The title of the page
Sweet Tooth (2021) S01E08 (END) Sinhala Subtitles
Sweet Tooth (2021) S01E08 (END) Sinhala Subtitles
8.3
98
97

Sweet Tooth (2021) S01E08 (END) Sinhala Subtitles | සරණක් නැති අරණක් මැද | සිංහල උපසිරැසි සමඟ

(Sweet Tooth 2021 S01E08 Sinhala Sub) අපි යමුද ලෝක විනාශයේ අද්දරට ? තව දුරටත් විස දුම් නැති ,උද්ඝෝෂන නැති, යුද්ධ නැති කාර්මික විප්ලවයන්‌ගෙ අවසානයට යමුද ? හිතන්න පුලුවන්ද අන්තර්ජාලය නැති කාලයක්. තව දුරටත් වහසි බස් දොඩවන්න සමාජ ජාල නැති කාලයක් .ඔවු , මරනය පෙනි පෙනි ජීවත්‌ වෙන්න සිද්ද වෙන කාලයකට යමුද ? මේ තමයි මහා වියවුලක ආරම්භය .

හැම කතාවක්ම පටන් ගන්නෙ ආරම්භයෙන් ඒත් මතක තියාගන්න අපේ කතාව පටන් ගන්නෙ මැදින්. ඔවු ,මේ 21 වන සියවසේ බොහොම හොද තවත් එක දවසක්. ඒත් කවුරුවත් නොදන්න දේ තමයි මේ කාලයේදී අපේ අවසානය හෙමි හෙමින් අප දෙසට එන විත්තිය .වර්තමානයෙ විනාශයත් සමග අලුත් යුගයක ආරම්භය පටන් ගන්නයි යන්නෙ .

අපි සොබාදහමෙන් ගත්ත විතරයි ආපසු මුකුත් දුන්නද? නෑ…. අඩුම තරමේ ස්වභාදම් මාතාව අපිට පිරිනමපු දේවල් වලට අපි කෘතගුණ සැලකුවද ? නෑ නේද ? ඇය බලන් හිටපු කාලය ඉවරයි මේ තමයි ඇය විසින් දූෂිත මිනිස් සත්වයා විනාස කර දමා අලුත් ජීවයක ආරම්බය ගෙන එන යුගය.

මතක් උනා නේද කොරොනා ? ඔවු මේත් ඒ වගේම වෛරසයක්. මුලු ලෝකයෙන් 1/4 ක් පමනක් ඉතුරු වෙද්දි මිනිස්සු මිය යනවා. අලුත ඉපදෙන සැම දරුවෙක්ම සතෙක් සමග මුහු උනු දෙමුහුන් ජීවීන් බවට පත්වෙනවා. මේ දෙමුහුන් දරුවන් වෛරසයට ආරම්භය යැයි කැරලි ගසන කන්ඩායම් ඔවුන්ගෙන් පරීක්ෂන සිදු කරනවා ඔවුන්ව මරා දමනවා. මිනිසුන් මිය ගියා තමයි නමුත් ඔවුන්ගෙ දුෂ්ට කම් තවමත් එහෙමයි..

මේ විනාශය ඒමට පෙරාතුව එක් පියෙක් තම දරුවා සමග වන වදින්නෙ පිටත ලෝකයෙන් වහන් වී සිටින්නයි. මේ එම දරුවාගේ කතාවයි .මේ එම දරුවා විසින් ලෝකය සුවපත් කරන්න වෙර දරන කතාවයි.මේ දඩයක්කරුවන්ගෙ දඩයම් භූමියේ පන රැකගන්න උත්සහ කරන හයිබ්‍රිඩ් ජීවින්ගෙ කතාවයි ….

Sweet Tooth කියන්නෙ එම නමින්ම නිකුත් උන කොමික් පොත් මාලාවක සජීවිකරණයයි . IMDB දර්ශකය මේ වනවිට 8.3 ක් දක්වා කරකවන්න සමත් උන කතාවක් .විනාඩි 45ක් පමන කතා කාලයක දිවෙන කොටස් 8 කින් සමන්විත මේ කතා මාලාව Action , Adventure සහ Fantasy ගනයටයි අත්වෙන්නෙ .

අපි කතාව පැත්තට හැරුනොත් ගස් කියන දරුවා වටා තමයි මේ කතාව ගොඩනැගෙන්නෙ . විද්‍යාවෙ මහිමය කියාපාමින් බිහිවන හයිබ්‍රිඩ් දරුවකුගේ වික්‍රමයන් මේ ආකාරයට දිගෑදෙන්නෙ අප දන්නා ලොව විනාස වී සොබාදහමින් හැඩඋනු ලෝකයකයි .නමුත් මේ ලොව මිනිසාට තර්ජනාත්මකයි .මොකද වෛරසයක් විටින් විට මේ සියල්ලන්වය ආසාදනය කරගන්නවා . වෛරසය පැමිනි කාලයේ ඉපදෙන සියලුම ලමයි හයිබ්‍රිඩ් දරුවන් . ඒ කියන්නෙ බාගයක් මිනිස් බාගයක් සත්ව .සොබාදහමට අවනත හයිබ්‍රිඩ් දරුවන්ගෙන් ඒ අයිතිය උදුරගන්න වෙර දරන බල ලෝබී ජෙනරාල්වරයෙකු සතුරු භූමිකාව රග දක්වනවා. ඉතින් මේ හැමදේම අතරේ අපේ මේ ගස්ගෙ පියා මිය යනවා.ඉතින් ඔහු තම අම්මව හොයන් යන අතරෙ ඒ සිදුවීම් මධ්‍ය ලක්ෂය කරගෙන හරි අපූරුවට මේ අලුත් ලෝකයෙ සමබරතාවය පෙන්නුම් කරන්න මේ අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියෙනවා.බොහොම අලංකාර දසුන් වලින් සමන්විත මේ කතා මාලාව නෙතට අමුතු සිසිලසක් ගෙන එන්න පවා සමත් වෙනවා.ගස් සහ ඔහුගෙ සංචාරයේ ඔහුට හමුවන සොදුරු මිතුරන්ගෙ ඇසුරෙන් මේ කතා මාලාව තවත් හැඩ වෙනවා…

ඉතින් මේ 2021 අවුරුද්ද ගොඩක්ම කොමික් ඇසුරු කරගත් කතා සජීවිකරනය කරන්න මුල් තැනක් දිලා කියලා වගේයි පෙනෙන්නට තියෙන්නෙ . ඒ අතරිනුත් මේ කතා මාලාව එහි සාර්ථකත්වය පෙන්නුම් කරමින් ප්‍රේක්ෂකයා අමන්දානන්දයට පත් කරන්න මේ වන විට සමත් වී තිබෙනවා . ඉතින් පලමු කතා සමය කුතුහලය සහ පුදුමයන්ගෙන් පිරි සුපිරි කතා සමයක් කියල බය නැතුව කියන්න පුලුවන් .

මතක තියාගන්න සමහර වෙලාවට ජීවිතේ කියන්නෙ අහඹු පුද්ගලයින් සමග යන පුදුමාකාර චාරිකාවක් . ඒ චාරිකාවේදි බැදීම් කියන දේ ඇති වෙනවා නැති වෙනවා . මේ සේරම එකට ගත්විට අපිට වැඩියෙන්ම වටින්නෙ ප්‍රියයන් සමග අපි ගෙවන කාලය . අන්න ඒ කාලය පසුතැවීම් වලට ඉඩ නොතිය බොහොම ආදරයෙන් වැලද ගන්න කියලා ඉල්ලනවා . එහෙනම් යාලුවනේ ආයිමත් හමුවෙමු තවත් උපසිරැසියකින් .

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ප්‍රගීත් චමල්ක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ප්‍රගීත් චමල්ක

June 4, 2021


17
Total Subtitles

30 comments

  1. Thanks Sub tikata

  2. මේකට ඉවර වෙනකම් සබ් දුන්නට ගොඩාක් ස්තූතියි සහෝ! පුළුවන්නම් සහෝ ඊළගට කොරියන් ඩ්‍රාමා වලටත් සබ් දෙන්න බලන්න. ජය වේවා සහෝ!

  3. Thax bro

  4. chamath thilakarathna

    thanks for giving subs for this series 👊😍great work and keep it up.💪

  5. Thnx sub walata ..supirima wadak…. 🤘🤘

  6. “අපිට වැඩියෙන්ම වටින්නෙ ප්‍රියයන් සමග අපි ගෙවන කාලය අන්න ඒ කාලය පසුතැවීම් වලට ඉඩ නොතිය බොහොම ආදරයෙන් වැලද ගන්න” නියමයි සහෝ 👊💪😍….. kung-fu 2021, the-irregulars, star trek-picard, bridgerton වගේ කතා වලටත් සබ් දෙන්න බලන්න ප්‍රගීත් සහෝ! 💪💪💪

  7. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසිවලට බොහොම ස්තූතියි මචන් ❤️

  8. Ruchira vithanage
    Cineru_users

    බොහොම ස්තූතියි මචන්

  9. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ මේ කතාවට සබ් කරාට

  10. එල කතාවක් බ්‍රො. ඉක්මනින් සුපිරි යට ඉවර කලාට ස්තුතියි ව්ගේම ගොඩාක් පිං මචෝ.

  11. thank you shao, the irregular , tiny pretty things series ekt sub dena balanwada

  12. the irregular , tiny pretty things series patta sub denna balanna

  13. Pissuwak..❤️❤️blpu lssnma series ekak..season 20 awath blnna hthena story eksk

  14. Nuwandika Dilshan

    Thanks….

  15. Thanks for the sub!!!

  16. Thanks. ……good luck. …..

  17. thanks saho sub tikata

  18. Thanks for sub

  19. හසිඳු දිල්ශාන්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට … ජය වේවා…❤️❤️❤️

  20. season 2 awa mchn sub diyankooooo

  21. මචන් සීසන් 2 ත් දෙන්නකෝ ඒක ආවා.. 🔥

  22. please upload season 2 Sinhala sub

  23. Season 2 sub dapanko sahooo

  24. Dinushka Miyuranga Weerasekara

    Season 2 sub eka දෙන්න bro

  25. Thanks for the sub!!!

  26. S02 එකටත් සබ් දෙන්න

  27. Hashindu Tharaka

    Season 02 awilla එකටත් sub denakooooooo

  28. season 2 dennako dan sahena dawasak illanawa na. requests sahenna thiyei eth wedak na kawruth na. illalama epawela thiyenne dan.

    • පලවෙනි සීසන් එක කරපු කෙනා දැන් සබ් කරන්නෑ..වෙන කෙනෙක් දැන් දෙවනි සීසන් එකට සබ් කරන ගමන්..ඉවසලා ඉන්න..එයාට පුලුවන් ඉක්මනට කරලා දෙයි..සබ් කරන අයටත් තව වැඩ තියනවනේ මචං..

  29. Hashindu Tharaka

    Season 02 sub dennakooooooo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login