(The Chestnut Man (2021) S01E05 Sinhala Subtitles) (The Chestnut Man 2021 S01 Sinhala Subtitles)
“ඔබ මෙයින් එකක් හොයාගත්තා කියන්නෙ, ඌ දැනටමත් ඔබව හොයාගෙන අවසන්”
The Chestnut Man – චෙස්ට්නට් මිනිසා
The Chestnut Man කියන්නෙ 2021 සැප්තැම්බර් 29 වෙනිදා Netflix ඔස්සෙ විකාශය වුණු ඩෙන්මාර්කයේ නිෂ්පාදිත, අපරාධ ගනයට අයත් කතා මාලාවක්. මේ කතා මාලාව නිර්මාණය කරලා තියෙන්නෙ Dorte Warnøe Hagh, David Sandreuter සහ Mikkel Serup යන අය විසින්. අධ්යක්ෂණය කරලා තියෙන්නෙ Kasper Barfoed සහ Mikkel Serup විසින්. මෙම කතා මාලාව නිෂ්පාදනයට පාදක වෙලා තියෙන්නෙ Søren Sveistrup විසින් රචනා කරන ලද The Chestnut Man නම් කෘතියයි. Danica Curcic සහ Mikkel Boe Følsgaard පිළිවෙලින් නායා තුලින් සහ මයික් හේස්ගේ චරිතවලට රංගනයෙන් දායක වෙනවා. ඔවුන් දෙදෙනා කාන්තාවන් කිහිප දෙනෙකු ඝාතනය කළ ස්ථානයේ දමා ගිය චෙස්ට්නට් රූපයක් පිළිබඳ අබිරහස විසඳා ගැනීමට උත්සාහ දරනා රහස් පරීක්ෂකයින් දෙදෙනෙක් ලෙස මෙම කතා මාලාවේදි අපිට දැකගැනීමට පුළුවන්.
The Chestnut Man කතා මාලාව ආරම්භ වන්නෙ 1987 හුදෙකලා ගොවිපළක පවුලක් ඝාතනය කර තිබියදි සොයාගැනීමෙන්. ඉන්පසු, අවුරුදු 30 කට පසුව, කොපෙන්හේගන් නගරයේ තරුණ කාන්තාවක් අතකුත් නොමැතිව සෙල්ලම් පිට්ටනියක ඝාතනය කර දමා සිටියදි සොයාගැනෙනවා. රහස් පරීක්ෂක නායා තුලින්ට මෙම පරික්ෂණය බාර කෙරෙනවා. එතරම් උනන්දුවක් නොමැති, ඇයගේ අලුත් සහකරු වන මාර්ක් හේස් සමඟ එකතු වී, ඇයට පුළුවන් වෙනවා මිනිය ආසන්නයේ දමා ගියපු චෙස්ට්නට් මිනිසෙකුගේ පිළිරුවක් සොයාගන්න. ඒ චෙස්ට්නට් මිනිසාගෙන් අබිරහස් සහගත සාක්ෂියක් හෙළිදරව් වෙනවා – මීට පෙර මිය ගියා යැයි සැක කෙරුණු රෝසා හාර්ටුන්ග් නම් දේශපාලනඥයවරියගේ අතුරුදහන් වුණු දියණියගේ ඇඟිලි සලකුණු…
ඒ අබිරහස මොන විදිහට විසඳේවිද කියලා කතාව අරගෙනම බලන්න. එහෙනම්, ඊළඟ කොටසින් මුණ ගැහෙමු.
හැමෝටම සුබ දවසක්!
(The Chestnut Man Sinhala Subtitles)
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන්
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
January 24, 2021
thanx bro sub walata
තෑන්ක්ස් සබ් එකට සහෝ