The Abandons (2025) S01 E05 Sinhala Subtitles
The Abandons (2025) S01 E05 Sinhala Subtitles
6.3
31

The Abandons (2025) S01 E05 Sinhala Subtitles | “ ගිවිසුම ” | සිංහල උපසිරැසි සමඟ

(The Abandons (2025) S01 Sinhala Subtitles) (The Abandons (2025) S01 Sinhala Subtitle) (The Abandons (2025) S01 Sinhala Sub)

“The Abandons” කියන්නේ මේ අවුරුද්දේ මේ දෙසැම්බරයේ නිකුත් වුණ කෙටියෙන් කියනවනම් කව්බෝයි වයිබ් එකේ කතාවලට ආසා කරන අයට ගැළපෙනම ටීවි සීරිස් එකක්.. Western කතාවක් වන මේ සීරිස් එක බෙදාහරින්නේ Netflix ලා විසින්.. IMDb 6.3 ක අගයක් ගත්තු මේ සීරිස් එකට මෑතකාලයේ ලොකු අවධානමක් යොමුවෙන්න හේතු දෙකක් තමයි මේකේ එන මේ ප්‍රධාන චරිත දෙක.. පළවෙනියටම එදා මෙදා තුර සුප්‍රසිද්ධ ‘Game of Thrones” කතාමාලාවේ “සර්සි ලැනිස්ටර්” චරිතයට පණ පෙවූ “Lena Headey” ඒ වගේම Lena කියන්නේ Emmy Awards නිර්දේශ පහක් ලබාගත්තු සහ Golden Globe සම්මානෙකට නිර්දේශ වුණ දක්ෂ නිළියක්.. අනිත් කෙනා තමයි සුප්‍රකට “The X Files, Sex Education සහ The Crown” කියන කතාමාලා වලට රංගනයෙන් දායක වූ “Gillian Anderson” මෙයා සම්මාන ගණනාවක් දිනපු ඉතා දක්ෂ නිළියක්.. තව කියනවනම් “The Age of Adaline, Rebel Moon, The Haunting of Hill House” කියන ජනප්‍රිය සිනමා නිර්මාණ ගණනාවකටම දායක වුණු “Michiel Huisman” ත් මේ සීරිස් එකේදි බලාගන්න පුළුවන්..

දෙසැම්බර් 4 වෙනිදා නිකුත් වුණ මේ සීරිස් එක රචනා කරන්නේ සුප්‍රසිද්ධ “Sons of Anarachy” සීරිස් එකේ තිර පිටපත් නිර්මාණය කරපු Kurt Sutter.. එපිසෝඩ්ස් 7 යි මේ සීරිස් එකට..

කතාවට යමු.. කතාව පටන් ගන්නේ 1850 අවුරුද්දේ.. Angels’s Hidge හෙවත් ඒන්ජල් කියන මනරම් කඳුවැටිය පාමුල නිම්නයක් එහෙමත් නැත්තම් Hollow එකක් තුළ පිහිටි පුරාණ ගමක් හරහා තමයි ප්ලොට් එක ගොඩනැගෙන්නේ.. පවුල් කිහිපයක් ජීවත් වෙන මේ ගමේ කතාවේ හැටියට ප්‍රධාන පවුල් දෙකකට මූලික අවධානේ දෙනවා.. ඒ තමයි “ෆියෝනා නෝලන්” ගේ පවුල සහ “කොන්ස්ටන් වැන් නෙස්” ගේ පවුල.. ෆියෝනා ගේ පවුලට තමයි මේ කතාවේ නම දීලා තියෙන්නේ “The Abandons” කියලා.. ඒකේ තේරුම තමයි “අනාථයෝ” ඒ කියන්නේ ෆියෝනා කියන පවුලේ නායිකාව එහෙමත් නැත්තම් අම්මට ළමයි නෑ.. ඒ වෙනුවට කාලෙකට කලින් මෙයාලා මේ ජීවත් වෙන ඉඩම දුන්න කෙනෙක්ගේ ළමයි දෙන්නෙකුත් මේ අය අතර ඉන්නවා.. ඒ තමයි ඩාලියා ටෙලර් සහ එලායස් ටෙලර්.. මීට අමතරව තව තරුණ කළු ජාතික කොල්ලෙකුයි, සියැටල් වල කලින් ජීවත් වුණ ගෝත්‍රික කෙල්ලෙක් ඉන්නවා ලිලා කියලා.. කොන්ස්ටන් ගේ පවුල ගත්තාම මේ ඒන්ජල් රිජ් වල ජීවත් වෙන ධනවත්ම පවුල තමයි කොන්ස්ටන්ගේ පවුල.. ඒ පවුලේ වාසගම තමයි “වැන් නෙස්”.. ගැරට් වැන් නෙස්, විලෙම් වැන් නෙස් සහ ට්‍රිෂා මරී වැන් නෙස් කියලා ළමයි තුන්දෙනෙක් ඉන්නවා මේ කොන්ස්ටන් ට.. ඉතින් වැන් නෙස් කියලා ව්‍යාපාරයක් මෙයාලට තියෙනවා රිදී පතල් කැණීම් කරන.. මේ රිදී පතල් කැණීම් ප්‍රශ්නයක් තමයි ෆියෝනා ගේ සහ කොන්ස්ටන් ගේ විරුද්ධවාදීකමට හේතුව.. මේක එසේ මෙසේ තරහක් නෙමේ මිනී මැරෙන තරහක්..

දවසක් මහ රෑ කොන්ස්ටන් ගේ සහචරයෝ ටිකක් අශ්වයෝ පිට නැගලා ඇවිත් ෆියෝනගේ ඉඩමේ ගාල් කරලා තිබ්බ හරක් කොටුව වටේට ගිනි තියලා හරක් කලබල කරනවා.. මෙතනදි හරක් ටිකක් මැරෙනවා වගේම මේ මොහොත කොන්ස්ටන්-ෆියෝනා ආරවුල තවත් උත්සන්න වෙන්න හේතුවක් වෙනවා.. ඒ අස්සේ මේ පවුල් දෙකේ වැදගත් එක චරිතයක් අනික් පවුලේ කෙනෙක් අතින් ඝාතනය වෙනවා.. මේක තමයි කතාවේ හැරවුම් ලක්ෂ්‍යය.. මම කියන්නේ නෑ කවුද මෙහෙම මැරුම් කන්නේ කියලා.. එතන ඉඳන් තමා කතාවේ හොඳම කොටස දිගහැරෙන්නේ..

Netflix ලා එකවැර එපිසෝඩ්ස් 7 ම නිකුත් කරලා ඉවරයි.. මේක මිනි සීරිස් එකක් විදිහට නෙමේ Announce කරලා තිබ්බේ.. ඒ හින්දා බොහෝ දුරට තව සීසන්ස් කිහිපයක් ඉස්සරහට එයි..

ජය!

සටහන සහ උපසිරැසි: මලීෂ බණ්ඩාර

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මලීෂ බණ්ඩාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මලීෂ බණ්ඩාර

February 3, 2024


142
Total Subtitles

One comment

  1. ස්තූතියි මලීෂ සහෝ සබ්එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login