The title of the page
Story of Things Sinhala Subtitles
Story of Things Sinhala Subtitles
7.3

Story of Things (2023) S01 Sinhala Subtitles | “දේවල් පිළිබඳ කතාව” | සිංහල උපසිරැසි සමඟ

(Story of Things (2023) S01 Sinhala Subtitles) (Story of Things Sinhala Subtitles)

Story Of Things “දේවල් පිළිබඳ කතාව” සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම… අද අරං ඇවිල්ලා තියෙන්නේ Sony LIV හරහා ඩිජිටල් Realease වුන තවක් සුපිරි වෙබ් කතා මාලාවකට උපසිරැසියක්. ⁣මුලින්ම කියන්න ඕන මේක ඇතලොජියක් නිසා ඔයාලට ඕනි කොටසකින් බල්නන පුළුවන්. කතාව එකිකෙනට සම්බන්ධ නැ. ඉතිං අද අරං ඇව්ල්ලා තියෙන්නෙ 01 වෙනි STORY එක. ( පලවෙනි Season එක ) නැත්තම් “දේවල් පිළිබඳ කතාවේ පලවෙනි දේ” කොහාම හරි කතුහලයෙන් එක රාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් ගුප්ත කතාමාලාවක් තමයි මේක.

8/10 ක IMDB අගයක් ලබාගෙන තියෙන මෙම කතාමලාව Thriller / Drama යන කාණ්ඩ වලට අයත් කතාමාලාවක් . Bharath, Ritika Singh, Aditi Balan, Shantanu Bhagyaraj, Vinoth Kishan ඇතුළු නළු නිළියන් රැසක් මෙම කතා මලාව සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා. කතාමලාව අධ්යක්ෂණය කර ඇත්තේ George K Antoney විසින්.

Story of Things (Sony Liv) Cast & Crew, Release Date, Actors, Wiki & More

” පාපයේ බර ” WEIGHING SCALE දේවල් වලින් 01 වෙනි දේ…!

කතාව ගැන කිව්වොත් රාම් කියන්නෙ දමිළ සිනමාවේ කවුරුත් දන්න “තල” එහෙමත් නැත්තම් “ලොක්කා” කියන නමින් හඳුන්වන අජිත් කුමාර් වගේ චිත්‍රපට වීරයෙක් නැත්තම් , චිත්‍රපට නළුවෙක් වෙන්න දැඩි අසාවක් තියෙන කොල්ලෙක්. ඉතිං මෙයාගෙ එකම අරමුණ තමයි ඉහළ පෙලේ චිත්‍රපටයකට “රංගනයෙන් දායක වෙනවා” කියන එක. තව මෙයාට ඉන්නවා යාළුවෙක් “ටයිට” යාළු කමට එහෙම කව්වට ඇත්ත නම ටයිටස්. ටයිටසුත් රාම් වගේම චිත්‍රපට වලට රංගනයෙන් දායක වෙන්න අසා කරන කෙනෙක්. මෙයාලට එක දවසක් අවස්ථාවක් හම්බවෙනවා ඔඩිශන් එකකට යන්න එයාලගෙ හැකියාවන් පෙන්වන්න.. මේ ඔඩිශන් එකෙන් රාම් තේරෙයිද..? ටයිටස් තේරෙයිද..? මෙයාලට මේ ඔඩිශන් එකට යන්න පුළුවන් වෙයිද..? එහෙනම් අද බලමු අපි “කිරුම් පරිමාණය” පිලිබඳ කතාව මොනවගේ වේවිද කියලා 😈★

” අත්නොහැරි ආදරය ” CELLULAR දේවල් වලින් 02 වෙනි දේ…!

කතාව ගැන කිව්වොත් පිටිසර ගම්මානයක ජීවත් වෙන කෙල්ලෙක් තමයි වන්නමයිල් කියන්නෙ.. මෙයාගෙ කෙටි නම තමයි “වී.එම්”. කුඩා කාලයේ ඉදලා තාත්තා අහිමි වුන වී.එම් ගෙ අම්මා දෙවනි කසාඳයක් කර ගන්න ලෑස්ති වෙනවා. මනමාලයා කකා කරන්න කියලා වාසනාවේ දිනුම් ඇදුමකින් හම්බුන ෆොන් එකකුත් වී.එම් ගෙ අම්මට තෑගි දෙනවා. හැබැයි පුංචි වී.එම් මේ විවාහෙට කැමති නෑ. ” මම මේකට කැමති නෑ” පුංචි වී.එම් කියද්දි ” හරි මාත් කැමති නෑ මට කව්ද ඉන්නෙ ” කියලා අම්මා අහනවා. ” අම්මට මම ඉන්නවා” කියලා පුංචි වී.එම් කියනවා. කලේ ගෙවිලා යනවා ඉදිරියේදී මොකක් වෙයිද..? වී.එම් ගෙ අම්මා දෙවනි කසාදයක් කර ගත්තද..? වී.එම් තනි වුනාද..? වී.එම් හා මේ අම්මා පැටලුන ජාලය මොකක්ද…? ඒ ගැන දැනගන්න නම් අනිවාර්යයෙන්ම නරඹන්න 😈★

” AC එකද , නිවාඩුවද ” COMPRESSOR දේවල් වලින් 03 වෙනි දේ…!

කතාව ගැන කිව්වොත් රඝූ කියන්නෙ චිත්‍රපට රූගත කරන තැතක වැඩ කරන කෙනෙක්. හැබැයි මනුස්සයත් එක එක කතා ලියන්න අසා කරන කෙනෙක්. ශ්‍රැති ගේ රස්සාව නම් රඝුගේ රස්සාව වගේ නෙවෙයි ඒක ස්තීර රැකියාවක්.. දවසක් රඝූ සල්ලි වගයක් අරගෙන ඇව්ල්ලා ශ්‍රැති ගෙන් අහනවා ” AC (සම්පීඩකයක්) එකක් ඕනද..? ” නිවාඩුවකට යනවද..? ” කියලා ඇත්තටම ශ්‍රැති මේ දෙකෙන් මොකක් තෝර ගනියිද…? ඔයාලා මේ තැන හිටියා නම් ඔයාලා ගන්න තීරණේ මොකක්ද…? මෙි තීරණය කොයි තාක් දුරට දේවල් සම්පීඩනය කරයිද..? ඒ ගැන දැනගන්න නම් අනිවාර්යයෙන්ම බලන්න 😈★

” කාර් එකේ කතන්දරේ ” CAR දේවල් වලින් 04 වෙනි දේ…!

කතාව ගැන කිව්වොත් බිට්‍රෝ යි එයාගෙ යාළුවා බාබු යි ගෙදරක් හොයගෙන එනවා. ඒ එන්නෙ ගෙදර හොයාගෙන නෙවෙයි ඒ ගෙදර තියෙන වි⁣ශේෂ දෙයක් හොයගෙන.. ඒ කාර් 🚗 එකක්. කාර් එකක් කිව්වට මේක අලුත්ම කාර් එකක් නෙවෙයි පරණ කාර් එකක්. හැබැයි මේක “ඕල්ඩ් ඊස් ගෝල්ඩ්” සීන් එක්කුත් නෙවෙයි. මෙික “ඕල්ඩ් ඊස් මෙමරි” සීන් එකක්. මේ ගන්න යන කාර් එකේ ලොකු අතීත කතාවක් සැඟවිලා තියෙනවා. ඉතිං මොකක්ද මේ කතාව…? ඒ ගැන දැනගන්න නම් “කාර් එකේ කතන්දරේ” අනිවාර්යයෙන්ම නරඹන්න 😈★

“පින්තාරු කල ප්රතිරූපය” MIRROR දේවල් වලින් 05 වෙනි දේ…!

කතාව ගැන කිව්වොත් තමන්ගෙ පරණ මතක අමතක කරන්න අලුතෙන් ගෙදරක් හොයාගෙන එන කොල්ලෙක් තමයි ⁣සේතු කියන්නෙ.. ඉතිං සේතු ගෙදර බලන්න එළියට වෙලා ඉදලා ඔන්න ටික වෙලාවක් ගිහින් කෙනෙක් එනවා ගෙදර පේනන්න එක්කන් යන්න.. මෙි ගෙදර 90 දශකයේ ගෙදරක්.. තරප්පු පේළියත් නැගලා උඩ තට්ටුවට ගිය සේතුට එතන කාමරේට තමයි හිත යන්නෙ.. මෙික පරණ ඇන්ටික් බඩු වලින් පිරිච්ච කාමරයක්.. මෙි කමරෙන් තමයි අපේ ප්‍රතිභිම්බයේ කතාව පටන් ගන්නෙ.. මොකක් ගැනද මෙි කියන්නේ ඒ ගැන දැනගන්න නම් අනිවාර්යයෙන්ම නරඹන්න 😈★

ඉතිං ඔක්කොම එක හුස්මට බලාගෙන යන්න 😉 සම්පූර්ණ කතාමාලාවට කාටත් කලින් උපසිරැසි ගෙනල්ලා තියෙනවා. දෙවනි සීසන් එකක් ආවොත් ඉදිරි කතාමාලාවෙන් මුණගැහෙමු. දේවල් මොන වගේද කියලා දැන ගන්න ” දේවල් පිළිබඳ කතාවේ හැමදේම ” අනිවාර්යයෙන්ම නරඹන්න 😈★ යලි උපසිරැසියකින හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්. (SK)༆

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශේන් කෙවින් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශේන් කෙවින්

April 16, 2022


41
Total Subtitles

2 comments

  1. සබ්ටයිටල් එකට බොහොම ස්තූතියි 👍👍👍

  2. බොහොම ස්තූතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login