Summerween (2026) Sinhala Subtitles
Summerween (2026) Sinhala Subtitles
6

Summerween (2026) Sinhala Subtitles | “ මිනීමරු විකටයා ” | සිංහල උපසිරැසි සමඟ

(Summerween (2026) Sinhala Subtitles) (Summerween (2026) Sinhala Subtitle) (Summerween (2026) Sinhala Sub)

ආයුබෝවන් යාළුවනේ! අද මම අරගෙන ආවේ ත්‍රාසජනක Horror චිත්‍රපට බලන්න ආස කරන අයට, විශේෂයෙන්ම ‘Killer Clown’  සංකල්පයට කැමති අයට බලන්න පුළුවන් අලුත්ම ෆිල්ම් එකක් ගැන විස්තරයක්. ඒ තමයි 2026 ජුනි 26 වෙනිදා නිකුත් වුණු Summerween චිත්‍රපටය.

Gravity Falls ඇනිමේෂන් සීරීස් එක බලලා තියෙන අයට නම් මේ නම නුහුරු නැහැ. සාමාන්‍යයෙන් හැලොවීන් (Halloween) සමරන්නේ ඔක්තෝබර් මාසේ වුණාට, ග්‍රීස්ම ඍතුවේදී (Summer) හැලොවීන් සමරන එකට තමයි මේ නම පාවිච්චි කරන්නේ. මේ කතාව ගෙතිලා තියෙන්නෙත් ඒ වගේ Summerween පාටියක් දවසක සිද්ධ වෙන ලේ වැකෙන සිදුවීම් මාලාවක් වටා.

කතාව පටන් ගන්නේ මීට අවුරුදු 10කට කලින් මිනීමරුම් ගණනාවක් කරලා මානසික රෝහලක හිර කරලා ඉන්න හිටපු සර්කස් විකටයෙක් (circus clown) එතනින් පැනලා යන තැනින්. මිනිහා කෙළින්ම යන්නේ එයාගේ පරණ, පාළුවට ගිය මන්දිරේකට. හැබැයි එයාගේ අවාසනාවට වගේම ළමයි ටිකකගේ අවාසනාවට, ඒ වෙද්දිත් උසස් පෙළ වයසේ ළමයි පිරිසක් මේ මන්දිරේ ඇතුළේ Summerween පාටියක් ලෑස්ති කරලා.

තමන්ගේ ගෙදරට ආපු මේ ළමයින්ව එකින් එකා දඩයම් කරන්න මේ විකටයා පටන් ගන්නවා. මේ අතරේ, මේ පාටියට ගිය තමන්ගේ දුවව බේරගන්න පොලිස් නිලධාරියෙක් වෙන පියෙක් දරන උත්සාහයත් මේ කතාවේ තියෙනවා. මුළු කතාවම යන්නේ මේ මන්දිරේ ඇතුළේ ළමයි තමන්ගේ ජීවිතේ බේරගන්න කරන ත්‍රාසජනක සටන වටා.

මේ චිත්‍රපටය ගෙනෙන්නේ අඩු වියදම් චිත්‍රපට (Low-budget films) සහ Mockbusters වලට ලෝක ප්‍රසිද්ධ The Asylum නිෂ්පාදන සමාගම විසිනි. B-grade ෆිල්ම්ස් වලට ආස කරන අයට මේක හොඳ අත්දැකීමක් වෙයි.

අධ්‍යක්ෂණය Ryan Ebert (The Jolly Monkey, Shark Frenzy අධ්‍යක්ෂක)
ප්‍රධාන නළු නිළියන් Clint Morrison, Sophia Sabol, Cole Chapleski
ධාවන කාලය පැය 1යි විනාඩි 23යි
ප්‍රවර්ගය (Genre) Horror / Slasher

ලේ වැඩි දර්ශන තියෙන Slasher ෆිල්ම්ස් වලට සහ බය හිතෙන Clown චරිත තියෙන ෆිල්ම්ස් වලට ආස කරන අයට නිදහස් වෙලාවක බලන්න පුළුවන් ෆිල්ම් එකක් විදිහට මේක නිර්දේශ කරන්න පුළුවන්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


731
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login