The title of the page
Stay Close Sinhala Subtitles
Stay Close Sinhala Subtitles
6.9
92
83

Stay Close (2021) S01E06 Sinhala Subtitles | “ළඟින්ම සිටින්න..” | සිංහල උපසිරැසි සමඟ

(Stay Close (2021) S01E06 Sinhala Subtitles) (Stay Close Sinhala Subtitles) (Stay Close S01 Sinhala Subtitles)

සුබ දවසක් හැමෝටම!!!!

ඉතින් මම අද ෆිල්ම් එකකට නැතුව සිරියස් එකකටම සබ් එක ගේන්න හිතුවා.මුලින්ම කියන්න ඕන මම මේක ගහන්න අංජුල අයියගෙන් ඉල්ලගත්තේ ගිය අවුරුද්දේ ජුලි මාසේ. ඉතින් මට තිබ්බ වැඩත් එක්ක මේකට පොඩි කාලයක් ගියා.පලවෙනි සිරියස් එක නිසා පොඩි පොඩි අවුල් ඇති වැඩිය ගනන් ගන්න එපා හරිතේ 🌚.එහෙනන් වැඩි කතා නැතුව සිරියස් එක ගැන බලමු.මේක රිලිස් උනේ 2021 දෙසැම්බර් 31 වෙනිදා..

මේකේ නම තමා Stay Close (ළඟින්ම සිටින්න).මේක කතාව ලියලා තියෙන්නේ Harlan Coben.මේක Crime/Drama/Mystery-Thriller ගනවලට තමා වැටෙන්නේ.රගපාන නලු නිලියක් විදියට..

:- Cush Jumbo මේගන් පියර්ස් විදියටත්

:- Richard Armitage රේ ලෙවින් විදියටත්

:- Daniel Francis ඩේව් ශෝ විදියටත්

:- Bethany Antonia කෙයිලි ශෝ විදියටත්

:- Sarah Parish ලොරින් ග්රිග්ස් විදියටත්

:- James Nesbitt DC මයිකල් බෘම් විදියටත්

:- Jo Joyner DC එරින් කාට්රයිට් විදියටත්

යන චරිත මේකේ ප්රධාන චරිතයන් විදියට රංගනයෙන් දායක වෙනවා. මේක එපිසෝඩ් 8කින් සමන්විත මිනි සිරියස් එකක්

කතාව පැත්තට ගියොත් මේගන් සහ ඩේව් කියන්නේ කසාදේ කල් දදා ජිවත් වෙන කපල් එකක් කසාදේ කල් ගියාට ලමයි තුන් දෙනෙක් ඉන්නවා 👉👈.මේ මේගන් දවසක පාටියකට (ස්ටැග් නයිට් එකකට – බදින්න කලින් කෙල්ලො විතරක් ගන්න පාටි එකක්) එලියට ගිහිල්ලා ගෙදර එද්දි ඉස්සරහ දොර ගාව බෝතලෙක හේත්තු කරල ලියුමක් තියල තියෙනව.ඒ ලියුමේ කවරේ Cassie කියල ලියලා තියනව ඇරල බලද්දි නිකන් හිස් කාඩ් එකක් හම්බෙනවා.ඔතනින් තමා කතාව පටන්ගන්නේ…..

ටිකක් බලන් යද්දි හිතෙයි මේක පවුලක කතාවක්නේ කියල තව ටිකක් බලද්දි හිතෙයි සිරියල් කිලර් කෙනෙක්වත්දෝ කියල.කෝමහරි අන්තිමේට බලාන යද්දි තේරෙයි හිතාන හිටිය විදියට නෙවේ නේද වෙන්නේ කියලා…

අනික් ටික සිරියස් එක බලලම තේරුම් ගන්නකෝ එහෙනන්…

හැමෝටම එහෙනම් ජයෙන් ජය!!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කවිදු දුල්ශාන් ( L U Z I ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
කවිදු දුල්ශාන් ( L U Z I )

October 12, 2021


17
Total Subtitles

One comment

  1. Netflix පිස්සා

    තද තද බ්රෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login