Spy X Family (2025) S03 E07 Sinhala Subtitles
Spy X Family (2025) S03 E07 Sinhala Subtitles
8.2
90

Spy X Family (2025) S03 E07 Sinhala Subtitles | “පැහැරගැනීමේ සිද්ධිය” | සිංහල උපසිරැසි සමඟ (18+)

ඇනිමෙ රසිකයන් අතරේ වඩාත් ජනප්‍රිය ඇනිමෙ කතා මාලාවක් වෙන ත්‍රාසය, ක්‍රියාදාමය, විනෝදය එකට කැටි වුනු Spy x Family Season 3 හි 7 වන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ.

මනෝ චිකිත්සකයෙක් විදිහට රැකියාව කරන ටුවිලයිට් හෙවත් ලොයිඩ් ෆෝජර්ගේ සහායිකාවක් වෙන නයිට්ෆෝල් හෙවත් ෆියෝනා වැඩ කරන්නෙත් ලොයිඩ් වැඩ කරන රෝහලේමයි. ලොයිඩ්ට තරහින් කෙනෙක් ඉන්නව බව මේ ෆියෝනට පේනවා. ඒ තමයි රෝහලේ දෙපාර්තමේන්තු ප්‍රධානියා. ලොයිඩ්ගේ ජනප්‍රියත්වය නිසා ලොයිඩ් ඔත්තුකාරයෙක් බවට අඟවල උගුලක් අටවලා ලොයිඩ්ව රෝහලෙන් එලවන්න මේ ප්‍රධානියා සැලසුම් කරනවා. ඒත් ලොයිඩ්ගේ සහ ෆියෝනගේ උපායක් නිසා මේ උගුල ආපස්සට ඒ ප්‍රධානියටම හරවන්න පුලුවන් වෙනවා. ඒකෙන් මේ ප්‍රධානියා මට්ටු උනු බවක් පෙනුනු නිසා එයාම ආයෙත් ලොයිඩ් එක්ක හොඳ හිතක් හදාගන්නවා.

ඒ අතරේ ඊඩ්න් පාසලේ ආන්යාගේ පන්තිය සහ තවත් පන්තියක් ක්ෂේත්‍ර චාරිකාවක් යනවා. හැබැයි ඒ ගමන යන අතරෙදි එක්තරා කණ්ඩායමක් මෙයාලා යන බස් රථ පැහැරගන්නවා එයාලත් එක්කම. ඒ ත්‍රස්තවාදීන්ගේ හැඩරුවක් තමයි පේන්න තියෙන්නෙ. ඒ පැහැරගත්තු අය කවුද? එයාලා බස් රථ පැහැරගත්තෙ ඇයි? මේකට කොටු උනු ආන්යා මොකක් කරාවිද? නරඹන්න මේ කොටස.

සුපුරුදු විදිහටම මේක ත්‍රාසය, විනෝදය එකට අරන් එන කතාවක් වේවි. එහෙනම් නරඹන්න පටන් ගන්න මේ Spy x Family Season 3. උපසිරැසි ගැන ඔයාලගෙ අදහස් කියගෙන යන්නත් අමතක කරන්න එපා. ඉදිරි කොටස් වලින් හමුවෙමු.

Episode Name : The Red Circus
Released Date : 2025.11.15
IMDB Rating : 8.4

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


69
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login