The title of the page
Teri Baaton Mein Aisa Uljha Jiya (2024) Sinhala Subtitles
Teri Baaton Mein Aisa Uljha Jiya (2024) Sinhala Subtitles
6.7
43
93

Teri Baaton Mein Aisa Uljha Jiya (2024) Sinhala Subtitles | ”නුඹේ වචන වලට මා ගොඩක් පැටලුනා” | සිංහල උපසිරැසි සමඟ

(Teri Baaton Mein Aisa Uljha Jiya (2024) Sinhala Subtitles) (Teri Baaton Mein Aisa Uljha Jiya (2024) Sinhala Subtitles) (Teri Baaton Mein Aisa Uljha Jiya (2024) Sinhala Subtitles) (Teri Baaton Mein Aisa Uljha Jiya (2024) Sinhala Subtitles) (Teri Baaton Mein Aisa Uljha Jiya Hindi Movie (2024) Sinhala Subtitles) (Teri Baaton Mein Aisa Uljha Jiya Hindi Movie (2024) Sinhala Sub) (Teri Baaton Mein Aisa Uljha Jiya Hindi Movie Sinhala Subtitles) (Teri Baaton Mein Aisa Uljha Jiya Hindi Movie Sinhala Sub)

සුභ දවසක් හැමෝටම ,

ඔන්න එහෙනම් ESub එකක් තිබුනත් මට ඉවර කරන්න වැඩිම කාලයක් ගිය සබ් එක මෙන්න මෙහෙම ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙනවා.. මේ සබ් එකත් ආසාවට කරන්න ගිහින් අන්තිමේදි මං ලොකු අමාරුවක වැටුනා ඉතිම්.. හරි.. ඔක්කොටම කලින් මේකේ නම කියවන්න ගියාමත් වෙනම වෙලාවක් යන නිසා මං සිංහලෙන්ම කියන්නම්.. මේ තමයි “නුඹේ වචන වල මා ගොඩක් පැටළුනා” කියන ෆිල්ම් එක

අමිත් ජෝෂි සහ ආරාධනා ෂා කියන දෙපලගේ අධ්‍යක්ෂනයෙන් හැඩවුන මේ පෙරලිකාර හින්දි සිනමාපටය පසුගිය පෙබරවාරි 09 වෙනිදා තිරගතකිරීම් ඇරඹි අතර මේ ෆිල්ම් එකටත් නොසිතූ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන්න ගන්නවා. ඒවගේම මේ ෆිල්ම් එක #HIT කියන ටැග් එක දාගන්නත් සමත් වෙනවා.

ඒවගේම මම 2023 දි ෂහිඩ් කපූර්ගේ බ්ලඩි-ඩැඩී ෆිල්ම් එකේ උපසිරැසි අරගෙන ආවා වගේම ඔන්න 2024 ෂහිඩ්ගේ මේ අළුත්ම ෆිල්ම් එකටත් උපසිරස ගන්වන්න මට අවස්ථාව ලැබුනා. ෂහිඩ්ගේ ෆිල්ම් ලිස්ට් එක දිහා බැලුවොත් ඔහු කාලෙන් කාලෙට එක එක තේමාවන් යටතේ වෙනස් වෙනස් නිර්මාණ වලට අත ගහන කෙනෙක්. ඒ මොන වෙනසක් කරලා ෆිල්ම් එකක් ප්‍රේක්ෂකයින් අතරට ගෙනාවම උඩින්ම ගොඩයන කෙනෙක් තමයි මෙයා

ආධිපුරුෂ්, ගණපත් වලින් පස්සේ මේ ෆිල්ම් එකෙන් අපි හමුවට එන ක්‍රිති සැනොන් මේ ෆිල්ම් එකෙන් එයා අභියෝගාත්මක චරිතයක් භාරගෙන නියමෙටම කරලා තියෙනවා බලාගන්න පුළුවන්. ඒවගේම මේ ෆිල්ම් එකෙන් පස්සේ ක්‍රිති ඉන්න CREW ෆිල්ම් එකත් මේ දවස් වල සාර්ථකව තිරගත වෙමින් පවතිනවා.

මං උඩ කිව්වනේ මේ ෆිල්ම් එක කරන්න ගිහින් ලොකු අමාරුවක වැටුනා කියලා.. ඒ මොකද කිව්වොත් මේ කතාව රොබෝ කෙනෙක් එක්ක යන රොබොටික් – IT පැත්තට බර උනු ෆිල්ම් එකක්. ඒකෙත් හොදම එක තමයි මේකේ තොරතුරු තාක්ෂණය ආශ්‍රිතව භාවිතා වෙන වචන තමයි වැඩි හරියක් යොදාගෙන තිබුනේ.. ඉතින් උපසිරැස කරද්දිත් ඒ ඒ වචන සිංහල තේරුමින් දානවද කියලා ලොකු ප්‍රශ්නයක් ආවා.. මොකද මමත් IT ඉගෙන ගන්න කෙනෙක් විදියට මේ තියෙන සමහර ඉංග්‍රිසි පද සිංහලට හරවන්න ගියාම එතන එන්නෙ වෙනම අදහසක්.. ඒ නිසා මම ඉංග්‍රිසියෙන් තියන්න පුළුවන් වචන එහෙම්මම තිබ්බා

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත්,

Shahid Kapoor – [ආර්යන් අග්නිහෝත්‍රි]
Kriti Sanon – [සිෆ්රා]
Dimple Kapadia – [උර්මිලා ශුක්ලා]
Janhvi Kapoor – [ජියා] – [ආරාධිත රංගනය]

රොබෝ ඉංජිනේරුවෙක් විදියට එයාගේ නැන්දාගේ ආයතනයේ ශාඛාවක සේවය කරන ආර්යන් අග්නිහෝත්‍රි.. තනිකඩව ඉන්න ප්‍රිය කරන කෙනෙක්.. කොච්චර ලස්සන කෙල්ලො ලයින් දැම්මත් ගාණකටවත් ගන්නෙ නැතුව ඉන්න කෙනෙක්.. ඉතින් ඔහොම ඉද්දි එයාගේ නැන්දා උර්මිලා ශුක්ලගේ ආරාධනාවකට මෙයා USA වල ඉ-රොබොටික්ස් ප්‍රධාන මූලස්ථානයට යනවා.. එතනදි එක කෙනෙක්ට ආර්යන්ගේ හිත යනවා.. ඒ කෙනා තමයි ‘සිෆ්රා’ භාහිරින් බැලුවම මනුස්සයෙක් වගේ පෙනුනත් සිෆ්රා කියන්නේ රොබෝ කෙනෙක්. ඉතින් තාම පරීක්ෂණ මට්ටමේ ඉන්න සිෆ්රා ආර්යන් එයාගේ ජීවන සහකාරීය කර ගන්න හිතුවා

මම කතාව කියන්න යන්නෙ නෑ ඔයාලා බලලම ඉන්නකෝ..

එහෙනම් ගිහින් එන්නම් ,
තවත් අළුත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙමු.
ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කවිෂ්ක සංකල්ප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
කවිෂ්ක සංකල්ප

July 7, 2022


30
Total Subtitles

8 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  2. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  3. Krishani
    Cineru_users

    Thank you. 💜️💐 goda kalekin balapu lassana hindi movie 1k. Meka baladdi mata Are you human korean drama 1 matak una 😍😍😍😍

  4. gemmk thamao komloo

  5. thank you so much my bro!! oa sub eka kala kiyanne kohomath ithin gemmak thamai 😍

  6. මේ sub එකට ගැලපෙන film එකේ ලින්ක් එක එවන්න පුළුවන් ද කාටහරි
    Whatsapp – 0703758079

    • Anjula Umesh
      Cineru Family Member

      මේ සයිට් එකේම ලින්ක් දාලා තියෙන්නේ..බට්න් පෙන්වන්නැත්තන් මෙනු එකට ගිහින් Login බට්න් එක ක්ලික් කරලා ලොග් වෙලා ඉන්න..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login