංග 12ක් ඇතුලත් වගේම නොවැම්බර් 08 වෙනිදා සිට සිකුරාදා සහ සෙනසුරාදා දිනයන්වලදි SBS නාලිකාව ඔස්සේ කොරියානු වේලාවෙන් රාත්‍රී 10 විකාශය වෙනවා. Action, Comedy, Crime කියන වර්ගීකරණයන්ට අයත් මේ කතාමාලාවේ පළවෙනි Season එක කොටස් 40ක් ඇතුලත්ව 2019 දි විකාශය උනා. දෙවනි සීසන් එකේ ප්‍රධාන චරිත 6ක් ගැන සදහන් වෙනවා. පළවෙනි සීසන් එකේ හිටිය Kim Nam Gil, Lee Ha Nee, Kim Sung Kyun  කියන තුන් දෙනාට අමතරව Seo Hyun Woo, Sung Joon, BIBI මේ තුන්දෙනත් එකතුවෙනවා. ආ තව Kim Won Hae, Go Gyu Pil, Ahn Chang Hwan, Jeon Sung Woo, Baek Ji Won මෙන්න මෙයාලත් පළවෙනි සීසන් එකේ වගේම දෙවනි සීසන් එකෙත් සහය චරිත වලින් දැක බලාගන්න පුලුවන්. Season දේකම තිර රචනය Park Jae Bum ගෙන්.. අපි කවුරුත් ආස Vincenzo කතාමාලාවත් කරළියට ගෙනාවෙ මෙන්න මේ තිර පිටපත් රචකයා. පළවෙනි Season එකේ සහය අධ්‍යක්ෂකවරයා තමයි දෙවනි සීසන් එක අධ්‍යක්ෂණය කරන්නෙ. ඔහු නමින් Park Bo Ram. Through the Darkness කියන සුපිරි ත්‍රිලර් ඩ්‍රාමා එකත් මෙන්න මෙයාගෙ වැඩක්. එතකොට පළවෙනි සීසන් එක අධ්‍යක්ෂණය කලේ Lee Myung Woo.

 

කතාවකට සබ් ගේන්න හේතු තියෙනවනෙ. මෙන්න මෙතනදි එක හේතුවක් වෙන්නෙ 2019 දී මහජන විකාශනය මත, විකාශය වූ නාට්‍ය අතරින් ඉහළම ශ්‍රේණිගත කිරීම් සහිත කතා මාලාව The Fiery Priest. මේ නාට්‍යය අති සාර්ථක වුනා වගේම මේක 2019 වසරේ විකාශය වූ ජනප්‍රියම නාට්‍යවලින් එකක්. පළවෙනි සීසන් එක වගේම දෙවනි සීසන් එකත් සුපිරියක් වෙයි කියලා හිතමු. දෙවනි හේතුව කිම් නම් ගිල්, අනිත් හේතුව මේක ඇක්ෂන් ඩ්‍රාමා එකක් වීම. නම් ගිල් කියන්නෙ සුපිරි චරිතාංග නළුවෙක්. ඉස්සෙල්ලම එයා ඉන්න ඩ්‍රාමා එකකට බැලුවෙ Island. ඊටපස්සෙ එයා ඉන්න ඩ්‍රාමා හොය හොය බැලුවා. විශේෂත්වයක් විදිහට දැක්කෙ Action, Thriller ඩ්‍රාමාවලටනම් සුපිරි නළුවෙක්. Through the Darkness, The Fiery Priest, Island, Song of the Bandits කතාමාලා බැලුවනම් ඒක හොදටම ඔප්පු වෙනවා. ඉතින් The Fiery Priest සම්බන්ධව කතා කලොත් නම්-ගිල්ගේ රංගන හැකියාව නිසා 2019 වසරේ දී කොරියාවේ ඉහළම ඝනයේ සම්මාන උළෙලවල්වලදී එයා සම්මානයට පාත්‍ර වෙනවා වගේම නිර්දේශිත නාමයන් අතරට එකතු වෙනවා. ඒ වගේම The Fiery Priest Season 1 ඩ්‍රාමා එකත්.

කිම් හේ-ඉල් කියන්නෙ ඉක්මනට කේන්තියන ඉවසීමක් නැති පල්ලියෙ ඉන්න පූජකයෙක්.. පල්ලියෙන් මෙයාට ලැබුන නම “මයිකල්”. ඒ වගේම හේ-ඉල් පල්ලියට එන්න කලින් NIS නියෝජිතයෙක්. එතකොට කු දේ-යොං කියන්නෙ රහස් පරීක්ෂකයෙක්. ගොඩක් කියවන ලැජ්ජාශීලී කෙනෙක්. පාක් ක්යුං-සොන් කියන්නෙ ලස්සන, තමන්ගෙ රැකියාව තිතටම කරන දක්ෂ අභිචෝදකයෙක්. The Fiery Priest Season 1 ඩ්‍රාමා එක ගැන කිව්වොත් මයිකල් ඉන්න පල්ලියෙ ප්‍රධාන කතෝලික පූජකයව ඝාතනය කලා කියලා මතකනෙ. එතකොට ඒ පූජකතුමාගෙ මරණය මිනීමැරුමක් කියලා මයිකල් දැනගන්නවා. ඊටපස්සෙ ඒකට වගකියන්න ඕන අයව එයා හොයාගෙන ගිහින් ඒ අයට දඬුවම් දෙනවා.  මයිකල් එහෙම නැත්නම් කිම් හේ-ඉල් කියන්නෙ NIS සාමාජිකයෙක් කියලා පළවෙනි සීසන් එක බැලුව ඔයාලා දන්නවා ඇතිනෙ. එතකොට NIS එකේ ඉන්නකොට සිද්ධ වුන සිදුවීමෙන් පස්සෙ කිම් හේ-ඉල් කතෝලික පූජකයෙක් වෙන්න තීරණය කරනවනෙ. එතකොට හේ-ඉල්ව බලාගත්තෙ රැකවරණය දුන්නෙ මෙන්න මේ ප්‍රධාන කතෝලික පූජකයා. අන්න ඒ නිසයි කිම් හේ-ඉල් එහෙමත් නැත්නම් මයිකල් පියතුමා ප්‍රධාන කතෝලික පූජකයට වුන අසාධාරණය වෙනුවෙන් සටන් කරන්නෙ.

දෙවනි සීසන් එකේ අන්තර්ගත වෙනවා කියන්නෙ මත්ද්‍රව්‍ය සම්බන්ධ සිද්ධියක්. සෝල්වල කුදම් (ගුදම්) දිස්ත්‍රීක්කයේ ඇතිවුන මත්ද්‍රව්‍ය නඩුවක් නිසා හේ-ඉල් යනවා බුසාන් (පුසාන්) වලට. එතකොට මේ මත්ද්‍රව්‍ය වංචාවට සම්බන්ධ අපරාධකාරයොන්ව අල්ලන්න කිම් හේ-ඉල්ගෙ උදව්වට ඉන්නෙ අභිචෝදක පාක් කයුං-සොන්, කුදම් පොලිස් ස්ථානයේ රහස් පරීක්ෂක කු දේ-යොං වගේම බුසාන් රහස් පරීක්ෂක කු ජා-යොං.

ඔන්න ඔහොම තමයි විස්තර.. මොනවගේ සිද්ධි දාමයන් The Fiery Priest Season 2 එකේ තියෙයිද කියලා දැනගන්න වෙන්නෙ ඩ්‍රාමා එක ආවට පස්සෙ තමයි. මගෙ මතය හැටියට පළවෙනි සීසන් එකට ලොකුවට සම්බන්ධයක් නැතිවෙයි කියලා හිතනවා. එහෙනම් ඩ්‍රාමා එක රසවිඳින්න ඔයාලට භාරයි.. ත්‍රාසය.. ක්‍රියාදාම.. කුතුහලයත් එක්ක ඇතිවෙනකන් හිනාවෙවී බලන්න පුලුවන් වෙයි කියන එකනම් සහතිකයි..

මම.. උචිනි පෙරේරා

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


636
Total Subtitles

One comment

  1. from epi 9ta sub nddaaa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login