The title of the page
The Family Star (2024) Sinhala Subtitles
The Family Star (2024) Sinhala Subtitles
5.2
75

The Family Star (2024) Sinhala Subtitles | ආදරය සුන්දර.? | සිංහල උපසිරැසි සමඟ

(The Family Star (2024) Sinhala Subtitles) (The Family Star (2024) Sinhala Sub) (The Family Star  Sinhala Subtitles) (The Family Star  Sinhala Sub)

සුභ දවසක් වේවා හැමෝටම..

හම්මේ සුපරි කට්ටක් කාල ඔන්න කට්ටිය මට msg දදා වද දිදී ඉල්ලපු ෆිලුම අරගෙන ආව.. තෙලිගුවක්‌ ගහන්න කාපු ලොකුම කට්ට.. වැඩේ බාරදුන්න අපේ සමිත අයියාට ආදරෙයි මට නිදහසේ වැඩේ කරන්න කල් දුන්නට ❤️ 

මේක රිලීස් උනේ 2024 අප්‍රේල් 5 වෙනිද.. OTT රිලීස් වෙලා නම් දවස් 3 යි වෙන්නෙ..හරියටම මිනිත්තු 157 ක කාල රාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් ලස්සන කතාවක්.. මේක අයත් වෙන්නෙ ඉතින් ගොඩක් අය චිල් එකේ බලන්න ආස Rom Com කියන කැටගරි එකට.. මේක අධ්‍යක්ෂණය කරන්නේ Parasuram විසින්..2018 ආපු විජේගේ මගේ අදටත් Fav චිත්‍රපටියක් වෙන Geetha Govindam ෆිලුමත් මෙයාගෙම තමයි.. 2022 ආපු මහේෂ් බාබුගේ Sarkaru Vaari Patta ෆිලුම ඩිරෙක්ට් කරෙත් මෙයාමනේ.. ලස්සන සින්දු දෙක තුනක් තිබ්බ.. එතනින් ලස්සනම එකට සබ් කරා.. හම්බුන esub එක ගැන නම් කතා නොකර ඉමු.. ගොඩක් අහලා ගහන්න උනේ.. වැරදි ගොඩක් ඇති, සොරි වෙන්න ඕනි 🙏🏻

අපි එමුකො එහෙනම් ප්‍රධාන නළුවාගේ පැත්තට.. ගොඩක් අය ආදරේ කරන කෙනෙක් තමයි Vijay Deverakonda කියන්නෙ.. දක්ෂයෙක්.. හැබැයි මේ ටිකේ කොල්ලගේ ග්‍රහහාරේ අන්තිම නරකයි.. ගහන තුරුම්පු එකක්වත් පත්තු වෙන්නෑ..2020 අවුරුද්දේ ආපු World Famous Lover ෆ්ලොප් වීමත් එක්ක මෙයා අවුරුදු 2ක විවේකයක් ගන්නවා.. ඊටපස්සේ මෙයා සාමන්යෙන් කරන්නේ නැති ජාතියේ Action / Sports / Romance කියන කැටගරියේ ෆිලුමක් අරන් 2022 එනවා.. ඒ තමයි Liger කියන්නෙ.. ෆිලුම ලස්සනට තිබ්බත්, ෆිලුමේ End එකේ තිබ්බ බලාපොරොත්තු සුන්වීමත් එක්කම මේ ෆිලුමත් අසාර්ථක උනා.. ඒ අසාර්ථකත්වය කොච්චරද කියලා ඔයාලට IMDb අගය බැලුවොත් හිතේවි.. ඊටපස්සේ ගිය අවුරුද්දේ ආපු Kushi ෆිලුමත් හිතන තරම් ගියෙ නෑ..

 ඊටපස්සේ The Family Star ෆිලුමට එනකොට මේකටත් ඒ ප්‍රශ්නෙම උනා.. ෆිලුම ලස්සනට තියෙනවා.. මෘනාල් ප්‍රධාන නිළිය විදිහට දාන්නත් ඇත්තේ ලොකු දෙයක් බලාපොරොත්තුවෙන් නෙ.. මොකද මෘනල්ගේ කලිම් ආපු Hi Nanna ෆිලුමත් commercial success උනානේ.. කවුරු කොහොම කිව්වත් Nani ඉන්න ෆිල්ම් නම් ගැම්මට දුවනවනෙ..එකේ තර්කයක්‌ නෑ නෙ.. හැබැයි ෆිලුමේත් ලොකුවට අවුලක් තිබුනේ නම් නෑ කියන එකයි මගේ අදහස නම්..කොහොම උනත් Commercial පැත්තෙන් නම් සාර්ථක කරගන්න බැරි උනා 🥲 මේකත් සාමන්‍ය Rom Com ෆිලුමක්ම තමයි.. සුපුරුදු විදිහට “පවුල” කියන මාතෘකාව මූලික කරගෙන තිබුන..මේ ජාතියේ ෆිල්ම් බලන අයට නම් ටොපේ ටොප්..සුපුරුදු විදිහට කිෂෝර් ඇවිල්ල ෆුල් ආතල් එකක් දීලා අපිව හිනස්සල යනව.. කොමඩි නම් කිෂෝර් නැතුව පුළුවන් ද අනේ 🤭 ඔයාලම බලන්නකෝ.. කොහොමද කියලා එහෙනම්..

Cast
Vijay Deverakonda – ගෝවර්ධන් ලෙසින්
Mrunal Thakur – ඉන්දු ලෙසින්
Jagapathi Babu – ඉන්දුගේ තාත්තා ලෙසින්
Rohini Hattangadi – ගෝවාර්ධන්ගේ ආච්චි ලෙසින්
Vennela Kishore – සමරත් ලෙසින්

විස්තරේ චුට්ටක් කියන්නම්.. මොකද මං කිව්වත් නැතත් බලන අය මේක ලොවෙත් බලනවා..

ගෝවර්ධන් කියන්නෙ මධ්‍යම පන්තියේ ජීවත් වෙන්න වගේම අනික් අයව ජීවත් කරන්න මහන්සි වෙන පට්ට කොල්ලෙක්.. මෙයාගේ කරේ ලොකු බරක් තියෙනවා පවුල බලාගන්න එක.. අයියලා දෙන්නෙක් හිටියත් කොල්ලා තමයි ගෙදර මැච් එක ගහන්නේ.. අම්මා තාත්තා නෑ.. ආච්චි තමයි ඉන්නේ.. මෙයා මේ පවුල මාරම විදිහට ලස්සනට බැලන්ස් කරගෙන යනව.. මුලදී මෙයාව දකිද්දී ඔයාලට හිතෙයි මූ පට්ට කුණු ලෝබයෙක් නෙ කියලා.. හැබැයි අන්තිමට ඒ අදහස වෙනස් වෙයි.. ගෝවර්ධන් ඔහොම ඉන්නකොට හදිස්සියේම එයාටත් නොකිය එයාගේ ආච්චි, එයාලගේ ගෙදර හිස් කාමරයක් කැම්පස් ගෑනු ළමයෙක්ට කුලියට දෙනවා.. පොර කෙල්ලව දකින්න කලින් නම් වැඩේට කැමති වෙන්නෑ.. හැබැයි කෙල්ලව දැක්කයින් පස්සේ පොරත් හොල්මන් වෙලා යනව.. හරිම ආදරණීය කෙල්ලෙක්.. පොරට කෙල්ල කතා කරන විදිහෙන්ම පොර ඩවුන් වෙනවා.. එයාගෙ නම ඉන්දු.. අපේ ගෝවර්ධන්, ඉන්දුට ආදරේ කරන්න ගන්නවා.. ඒත් හදිස්සියේම ගෝවර්ධන් හීනෙකින්වත් නොහිතන දෙයක් වෙනව..

ඉන්දු ගෝවර්ධන්ට ආදරෙයි වගේ රගපාලා තියෙන්නේ බොරුවටද.?

මේක ඉන්දුගේ කැම්පස් එකේ ප්‍රොජෙක්ට් එකට ගහන ගේමක් ද.?

මොකක්ද මේ ප්‍රොජෙක්ට් එක? රගපෑම? බොරුව?

දැන් ඔය සේරටම උත්තර දැනගන්න අනිවා ෆිලුම ඔයාලා බලනවා ලොවෙත් 🥲 මොකද මං Confused Unga Bunga කරල දැම්මනේ ඔයාලව..

අදට ගිහින් එන්නම්.. ඔයාලා හැමෝටම ස්තුතියි ❤️ ආදරෙයි ❤️ ජයම වේවා ❤️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


101
Total Subtitles

7 comments

  1. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  2. laKMal
    Cineru_users

    ස්තුතියි ශාන් සහෝ උපසිරැසියට….
    ජයම වෙන්න ඕනා….

  3. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  4. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  5. thankyouuu soo much

  6. excellent and very beauty full

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login