The Dinosaurs (2025) S01 E03 Sinhala Subtitles
The Dinosaurs (2025) S01 E03 Sinhala Subtitles
5.9

The Dinosaurs (2025) S01 E03 Sinhala Subtitles | ” ඩයිනසෝරයෝ ” | සිංහල උපසිරැසි සමඟ

(The Dinosaurs Documentary (2025) S01 E01 Sinhala Subtitles) (The Dinosaurs Documentary (2025) S01 E01 Sinhala Subtitle) (The Dinosaurs Documentary (2025) S01 E01 Sinhala Sub)

2026 මාර්තු මාසෙ Netflix හරහා තමයි මේ Documentary එක Release වුණේ. කතාංග 4කින් සමන්විත මේක, ඩයිනෝසෝරයන්ගේ ආරම්භයේ ඉඳන් එයාලා සම්පූර්ණයෙන්ම ලෝකෙන් තුරන් වෙලා යනකම් කතාව හරිම ලස්සනට, පිළිවෙලට ගෙනල්ලා තියෙනවා. Triassic, Jurassic, සහ Cretaceous කියන යුග තුනම ආවරණය වෙන විදිහට, අවුරුදු මිලියන 170ක ඉතිහාසයක් මේකෙන් අපිට බලාගන්න පුළුවන්. කොටස් 4, Rise, Conquest, Empire සහ Fall විදිහට තමා නම් කරලා තියෙන්නෙ…

ඉතින් මේක නිකම්ම නිකන් නිර්මාණයක් නෙවෙයි. ලෝකෙ ඉන්න සුපිරිම වැඩ්ඩො ටිකක් තමයි මේකට එකතු වෙලා තියෙන්නෙ. විධායක නිෂ්පාදක විදියට කවුරුත් දන්න හොලිවුඩ් දැවැන්තයා, Jurassic Park හදපු Steven Spielberg සම්බන්ධ වෙලා තියෙනවා. කතාව Narrate කරන්නෙ අපේ කනට හුරුපුරුදු, ගාම්භීර කටහඬක් තියෙන ඔස්කාර් සම්මාන ලාභී Morgan Freeman. මේක නිශ්පාදනයට Amblin Documentaries සහ Silverback Films ආයතන දායක වෙලා තියෙනවා. VFX & CGI කරලා තියෙන්නෙ ලෝකෙ තියෙන සුපිරිම VFX සමාගමක් වෙන ILM නැත්තම් Industrial Light & Magic…

මේකෙ තියෙන්නෙ අපිට අර පරණ චිත්‍රපටවල දැකලා පුරුදු Fictional කතන්දර නෙවෙයි. අලුත්ම පර්යේෂණවලින් හොයාගත්තු විදිහට, උදාහරණයක් විදිහට සමහර ඩයිනෝසෝරයන්ට ඇත්තටම පිහාටු තිබුණා කියන එක පවා මේකේ හරිම තාත්විකව පෙන්නලා තියෙනවා. පොඩි ළමයින්ට විතරක් නෙවෙයි, ගෙදර ඉන්න ලොකු පොඩි හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන්, ගොඩක් දේවල් ඉගෙනගන්නත් පුළුවන් හොඳ නිර්මාණයක්. ඉතින්, ඔයා ස්වභාවධර්මයට, සත්තුන්ට හරි ඩයිනෝසෝරයන්ට හරි ආස කෙනෙක් නම්, මේ The Dinosaurs Documentary Series එක අනිවාර්යයෙන්ම බලන්න. ඒක ඔයාට අලුත්ම අත්දැකීමක් වේවි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ධනුෂ්ක විරාජ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ධනුෂ්ක විරාජ්

September 22, 2025


78
Total Subtitles

2 comments

  1. ස්තූතියි උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login